ජරා වග්ගො 10

අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනෙ ධනං
ජිණ්ණකොංචාව ඣායන්ති
ඛීණමච්ඡෙව පල්ලලෙ

ඇතැම් අය තරුණ වයසෙහි ලැබගත හැකි ධනයත් නැතහොත් විෂය රසයක් නොලැබ, බ්‍රහ්ම
චර්යාවත් නොරැක මහලු වූ පසු මසුන් නැති දිය හිඳුණු විලක තැවෙන නාකි කොස්
ලිහිණියන් මෙන් තැවෙත්..


ජරා වග්ගො 11

අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනෙ ධනං
සෙන්ති චාපාතිඛීණාව
පුරාණානි අනුත්ථුනංති

ඇතැම් අය තරුණ වයසෙහි ලැබගත හැකි ධනයත් නැතහොත් විෂය රසයක් නොලැබ, බඹසරත් නො
හැසිර මහලු වූ පසු කලින් කළ යම් යම් දේ සිහි කරමින් දුන්නෙන් මිදීගොස් වැටුණු
ඊතල මෙන් ශෝකයෙන් සුසුම් ලමින් සිටිති..


ජරා වග්ගො 8

අනෙකජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො
දුක්ඛා ජාති පුනප්පුනං

නැවත නැවත ඉපදීම දුකකි.ඒ නිසා මේ ආත්ම නාමය නමැති ගෙය සාදන වඩුවා සොයමින් ඔහු
සොයාගත නො හැකිව හෙවත් ඒ පිළිබඳ නුවණ නොලබා සසර නොයෙක් ජාතිවල ඔබ මොබ
ඇවිද්දෙමි..


ජරා වග්ගො 9

ගහකාරක දිට්ඨොසි
පුන ගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා
ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං
තණ්හානං ඛය මජ්ඣගා

වඩුව, මම ඔබ දුටුවෙමි. ඒ නිසා ඔබට නැවතත් ගේ සෑදිය නො හැකිය.ඔබගේ ගෙයි සියලු
පරාල බිඳ දමන ලදී.එහි කැණි මඬල ද සුනු විසුනු කරන ලදී.එහි මාගේ සිත නිවනට
පිවිසියේ ය.තන්හාව ද කෙළවර කළෙමි..



ජරා වග්ගො 7

අප්පස්සුතායං පුරිසො
බලිවද්දොව ජීරති
මාංසානි තස්ස වඩ්ඪන්ති
පඤ්ඤා තස්ස න වඩ්ඪති

අල්පශ්‍රැත පුද්ගලයා ගොනකු මෙන් වැඩේ.ඔහු ගේ මස් නම් ලියලයි.එහෙත් නුවණ නො
වැඩේ..


ජරා වග්ගො 6

ජිරන්ති වෙ රාජරථා සුචිත්තා
අථො සරීරම්පි ජරං උපෙති
සතං ච ධම්මො න ජරං උපෙති
සන්තො හවෙ සබ්භි පවෙදයන්ති

රජුන්ගේ විසිතුරු කොට සරසන ලද මඟුල් රථ ද ඒකාන්තයෙන් ම දිරයි.ඒ හැර ශරීරයද
දිරයි.එහෙත් සත්පුරුෂයන් විසින් දෙසන ලද ධර්මය නම් කිසි කලෙක නො දිරයි..

ජරා වග්ගො 5

අට්ඨිනං නගරං කතං
මංසලොහිත ලෙපනං
යත්ථ ජරා ච මච්චූ ච
මානො මක්ඛො ච ඔහිතො

මේ ශරීරය ජරාවත්,මරණයත්,ඔබ්බවා මස් හා ලේ ගල්වා ඇටවලින් කරන ලද නගරයකි..

ජරා වග්ගො 4

යානිමානි අපත්ථානි
අලාපූනෙව සාරදෙ
කපොතකානි අට්ඨිනි
තානි දිස්වාන කා රති ?

සරත් කාලයෙහි ඉවත දැමූ ලබු කබල් වැනි වූ,කොබෝවන් පැහැයෙන් (අළු පාටින් ) යුක්ත
වූ මේ ඇට දැකීමෙන් කවර ඇල්මක් ඇතිවේද ?

ජරා වග්ගො 3

පරිජිණ්ණ මිදං රූපං
රොගනිඩ්ඪං පභංගුරං
භිජ්ජති පූතිසන්දෙහො
මරණන්තං හි ජීවිතං

දිරා ගිය මේ රූපය( කය ) රෝගයන්ට කැදැල්ලක් බඳුය, එය වහා නැසෙන සුලුය. නව
දොරකින් කුණු වැගිරෙන මේ ශරීරය වහා බිඳේ. ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේ ය..

ජරා වග්ගො 2

පස්ස චිත්ත කතං බිම්බං
අරුකායං සමුස්සිතං
ආතුරං බහු සඞකප්පං
යස්ස නත්ථි ධුවං ඨිති

ස්ථිර පැවැත්මක් නැති, වණ ගොඩක් වූ, ඇට කටුවලින් ගලපා සිටුවන ලද, ගිලන් වූ
නොයෙක් දෙනා විසින් නොයෙක් අයුරින් කල්පනා කරන ලද, ඇඳුම් පැළඳුම්වලින්
විසිතුරු කරන ලද මේ ශරීරය දෙස බලව..

ජරා වග්ගො 1

කො නු හාසො කිමානන්දො
නිච්චං පජ්ජලිතේ සති
අන්ධකාරෙන ඔනද්ධා
පදීපං න ගවෙස්සථ ?

මිනිසා රාගාදී එකොළොස් ගින්නකින් නිතර ඇවිලගෙන දිළිසෙද්දි කුමන සිනාවක්ද ?
කුමන සතුටක්ද ?අවිද්‍යා නමැති අඳුරෙන් වෙළුණු ඔබ නිවන් එළිය නො සොයන්න හු ද


___________________________________________________________
       ශ්‍රද්ධාති තථාගතස්ස බෝධිං
චිරං තිට්ඨතු සම්මාසම්බුද්ධසාසනං

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to