<http://2.bp.blogspot.com/-TQN4tWhnQEc/T8REk5Ax7rI/AAAAAAAAPvk/WxvgCgYgThw/s1600/maita.jpg>
සෞඛ්‍ය අමාත්‍යංශය හා විදුලි සංදේශ නියාමන කොමිසම සහතික වෙයි

ජංගම දුරකතනවල සිටින කෘමි සතුන් විශේෂයක් ලංකාවෙන් සොයාගත් බවට වෛද්‍ය පර්යේෂණ
ආයතනය මගින් පසුගියදා හෙළි කරනු ලැබුවා.ඉන් අනතුරුව ස්වර්ණවාහිනී පුවත්
විකාශයද ඔවුන් හට අන්තර්ජාලයේ මෙවැන්නක් දකින්නට නොලැබුන හෙයින් ඒ පිලිබඳ
වාර්තා කල පළමු මාධ්‍යය ලෙස උදම් අනනු ලැබුවා.

නමුත් අප විසින් එම පුවත පලකල පසු අප පාඨකයන් විසින් සිදුකල දැනුවත් කිරීම්
මගින් මෙම සත්වයා පිලිබඳ පරීක්ෂණ 2005 වසරේදී සිදු කර ඇති බවත් උන්ගෙන්
හානියක් නොවන බවත් කියා සිටියා.

නමුත් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය අනිල් සමරනායක මහතා විසින් මෙම
පර්යේෂණ කටයුතු දිගින් දිගටම සිදු කරන ලද අතර ඉන්දියාවේ පැවැත්වෙන සතුන්ගෙන්
බෝවන රෝග පිළිබඳව පැවැත්වෙන සමුළුවකටද මෙම සත්ව විශේෂය පිලිබඳ හෙළිදරව් කරනු
ලැබුවා.

මෙම පුවත ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කල පසු සාමන්‍යය ජනතාව බියට පත්වූ අතර
දුරකථනය සර්විස් කිරීමට හා දුර සිට කතා කිරීම වැනි ක්‍රියාමාර්ග ගෙන තිබුනා.

මේ අනුව පසුගියදා නිවේදනයක් නිකුත් කල සෞඛ්‍යය අමාත්‍යංශය අවධාරණයෙන් කියා
ඇත්තේ ජංගම දුරකථන ආශ්‍රිතව මයිටා වර්ගයේ කෘමියකු බෝවී ඇති බවට පැතිර යන
පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

සිද්ධියට මුල්වී ඇති ජංගම දුරකථනයට මයිටාව ඇතුළුවී ඇත්තේ බාහිරින් බවත්, එම
සතා කිසිසේත්ම ජංගම දුරකථනයෙහි ඇතිවූවකු නොවන බවත් අමාත්‍යංශය පවසයි.

වෛද්‍ය පර්යේෂණායතනයේ සේවකයකුගේ දුරකථනයෙන් හමුවූ මයිටාවා ශ්‍රී ලංකාවේ වෙනත්
කිසිදු තැනක භාවිතාවන ජංගම දුරකථනයකින් මෙතෙක් සොයාගෙන නැති බවත් දූවිලි සහිත
ඕනෑම අපිරිසුදු පරිසරයකදී මෙවැනි මයිටාවන් ජංගම දුරකථනවලට ඇතුළු වියහැකි බවද
සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට මහතාද මෙවන් සතුන්
ජංගම දුරකථනය තුල බෝ නොවන බවට සහතික කොට ඇත.

Read more: http://www.gossip9.com/2012/06/blog-post_02.html#ixzz1wbfGcMRF






---------- Forwarded message ----------
From: ඉලංක - Ilanka Kularathne <[email protected]>
Date: 2012/5/28
Subject: ජංගම දුරකථනවල සිටින කෘමියෙක් පලමුවරට ලංකාවෙන් සොයාගනී
To:


<http://3.bp.blogspot.com/-hDDGWTukR9I/T8Loc74LNDI/AAAAAAAAQJI/c0_5E0o37oM/s1600/cellphone.jpg>
ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ
ආයතනය<http://www.mri.gov.lk/web/>සමත්වෙලා තිබෙනවා.

දැනට දින 5ක් පමණ පෙර සොයාගත් මෙම කෘමි විශේෂයේ ජීවන චක්‍රය පිළිබඳව මේ වනවිට
අධ්‍යයනය කරමින් සිටින අතර මෙවන් කෘමියෙක් පිළිබඳව මෙතෙක් ලෝකයේ කිසිම රටකින්
වාර්තා වී නැති බවයි ඔවුන් පවසන්නේ.

ජංගම දුරකථනයේ තිරය මත ඇති දූවිලි දෙස හොඳින් බැලූ පසු ඒවා සෙලවෙන ආකාරයක්
දක්නට ලැබුණු නිසා ඔවුන් එම තිරය අන්වීක්ෂයක ආධාරයෙන් විශාල කර බලා තිබෙනවා.

වෛද්‍ය පර්යේෂන ආයතනයේ අධ්‍යක්ෂතුමා පවසන්නේ එහිදී දක්නට ලැබුණු මෙම සත්ත්වයා
"මයිට්" <http://en.wikipedia.org/wiki/Mite> නමින් හඳුන්වන කෘමි සත්ත්වයා
බවත්, ජංගම දුරකථනයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වයත් ඔවුන්ගේ පැවැත්මට උපකාරයක් වී ඇති
බවත්ය.

විදුලි සංදේශ කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව මේ වනවිට ලංකාවේ ජංගම දුරකථන
18,866,134ක් තිබෙන අතර දුරකථන ඇමතුම් ගැනීමේදී මෙම කෘමි සත්ත්වයින් ඉතා
පහසුවෙන් අපේ කණට ඇතුල් විය හැකි බවයි පැවසෙන්නේ.

මෙම වර්ගයේම කෘමියෙකු වන "ස්කේබීස් <http://en.wikipedia.org/wiki/Scabies>"
නම් මයිටයාද සමේ රෝග ඇතිකරන අතර ඔවුන් ජීවත් වෙන්නේ සම තුල කුහර සාදාගන බැවින්
මෙම සත්ත්වයාද ජංගම දුරකථන මාර්ගයෙන් කනට රිංගාගන කන තුළ කුහර සාදාගන ජීවත්
වීමට පෙළඹුනහොත් ප්‍රතිකාර කිරීමට අපහසු බවයි එම වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසන්නේ.

ජංගම දුරකථනයේ දූවිලි බැඳී තිබීම සාමාන්‍යය දෙයක් වන නමුත් එම අංශු චලනය වන
බවක් දක්නට ලැබේනම් වහාම වෛද්‍ය පර්යේෂණ ආයතනයට දැනුම් දෙන ලෙසත් ඔවුන් ඉල්ලා
සිටිනවා. (ඔවුන් සම්බන්ධ කරගත හැකි ආකාරය
මෙතනින්)<http://mri.gov.lk/sinhala/contact-us/>

මේ පිළිබඳව වීඩියෝව පහලින්.



මෙලෙස ජනතාවට සංවේදී පර්යේෂණ කිරීම සඳහා වෛද්‍ය පර්යේෂන ආයතනය වෙත පසුගිය
අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 27ක් වන අතර මෙම වසරේදී පර්යේෂණ 50ක්
කිරීමට යෝජිත බවයි වාර්තා වෙන්නේ.

Read more: http://www.gossip9.com/2012/05/blog-post_28.html#ixzz1w8vUTsI1


-- 
-~--~-------~--~-
- AyubOwan! -
---~-----------~---

*** *Please delete details of all previous senders before forwarding /
sending again to reduce spam, viruses & identity theft. Its best to use the
BCC. field while forwarding  Emails.




-- 
-~--~-------~--~-
- AyubOwan! -
---~-----------~---

*** *Please delete details of all previous senders before forwarding /
sending again to reduce spam, viruses & identity theft. Its best to use the
BCC. field while forwarding  Emails.

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to