අංගුත්තර නිකායේ අට්ටක වග්ගයේ අනුරුද්ධ සුත්‍රයේ දී චේතිය ගමේ කෙලෙස් තවමින් වැඩ 
සිටි අනුරුද්ධ මහ තෙරුන් වහන්සේට තමන් වහන්සේගේ විවේකී මනසට අරමුණු වූ මහා පුරුෂ 
විතක්ක හතකි. මෙසේ කල්පනා කරන අනුරුද්ධ තෙරුන්ගේ මෙම සිතුවිල්ල මේ වන විට සුන්සුමන 
ගිරි ප්‍රදේශයේ හේසකාල වනයේ වැඩ සිටි තථාගතයන් වහන්සේගේ උතුම් බුදු නුවනට දැක 
ගන්නට ලැබුණි. එවෙලේ මහා පුරුෂයෙක් වක් කල අතක් දිග
 හරින පරිද්දෙන් නොහොත් දිග හැරිය අතක් වක් කරන වේගයෙන් එර්දි බලයෙන් අනුරුද්ධ 
තෙරුන් හමුවේ පෙනී සිට, එම පහලවූ විතක්ක ඉතාමත් නිවැරදි බවත් ඊට තවත් එක් කරුණක් 
එක් විය යුතු බවත් පවසා, එම කරුණ සහ කලින් හත සමග කරුණු අටක් ලෙස දේශනා කර ආපසු 
වැඩි සේක. පසුව භික්ෂුන් වහන්සේලා රැස්කර ඔව්න් අමතා මෙය බුද්ධ දේශනාවක් ලෙස වදාල 
සේක. එනම්, මේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රයෝජන ගත හැකි වන්නේ
 මෙම මහා පුරුෂ විතක්ක අනුව කල් ගත කරන උතුමන්ටය. එම උතුම් විතක්ක නම්,
1. මහේච්චතාවය ඉවත ලා අල්පේච්ඡතාවය  අනුව ජීවත් වීම. (අසාවන් අඩුවීම අල්පේච්ඡතවයි. 
නමුත් තම අඩුවෙන් ආහාර ගැනීම, අඩුවෙන් ඇදුම් ඇදීම ආදිය හුවා දැක්වීමත් මහේච්චතාවයි)
2. ලද දෙයින් සතුටු වීම. (කර්මානු රුපීව තමන්ට ලැබී ඇති ශරීරය, ඇදුම්, ආහාර, නිවාස 
ආදියෙන් සතුටු වීමයි)
3. හුදෙකලාව වාසය කෙරීම, පිරිසෙන් ඈත් වී ජීවත් වීම. (පිරිස සමග වාසය කෙරීමෙන් 
කෙලෙස් වැඩෙන කථා කිරීමට හා ඇසීමට ලැබීම ආදියෙන් නිවන් මග දුරස් වේ)
4. ආරම්භක වීර්යයෙන් යුතු වීම. (කුසීත කම ඇත්තවුන් තමාට මානය, ද්වේශය, රාගය මෝහය 
ආදිය ඇතිවූ විට ඒ පිලිබඳ සිහිය නොපිහිටා සිටී. නමුත් වීර්ය ඇත්තා ඇතිවන ඇතිවන 
අරමුණු ගැන සිහිය පිහිටුවා දකී)
5. යෝනිසෝමනසිකාරයෙන් යුක්ත වීම. (සිහියෙන් යුක්ත වීම. සතර සතිපට්ඨානයෙන් යුතුව 
සතර ඉරියව්වෙන් පිළිබඳව එළඹ සිටි සිහියෙන් යුතුව විසීම. අතීත, අනාගත අරමුණු ඉවත් 
කර විසීම)
6. සමාහිත (තැම්පත්) හිතක් ඇතිව වාසය කිරීම. (ධ්‍යාන මට්ටමට සිත දියුණු කිරීමට 
නිතරම සමාහිත සිතක උවමනාව ඉතා වැදගත්ය. )
7. ප්‍රන්ඥවන්තව ජීවත් වන අයට මිස අනුවනයන්ට නොවන බව. (නුවන ඇත්තවුන් යම් කරුණක් 
අසු පමණින් ඒ පිළිබඳව නුවන මෙහෙයවා එහි හරි වැරැද්ද සොයා දැන ගනී. අවබෝධ කර ගනී)
8. ප්‍රපංච රහිත බවට (නිශ්ප්‍රපන්ච) ඇලුණු අයට. (ප්‍රපංච - කෙලෙස් ඇතිවන අරමුණු 
කෙරෙහි ඇලෙමින් ඒ කෙරෙහිම සිතමින් විසීම) 

මෙසේ උතුම් මහා පුරුෂ විතක්ක ආශ්‍රය කරමින් කෙලෙස් තවන යෝගාවචර උතුමන් තුල ඇතිවන 
සමාධිය තුලින් පළමු ධ්‍යාන, දුතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී ධ්‍යාන 
ලබා ගැනීමට විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, උපේක්ක්ෂා ධ්‍යානාංග වැඩෙන බව ධර්මයේ 
සදහන් වේ. 

ඔබ ආහාර ගන්නා විට ඒ පිළිබදව අසාවෙන් තොරව, අකුසලයෙන් තොරව එය කල යුතුය.

මෙසේ මෙම මහා පුරුෂ විතක්ක ඇසුරු කරමින් කෙලෙස් තවන ලද අනුරුද්ධ මහා තෙරුන් ඉතා 
සුළු කාලයකදී අරිහත් ඵලය ලබා බුදු රදුන් අබියසට පැමිණ තැන ලත් මහා ඥාන පිළිබඳව 
වදාරා සිටි බවත්. ඒ අතර පුබ්බේ නිවසානුස්මෘති ඥානය, චුතුපපාත ඥානය, ආසවක්කය ඥානය 
ලබා ගත බව ධර්මයේ සදහන් වේ.

සාදු ! සාදු !! සාදු !!!

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to