නමඳිමු ඒ මුනි ගුණ මත්තේ…
<http://dhammamedicine.net/wp-content/uploads/2011/05/budddhanussathi.jpg> *බුදු ගුණ භාවනාව* *1.* මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ, සියළු රාග, ද්වේශ, මෝහ දුරු කල සේක. සියළු අකුසල ධර්මයන් ප්රහානය කල සේක. සියළු කුසල ධර්මයන් උපදවා ගත් සේක. සියළු කෙළෙසුන් කරෙන් නිදහස් වී වදාළ සේක. රහසින්වත් පව් නොකල සේක. සියළු පාපයන්ගෙන් මිදුන සේක. සියලු ලෝ වැසියන්ගේ ආමිස පූජා , ප්රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක. බුදුරජාණන් වහන්සේ , ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කල සේක. බුදුරජාණන් වහන්සේ, කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. බුදුරජාණන් වහන්සේ, නාසයෙන් ගඳ සුවඳ දැන, ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කල සේක. බුදුරජාණන් වහන්සේ, දිවෙන් රස විඳ ඒ රස කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරුකල සේක. බුදුරජාණන් වහන්සේ, කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කල සේක. බුදුරජාණන් වහන්සේ, මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරුකල සේක. බුදුරජාණන් වහන්සේ වීතරාගී වනසේක, වීත ද්වේශී වන සේක, වීත මෝහී වන සේක. බුදුරජාණන්වහන්සේ අරහං වන සේක. අරහං වන සේක. අරහං වන සේක. *2. *බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්ය ධර්මය ගුරු උපදේශ නැතිවම පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කල සේක. සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. *3.* මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ සියලු විද්යාවන් උපදවා, ඒ සියළු විද්යවන්ට අනුවම නුවණින් හැසිරුන සේක. විජ්ජාචරන වන සේක. විජ්ජාචරන වන සේක. විජ්ජාචරන වන සේක. *4.* බුදුරජාණන්වහන්සේ සුන්දර නිවන් මග සොයා සුන්දර අමා මහා නිවනට වැඩම කල සේක. බුදුරජාණන්වහන්සේ අවබෝධ කොට වදාල ඒ ආර්ය අශ්ඨාංගික මාර්ගය නම් වූ මධ්යම ප්රතිපදාව ඒ කාන්තයෙන්ම සුන්දරයි. බුදුරජාණන්වහන්සේ සුගත වන සේක. සුගත වන සේක. සුගත වන සේක. *5. *මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ සියළු බ්රහ්ම ලෝකද, සියළු දිව්ය ලෝකද, මේ මිනිස් ලෝකයද, සතර අපාය, නිරය ආදී වූ සියළු ලෝකයන්ගේ යථා ස්වභාවය අවබෝධ කල සේක. මේ සියලු ලෝක වලින් නිදහස් වී වදාල සේක. ලෝකවිදූ වන සේක. ලෝක විදූ වන සේක. ලෝක විදූ වන සේක. *6.* බුදුරජාණන්වහන්සේ දමනය කිරීමට නොහැකි වූ සියලු දෙවියන්වද, සියලු බ්රහ්මයන්වද, සියලු මිනිසුන්වද, සෘද්ධි ප්රාතිහාර්යයෙන් ද, ආදේශනා ප්රාතිහාර්යයෙන්ද, අනුශාසනා ප්රාතිහාර්යයෙන්ද, මහා කරුණාවෙන් යුතුවම දමනය කල සේක. අනුත්තරෝපුරිසදම්ම සාරථී වන සේක. අනුත්තරෝපුරිසදම්ම සාරථී වන සේක. අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක. අනුත්තරෝපුරිසදම්මසාරථී වන සේක. *7. *මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ දෙව්ලොව දෙවියන්ගේද, මනු ලොව මිනිසුන්ගේද, එකම ශාස්තෲන් වහන්සේ වන සේක. සත්ථා දේව මනුස්සානං වන සේක. සත්ථා දේව මනුස්සානං වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. *8.* බුදුරජාණන්වහන්සේ මේ චතුරාර්ය සත්ය ධර්මයන් අන් අයටත් අවබෝධ කර ගැනීම පිණිස ඉතා සුන්දර ලෙස, ඉතා පැහැදිලි ලෙස, පැහැදිලි වචන වලින්, පැහැදිලි අර්ථ සහිතව දහම දෙසූ සේක. බුද්ධ වන සේක. බුද්ධ වන සේක. බුද්ධ වන සේක. *9.* මාගේ ස්වාමී වූ බුදුරජාණන්වහන්සේ අනන්ත වූ සීලයෙන්ද, අනන්ත වූ සමාධියෙන්ද, අනන්ත වූ ප්රඥාවෙන්ද අනන්ත වූ වීරියකින්ද, අනන්ත වූ සිහිනුවණින්ද, අනන්ත වූ විමුක්තියෙන්ද, අනන්තවූ විමුක්තිඥාන දර්ශනයෙන්ද, දසබල ඥානයෙන්ද, විශාරද ඥානයෙන්ද, මහා කරුණා සමාපත්තියෙන්ද සමන්විත වන සේක. බුදුරජාණන්වහන්සේ මේ සියලු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්යවන්ත වන සේක. භගවා වන සේක. භගවා වන සේක. භගවා වන සේක. ඒ භාග්යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පළමුව ද, දෙවනුව ද, තෙවනුව ද මාගේ නමස්කාරය වේවා…! ____________________________________________________________ ශ්රද්ධාති තථාගතස්ස බෝධිං චිරං තිට්ඨතු සම්මාසම්බුද්ධසාසනං -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
