මනෝකාය
අපේ භෞතික ශරිරය තුල ඊට සමාන්තරව පවතින අද්රෂ්යමාන සියුම් සිරුරක්
මරණයෙන් පසු පවා ක්රියාත්මක වන බවත්, අපේ මාංශයමය සිරුරට හේතු වූ හෞතික සහ
මානසික ශක්තිය මත ක්රියාත්මක මේ සිරුර අපේ ශක්ති ශරිරය ලෙස හැඳින්විය
යුතු බවත් , අධිමානසික විද්යාවෙහි පිළිගැනේ. ඈත අතීතයේ සිටම
ශුද්ධවන්තයන්ගේ හා මුනිවරයන්ගේ හිස සහ සිරුර වටා සලකුණු කළ ප්රභා මණඩලය
මෙවැනි ශක්ති ශරිරයක සේයාව විය හැකිය.
මෙවැනි ශරිරයක් ගැන බුද්ධ දේශනාවෙහි සඳහන් වන බවත් ඇතැම් සූත්ර දේශනාවල
දැක්වෙන මනෝකාය අපේ මේ ද්විතීයක ශරිරයම බවත් විමර්ශකයෝ කියති. මෙතෙක්
ප්රචලිත නොවූ නිසා අවශ්ය පමණ අවධානය නොලැබූ මනෝකාය ගැන සාමඥ්ඥඵල
සූත්රෙයහි සඳහන් වෙයි.
සාමඤ්ඤ ඵල සූත්රය - link1 link2
පුරුෂයෙකු මුදු තණ ගසකින් තණ බඩයක් ඇද මෑත් කරන්නා සේද, කොපුවකින් කඩවුක්
ඇද මෑත් කරන්නා සේද කරඬුවකින් සර්පයෙකු ඇද මෑත් කරන්නා සේද යෝගාවචරයා තම
සිරුරෙන් වෙනත් සිරුරක් එළියට ගන්නා බව සාමඤ්ඤ සූත්රයෙහි දැක්වේ. මේ හා
සමාන විස්තරයක් මහා සකුළුදායී සූත්ර යෙහිද දැක්වේ.
සකුළුදායී සූත්රය - link1 link2
මෙහි සිරුරට යොදා ඇති විශේෂන සියල්ල සූත්රය තරම් වැදගත් කමකින් යුතුය.
රූපවත් වූ මනෝමය වූ සියලු අංග ප්රත්යංග සහිත වූ හීන නොවූ ඉන්ද්රියෙන්
ඇත්තාවූ යන විශේෂණ සහිතවූ එලියට ගන්නා සිරුර මාංශමය සිරුර තුළම සැඟවි
තිබුණු එකකි.
පොට්ඨපාද සූත්රය - link1 link2
පොට්ඨපාද සූත්ර යෙහි ප්රහාණය කිරීමට නිර්දේශිත රූප මනෝමය අත්ත පටිලාභය හා මෙකී
එලියට අදින සිරරුද එක සමානය.
අග්ගඤ්ඤ සූත්රය - link1 link2
විවෘත වන හෙවත් විවට්ටමාන කාලයේදී ලොව පහළ වන සත්වයන් ද මනෝකායික සත්වයන්
බව අග්ගඤ්ඤ සූත්රයෙහි සඳහන් වෙයි. පුනර්ජන්මය සිදු විමේදි පැමිණිය යුතු
යැයි සඳහන් ගන්ධබ්බයාගේ සම්භාවයද බොහෝ දුරට මනෝකායට සමානය
සූත්ර දේශනා වල බොහෝ තැන්හි සඳහන් අන්තරාභවිකයා ද මේ මනෝකාය ඇත්තෙකු බව පෙනේ.
පටිච්චසමුප්පාද අංග අතර සුපතළ උපාදාන පච්චයා භදෝ
යන අංගයන් මනෝ කාය යැයි කිව යුතු අන්තාරාබවය ද, එම භවයෙන් උප්පතිය භවය නම්
වූ ජාති අංගයද ලෙසද ගත යුතු යැයි මේවායේ පැටලිලි තේරුම් කිරිමේදී ඇතැම්
විමර්ශකයක් විසින් පෙන්වා දී තිබේ.
ඉද්ධිවිධ අභිඤ්ඤා වේදි භාවිත වන්නේද මනෝකායේ මානසික නිර්මාණයක් බව පෙනේ.
මනෝ ලෝකයේ සැරිසැරිමට අපිට මේ දැනුත් හැකිය. භාවනානුයෝගියාගේ භාවිත සිත
කැමති රූප නිර්මාණයට යෙදවිමේ අභිඤ්ඤාන ශක්තිය සහිත සිතකි. මනෝමය කයක් මවන
වෙනත් භික්ෂුන්, සමාන ශරිර කිහිපයක් මවද්දි චුල්ල පන්ථක හිමියන් නොයෙක් වැඩ
වල යෙදුණු ශ්රමණයන් දහසක් මනෝකායෙන් මැවි යැයි මනෝරඡ පූරණි නම්වූ හෙළ
අටුවාවේ සඳහන් වේ. බුද්ධ දේශනාවේත් අටුවාවලත් බෙහෙවින් සඳහන් මනෝකාය නූතන
අධීමානසික විද්යාවේ කියන ශක්ති ශරිරයම බව පැහැදිලිය.
එහෙත් බැලු බැල්මට ආත්මයක් හෝ ඊට සමාන ගතියක් ලෙස මනෝකාය නොගත යුතුයි.
මානසික ධර්මතා භෞතික ධර්මතාවලින් වඩා වේගයෙන් වෙනස් වන බව බුද්ධ දේශනාවයි.
මනෝකාය එය දරන සත්වයා සේම අනිත්යයය. දුකය අනාත්මය. බුදු දහමෙහි මනස
විග්රහ වන්නෙත් සත්වයා තුළ ක්රියාත්මක කය තුල ක්රියාත්මක මනෝමය කයක්
දකින්නෙත් ආත්ම පදාර්ථය පිළනොගන්නා නිසාය. අන්තරා භවය පිළිගැනිමටත් මනෝකාය
පිළි ගැනිමටත් බොහෝ බෞද්ධයන් බිය වන්නේ ආත්මවාදයට බියෙනි. එහෙත් දැන් අප
අනිත්ය නම් අනිත්ය අන්තරා භවිතයෙකු හෝ අනිත්ය මනෝ කායිකයෙකු පිළිගැනිමට
බිය විය යුතු නොව්.
මනුෂ්ය ශරිරය තුළ පමණක් නොව ගස්වැල් ප්රාණීන් තුල පවා සැඟවුණු ද්විතියික
පැවැත්මක් රුසියානුවෙකු සොයා ගත් කිර්ලියන් ඡායාරූපවලින් සනාථ වේ.
කිර්ලියන් ඡායාරූප අනුව භෞතික ශරිරයේ අත කැපූ ද මනෝකාය අත සහිතව පෙනිසිටි.
යම් තැනැත්තෙකු මිය ගිය පසු එම වයසේ එම සමරූපකායෙන්ම පෙනි සිටින භූතාත්මය
යනු මිය ගිය තැනැත්තාගේ මනෝකායමය. උපාදාන පච්චයා භවෝ යන පටිච්ච සමුප්පාද දේශනාවේ
භාවය යනු අන්තරාභවය යනුවෙන්ද තේරුම් කල හැකි යයි මෙහි කලින් සඳහන් විය.
අපේ මරණයෙන් පසු පවතින මනෝකාය අපේ අන්තරාභවයයි. අන්තරා භවය උපතක් නොවේ.
අන්තරා භවයේ සිටින්නේ මිය යද්දි සිටි සත්වයාමය මේ අතුරු අවස්ථාවය සැබෑ
පුර්වජන්මය සොයා ගැනිමේ සත්ය අවස්ථාවකි.ථේරවාදය තුළ තිබූ බොරු ආත්මවාදි
භයනිසා මේවා මෙතෙක් සැඟවි තිබුණු බව කිව යුතුය. මහාචාර්යය ඉයන් ස්ටිවන්ස්
සහ මහාචාර්යය රේමන්ඩ් ඒ මූඩි යන අධී මානසික විද්යාඥ්ඥයන් දෙදෙනා විසින්
කරන ලද මරණාසන්න අත්දැකිම් පිළිබඳ පර්යේෂන අනුව හදිසි අනතුරු සහ බරපතල
ශල්යකර්මවලදි පුද්ගලයා තාවකාලක මරණයකට පත්වෙද්දි මනෝකාය ඊට අයිති කරජකාය
හෙවත් දේහය දෙස අහසේ සිට බලා සිටි අයුරු පිළිබඳ රසවත් තොරතුරු දැන්
අනාවරණයවි තිබේ. අප දැන් ගෙවන අනිත්ය සහ අනාත්ම ජිවිතයේම මරණින් එහා
සැඟවුනු කොටස දැන් තිර ගත වේ. මරණින් පසු එන නිසා පමණක් මෙය නිත්ය ආත්මයක
රංගනයක් කර නොගත යුතුය. මේ වනාහී වර්තමාන රංගනයේම තවත් කොටසක් මිස අලුත්
කිසිවක් නොවේ. මෙතනදි අප ගෙවන්නේ දෙවියන් වහන්සේ දුන් නිත්ය ආත්මයක
තාවකාලික කොටසක් නොව අගක් මුලක් නැති සාංසාරික ජීවිතයක් බව තේරුම් ගත
යුතුයි. මේ ජිවිතය අපට දැන් විශේෂ ජීවයක් වන නිසා එයසසරින් වෙන් කර ගෙන
සිතන්නට මනෝකාය ආත්මයකට සමාන මහා අරුමයකි. වෙනත් වචනවලින් කියතොත් මේවායේ
මේ අපූර්ව වෙනස එවා අපට නුහුරු අත්දැකිම් විමය.
මනෝකාය මුලුමනින්නම සංවේදි කයකි. මනෝකායට සියල්ල පෙනේ, සියල්ල ඇසේ, සියල්ල
දැනේ, ඔනෑම තැනකට වේගයෙන් පාවී යැවේ. කඳු හෙල් ගස්වැල් බාධක නොවේ. මේ වනාහී
අප දන්නා දිග පළල උස යන ත්රිමාන තලයට වෙනස් තලයකි. අපට නොතේරෙන දේවල්
නැතියි කීම මෙතෙක් පැවති උගත්කමය. එහෙත් දැන් අපට නොතේරුනු පලියට නැතිය
නොකියා නිහතමානි ලෙස අපේ දන්නා තරම සහා නොදන්නා තරම තේරුම් ගැනිම වඩා හොඳය.
දිවැස සහ දිවකණ මේ ඇසේම මේ කනේම විඥ්නය ප්රබල කිරිමකි. පරචිත්ත විජානනය
පුද්ගලයන්ගේ හැසිරිමෙන් අපටම සිතාගත හැකි නම් ඊට වඩා පුහුණු කල සිතකින් එය
ඊට වඩා හොඳින් කළ හැකි විය යුතුය. අධිමානසික මේ හැකියාවන් සත්ය නම්,
අධීමානසික විද්යාව නිවැරදි නම් මනෝකාය අපේ අභෟතිකය කයට වඩා අපූරු ශකති
ශරියයකි, හෙවත් ඇසට්රල් බොඩියකි.
--
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka
මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group,
send email to :
[email protected]
==================================
ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group,
send email to :
[email protected]
OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !