*2012 දී ලෝක විනාශයක්???* * * * * ලෝක විනාශය අත ළඟ ද? මෙය අද ලොව පුරා සාකච්ඡා වන කරුණකි. විශේෂයෙන් ම අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධයෙන් පළ වී ඇති ඇතැම් මත නිසා බොහෝ දෙනා බියට පත්වීම ද ස්වභාවික ය. පසුගිය වසරේ නොවැම්බර් මස තිරගත වීම ආරම්භ කළ 2012 නමැති ඉංගී්රසි චිත්‍රපටය මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. රෝලන්ඩ් එමෙරිච් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2012 නමැති හොලිවුඩ් චිත්‍රපටයට පදනම් වී ඇත්තේ ඉපැරැණි මායා ශිෂ්ටාචාරයේ දින දර්ශනයක් මඟින් පැවැසේ යැයි අනුමාන කැරෙන අනාවැකියකි.
ලෝක විනාශය පිළිබඳ අනාවැකිය නිසා බියට පත් වී සිටින ජනතාවට යෝජනා කැරෙන විසැඳුම් ද බටහිර වාණිජවාදී ආකෘතියේ ම දිගුවක් බව පැහැදිලි ය. ලෝක විනාශයෙන් ගැලවීම සඳහා අවශ්‍ය උපදෙස් හා ජීවිතාරක්ෂක උපකරණ මිල දී ගැනීමට පොළඹවන ප්රචාරක ව්‍යාපාර එයට කදිම නිදසුනකි. ඇතැම් අන්තවාදී ආගමික ප්රචාරයන්ට සමාන මේ වාණිජවාදී සංස්කෘතිය ද හඳුනා ගැනීම වැදගත් යැයි සිතමු. සැබවින් ම ලෝක විනාශයෙන් සිදු වන්නේ නම් අප කළ යුත්තේ කුමක් ද? දේව නිර්මාණවාදී ආගම් අදහන අය මෙය දෙවියන් වහන්සේ ගේ කැමැත්ත ලෙස දැක නිහඬ වනු ඇත. එහෙත් සියලු දේ නැසෙන සුලු යැයි ද ලෝකයේ පැවැත්ම පංච නියාමයන්ට අනුව සිදුවන බව ද දන්නා බෞද්ධයන් ඊට කම්පා විය යුතු නැත.මේ ලෝක විනාශය සැබෑවක් වූව ද අටලෝ දහම අනුව මෙය ට මුහුණ දීම හැර වෙනත් මඟක් අපට නැත. *පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි ;* *2012 විනාශයෙන් මිදීමට නම්* වර්තමානයේ කතාබහට ලක්ව ඇති මාතෘකා අතර ජනපි‍්‍රයම මාතෘකාව බවට පත්ව ඇත්තේ වසර 2012 දෙසැම්බර් 21 වන දින සිදුවෙතැයි පවසන ලෝකය විනාශ වේ යැයි යන කරුණය. පසුගිය කාලය තුළ ලොව ප්‍රකට විවිධ පුවත්පත් සඟරා අන්තර්ජාල පුවත් ආදියෙහි විවිධ අදහස් මේ පිළිබඳ පළ විය. මෙම මාතෘකාවෙහි උණුසුම දැන් ලංකාව වැනි රටවලටද දැනෙමින් පවතින නිසා,, ඒ පිළිබඳ ධර්මානුකූල විමර්ශනයක් ගෙන ඒම, කාලෝචිතය. වර්තමානයේ මිනිසාගේ භෞතික දියුණුවත් සමග ස්වභාව ධර්මයට පටහැනිව මිනිසා කටයුතු කරමින් සිටියි. මිනිසා විසින් ලෝකයට කෙරෙන මෙම හිරිහැරය ස්වභාව ධර්මය විසින්ම පාලනය කිරීමට කිසියම් අවස්ථාවක ඉදිරිපත් වනු ඇත. මෙහිදී සිදුවන්නේ ස්වභාව ධර්මය විසින්ම මිනිසාට දඬුවම් කිරීම ය. එහිදී ස්වභාව ධර්මය විසින් ලබා දෙන දඩුවම සිතාගත නොහැකි තරම් සංකීර්ණ විය හැකිය. එම නිසා ලෝක විනාශය 2012 වුවත් නැතත් මිනිසා ධර්මානුකූල නොවුවහොත් අප නොසිතන කුමන හෝ අවස්ථාවක මිනිස් ප්‍රජාවගේම අවසානය වැඩිකල් නොගොස් සිදු විය හැකි බව සිහිකට යුතුය. මතුගම මහින්ද විජේතිලක මහතා ලියූ *‘*බළන්ගොඩ මහා නාහිමි සබැදි කථා” නමැති *පොතෙන් “2012 විනාශයෙන් මිදීමට නම්”*යන මාතෘකාව යටතේ පලවූ ලිපියෙන් පිටපත් කර ගත් *අංක.25 සිට 30 දක්වා **පිටු කීපය** කියවීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න. * * * *ලෝක විනාශය**: * https://docs.google.com/viewer?url=http://www.dhammikaweb.com/wp-content/uploads/2010/11/2012_loka_Vinashaya.pdf&embedded=true *2012 **විනාශයෙන් මිදීමට නම්: * https://docs.google.com/viewer?url=http://www.dhammikaweb.com/wp-content/uploads/2010/10/2011_Vinashaya.pdf&embedded=true -- තෙරුවන් සරණයි ! ඉරෝමි. -- තෙරුවන් සරණයි ! ඉරෝමි. -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
