හොඳයි කියා උඩ පනින ශනි මාරුවෙන්
නිර්මාණය වන්නේ ලොව
ලොකුම විනාශයයි

නාත්තන්ඩියේ පී. ඩී.
පෙරේරා

පෘථිවිය මෙන් නව
ගුණයක්‌ විශාල විශ්කම්භයක්‌ කිලෝමීටර් 1,20,536කින් යුත්
හෙමින් ගමනක යෙදෙන දුකට අධිපති යෑයි විරුදාවලිය ලත් සෙනසුරු ග්‍රහයා නොවැම්බර් 
15වැනි අඟහරුවාදා
උදේ 9.26ට සිකුරුට අයත් තුලා රාශියට පැමිණ උච්චභාවයට පත්වේ.

වැඩිම කාලයක්‌ එකම
රාශියක හෙමින් ගමනක්‌ ඇති නිසා ශනිගේ කිරණ පෘථිවියට හා ජීවීන්ට තදින් දැනෙන බැවින්
සෙනසුරු ගැන කතා නොකර අන් කිසිවක්‌ නොකළ හැක්‌කේ දුක මැද පමණක්‌ නොව සැප මැදත් දුක
ඇති කරන ග්‍රහයා බැවිනි.

කුම්භ ලග්න ලංකා
කේන්ද්‍රයේ නව වැන්නට ශනි පැමිණෙන්නේ ලග්නාධිපති වශයෙනි. මේ හේතුව නිසා වටිනා
මැණික්‌ හමුවන අතර තෙල් ගෑස්‌ සම්පත් රටට ඵලදායී වේවි. සංචාරක ව්‍යාපාරය ආදායම්
අතින් පමණක්‌ යහපත්වීමක්‌ පෙන්වයි. මිනිරන් කර්මාන්තයේ යළි පිබිදීමක්‌ ඇතිවේ.
වගාවට මිනිසුන්ගේ උනන්දුව වැඩි වන්නේ වගාව අවශ්‍ය නිසා නොව ආහාර හිඟවන බැවිනි. නව
වැන්නට පැමිණි ශනි දොළොස්‌වැන්න අධිපති නිසා මහජන උද්ඝෝෂණ ඇතිවේ. මැති ඇමැතීන් අතර
තියුණු මතබේද ඇතිවේ. මැති සබයේ දැන් පවතින ශක්‌තිය විශාල වශයෙන් දුර්වල වී නිසි
කලට පළමු මැතිවරණයක්‌ ඇතිවේ. ශනි තුලාවේ ගමන්ගන්නා 2011නොවැම්බර් 2014නොවැම්බර් අතර
කාලය පෙරළිකාර යුගයක්‌ වනවා ඇත. හොඳ හොඳ සෙල්ලම් එළිවන යාමෙට දැකගත හැක.

මේෂ ලග්න ලෝකායතන
කේන්ද්‍රයේ සත්වැන්නට ශනි පැමිණ නීච මේෂ රාශිය දකී. මැදපෙරදිග ගිනි ජාලයට තෙල් වත්
කරන යුගයක්‌ උදාවේ. බටහිර රටවල උපාය මාර්ග තමන්ටම පාරාවළලු බවට පත්වන වකවානුවකි.
ඇමරිකා, ප්‍රංශ ජනාධිපතිවරු එළියට වීසිවන වකවානුවකි. රුසියාව, චීනය එකමුතුව
කටයුතු කරන ශක්‌තියක්‌ ඇතිවේ. එ.ජා. සංවිධානය නොසලකාහරින තත්ත්වයකට පත්වේ. 
ස්‌වභාවධර්මය
බිලියන හත ආපස්‌සට ගන්නා ක්‍රියාදාමවලට යොමුවේ. අමුතුම මාදිලියේ බෝවන රෝග ඇතිවේ.

භූ චලන, ගිනිකඳු පිපිරීම්, මුහුද ගොඩ ගැලීම්
බහුල වේවි. ඉන්දුනීසියාව, මෙක්‌සිකෝව විශාල ස්‌වාභාවික විපත්වලට
ගොදුරුවේ. හොඳය කියා උඩ පැන්නත් ලොකුම විනාශය මෙවර ශනි මාරුව සමග නිර්මාණය වන
බැවින් ඉදිරිය සතුටු විය හැකි එකක්‌ නොවේ. දැන් වෘශ්චිකයේ යන රාහු තුලාවට පැමිණ
ශනිගේ අංශකයට අවතීර්ණ වන දවස ලෝකයට මහත් විපත්ති කර වේවි. ආගම ලේබලයක්‌ කර නොගන්නා
අයට ගැලවීමක්‌ ඇතිවේවි. එය විස¹ගැනීම ඔබට භාර කරමි.

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to