ජීවමාන බුදුන්ගේ තේජවන්ත මාලිගය පොතාලා2012 ජූනි 06 වෙනි බදාදා, 22:58 නිරංජන් චාමින්ද කරුණාතිලක වැදුම්: 1114· දලයි ලාමාතුමාගේ නිල මන්දිරය කුමක්දැයි ඇසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක්ද ? ඔබ දන්නේ නම් ඒ “පොතාලා මන්දිරය” යැයි පවසනු ඇත. ටිබෙටයේ ලාෂා මදා හි පිහිටි මෙම පොතාලා මන්දිරය සත්වැනි සියවසේදී සොන්ග්ස්ටන් ගැම්පෝ රජු විසින් කරවන ලද්දකි. එය පිහිටා ඇති කන්ද හඳුන්වනු ලබන්නේ රතු කන්ද නමිනි. අකුණු සරවලට හා යුද්ධයකට මැදි වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය විනාශයට පත්විය. කෙසේමුත් වර්ෂ 1945 දී 5 වැනි දලයි ලාමාතුමා විසින් මෙම මාලිගය යළි ගොඩනගන ලදී. එතැන් පටන් එය ටිබෙටයේ දේශපාලන මධ්‍යස්ථානය බවට පත්විය. මෙම මාලිගය තුළ තවත් මාලිගා දෙකක් පිහිටා තිබේ. ඉන් එකක් රක්ත මාලිගය වන අතර අනෙක ශ්වේත මාලිගය වේ. රක්ත මාලිගය ආගමික කටයුතු සඳහා ද ශ්වේත මාලිගය අමාත්‍ය මණ්ඩලයේ කටයුතු සඳහාද වෙන්වී තිබේ. මෙම ස්ථානය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මෙහි දක්නට ලැබෙන සංකීර්ණ වූ ඉදිකිරීම් ශිල්පය, දැවැන්ත බව සහ එහි ඇති නිහඬ, නිසල බව නිසාවෙනි. එමෙන්ම මෙම ගොඩනැගිල්ලේ ඇත්තේ කලා කෘතියක මුහුණුවරකි. මෙයට ඇතුළුවන ප්‍රධාන දොරටුව ඇත්තේ නැගෙනහිර දිශාවේය. මෙම දොරටුවෙන් ඇතුළුවුණු පසුව යොමුවන්නේ ප්‍රධාන අංගනයටයි. දලයි ලාමාතුමා ටිබෙට් ඔපෙරා නැරඹීම සඳහා යොදා ගන්නේ මෙයයි. ශ්වේත මාලිගය හඳුන්වනු ලැබුයේ සිසිර මාලිගය ලෙසින් වූ අතර සුදු පැහැයෙන් සාමය, නිහඬ බව හා එකමුතු බව සංකේතවත් විය. ශ්වේත මාලිගයේ විශාලතම ශාලාව පිහිටා ඇත්තේ සිව්වැනි මහලේ වන අතර වාසස්ථාන හා කාර්යාල ලෙස භාවිත කරන ගොඩනැගිලි ඇත්තේ පස්වැනි මහලේය. ලාෂා දෙකට මුහුණ දී ඇති ඉතා අලංකාර සඳලුතලයක්ද පොතාලා මාලිගයේ දක්නට ලැබේ. රක්ත මාලිගය පොතාලා මාලිගයේ මධ්‍යයේ පිහිටා ඇති අතර එයට රක්ත වර්ණය ආලේප කරන ලද්දේ පස්වැනි දලයි ලාමාතුමාගේ අභාවයෙන් පසුය. ඒ බලය හා අභිමානය සංකේතවත් කිරීම සඳහාය. රක්ත මාලිගයේ බිත්තිවල බොහෝ බෞද්ධ කතා සටහන් කොට ඇත. මෙහි ආගමික මැදුරු තුනක් දක්නට ලැබේ. උතුරේ ඇති මන්දිරය බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ ඖෂධ සහ දලයි ලාමාතුමා වෙනුවෙන් කැපකොට ඇත. පෙරදිග දිශාවේ ඇති මන්දිරය ටිබෙටයට බුදු දහම හඳුන්වා දුන් ඉන්දීය භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් වෙන්කොට තිබේ. බටහිර මන්දිරය මෙහි ඇනි ධනවත්ම ස්ථානයයි. එහි රත්රන් කි.ග්රෑ. 3,000ක් ද සිය දහස් ගණනක් මුතු මැණික් ද තැන්පත් කොට තිබේ.
-- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
<<attachment: image003.jpg>>
