සිරසේ ගොනාට ඇන්දවීමේ එක් පැත්තක් පමණකි මේ. ටාසන් බාප්පලා සහ ජී එම්
මහත්තයලාගේ පුහු කතාවලින් කරන්නේ ද ගොනාට ඇන්දූ ජනයා දැක්කවීමය. ගම් ගානේ
ගොහින් ඇදවුණු කැඩුණු තැන් හදන්නේ ද මේ ව්‍යාපෘතියේ මීලඟ අදියර ලෙසිනි. හෙට
අනිද්දා සිරස දේශපාලන පක්ෂයක් වී ඡන්දය ඉල්ලුවොත්  ඊට පුදුම විය යුතු නැත.
මහජන ඡන්දයෙන් ඔවුන් පාර්ලිමේන්තුවට තේරී පත්වුව හොත් ඊටත් පුදුම විය යුතු
නැත.

2012/6/23 Lalith Abeywickrema <[email protected]>

>
>
> http://www.lankaguardian.com/2012/06/blog-post_7775.html
>
>
>
> ලංකාවේ ස්ලම් ඩෝග් මිලියනියර් කතාව ප්‍රේක්ෂකයා ගොනාට ඇන්දීමට සිරස කළ
> උප්පරවටියක් ? <http://www.lankaguardian.com/2012/06/blog-post_7775.html>
>
>  <http://www.lankaguardian.com/2012/06/blog-post_7775.html>
> ස්ලම් ඩෝග් මිලියනියර් කතාව අනුසාරයෙන් සිරස ප්‍රචාරය කළ ප්‍රශ්න විචාරාත්මක
> තරඟයෙන් ගාල්ල දෙවැටේ පදිංචි නුවන් චතුරංග නැමැති තරුණයා දස ලක්ෂයක් දිනා
> ගැනීම සිරස විසින් පිටපතක් අනුව කළ රංගනයක් බවට සැක පහල වෙමින් පවතයි. මේ
> සම්බන්දයෙන් බූන්දි වෙබ් අඩවියේ ලිපියක් මගින් ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට
> අමන්තරණය කරයි. එම ලිපිය පහත දැක්වේ.
>
> සිරස ලක්ෂපති රටේ නැති බැරි උන්ගේ හීනවලට කෝචොක් දමමින් වෙනම වැඩක් මේ දවස්වල
> කර ගෙන යන්නේ ය. රටේ උන්ට කන්න බොන්න අඳින්න පළදින්න අතේ සතේ නැති බව ඇත්ත ය.
> මහජරා කෙළින විදියට මොවුන් වතුර උගුරක්වත් බි ජීවත් වෙනවාට ස්තූති කරන්න ඕන ය.
> දැං මේ රටේ එවුංට ඔය ලක්ෂපති වගේ ජිම්කා‍නා එකක්ම නැතුව ගොඩ එන්න අමාරුම
> තත්ත්වයකට ඇද වැටී ඇත්තේ ය. ඉතිං සිරස ලක්ෂපති අපේ එවුංට මාර වැඩක් ම වන්නේ ය.
> මෙතෙක් බඩගින්න තිබුණත් කැව වගේ හිටිය මිනිස්සු දැං සිරස ලක්ෂපතිය ඉස්සරහා
> හිඟා කමින් යන්නේ ය. සිරසට මාර ආතල් ය. මිනිස්සුන්ගේ හුදු පෞද්ගලික හීන
> 'ෆිෆ්ටි- ෆි‍ෆ්ටි', 'කෝල් අ ‍ෆ්‍රෙන්ඩ්', 'ආස්ක් දි ඕඩියන්ස්' දක්වා ජෝක්
> වෙන්නේ ය. අපේ රටේ බූරු හැත්ත මේ දේශපාලනික රටාවෙන් කන්න බොන්න අදින්න විදිහක්
> නැති බව කියා ප්‍රශ්න කරන්නේ නැතිව මේ වාගේ වැඩසටහන්වල අහන ප්‍රශ්න ඉස්සරහා
> ඇඳුං ගලවන්නේ ය.
>
> ගාල්ල දෙවැටේ පදිංචි නුවන් චතුරංග තවත් විසිදෙහැවිරිදි ගොං පාට් එකක් ය.
> කොල්ලා ස්ලම්ඩෝග් මිලියනර් එකේ කොල්ලා වගේම ය. වෙනසකට ඇත්තේ ඒ වාගේ සුදු නැති
> ය. මෙයා කළු ය. හැබැයි අර කොලුවා වාගේම ය. පොඩි කාලේ ඉඳංම මෙයත් දුක් වින්දා
> බව කියන්නේ ය. සිරසට මාරම ආතල් එකක් එන්නේ ය. පළමු දවසේ තිස් පන්දාහක් වැනි
> ප්‍රමාණයක් දිනා ගෙන කාලය ඉවර වී මෙයා ගෙදර යන්නේ ය. ඊළඟ සුමානෙ ළං වෙත්ම
> සිරසේ වෙනම ඇඩ් එකක් නුවන් චතුරංගට හදලා ය. නුවන් චතුරංග අද කීයක් දිනා ගනීද?
> මේ අංකයට එස්.එම්.එස්. කරන්න කියා වෙනම දැන්වීමක් යැව්වේ ය. මේ අතර නුවන්
> චතුරංග මේකට එන්නේ එක්තැන් වී සිටින තාත්තව සනීප කර ගන්න ය. තාත්තා ඇඳක ඉන්න
> කවන පොවන වීඩියෝවක් සිරස හදන්නේ ය. නුවන් චතුරංග තාත්තාට උපස්ථාන කරනවා මේකෙන්
> පෙන්නන්නේ ය. දැං මාරම සීන් එකක් ය. බැලු බැලු තැන කතා බතාව "මේ කොල්ල ලක්ෂ
> විස්ස ගනීද බං" කියා ය. දැන් නුවන් චතුරංග වැඩේට මාට්ටු ය. ඌ විතරක් නොව මුළු
> රටමත් සිරසට මාට්ටු ය. උඩදාලා විකුණන්න පුළුවං අති සංවේදී පුවතක් අරන් නුවන්
> චතුරංග සිරසට ආවේ ය. වැඩ දාලා විකුණන්න සමත් සිරස ඉන් උපරිමය නෙලා ගත්තේ ය.
> ඉතිං සිරස හරිම හොඳ ය. අසරණ අයට උදව් කරන්නේ ය. "මේ කොල්ලා වගේ උත්සහවන්ත
> වෙයල්ලා" යැයි අපේ අම්මලා ළමයිට කියන්නේ ය. දැං මළ කෙළියයි ය. හරියට බැලුවොත්
> මේ කියන්නේ මාකට් කරගෙන හිඟා කන්න කියා ය. ඒත් ජන විඥානයට සිරස මදන මෝදකයක් සේ
> සැප ය.
>
> මේ ලක්ෂපතිය එසේ මෙසේ එකක් නොවන්නේ ය. රුපියල් හැත්තෑපන්දාහෙන් පස්සේ අහන
> ප්‍රශ්න උණ්ඩුක පුච්ච පවා එලියට අදින ඒවා ය. අනික තරගයට එන එකාගේ තොරතුරු
> සියල්ල අහලා ඌට පුළුවන් බැරි සියල්ලක්ම ත් දන්නේ ය.එසේ දැනගෙන ඌ නො දන්නා
> විෂයන්ගෙන් පමණක් ප්‍රශ්න අසන්නේ ය.ඉතිං හරිම ලේසියෙන් තරගකරුවාට කෙළවන්නේ ය.
> ඒත් මේ නුවන් චතුරංග තරගකරුවාට හරිම ආදරේ කරන්නේ ය. ඇට ගැලවෙන ප්‍රශ්න වෙනුවට
> හුරතල් බේබි ෂෙරමි සහනයක් දෙන්නේ ය. වන්නමක ගීතයක් කියන්න කියා ඕඩියන්ස් එක
> සතුටු සාගරේ ගිල්වා වන්නමක් ගැන ම ප්‍රශ්නයක් අහන්නේ ය. ලක්ෂ දහයක් දෙන්නට
> අහන්නේ අපූර් සංසාර් නම් ප්‍රසිද්ධ චිත්තරපටියේ අධ්‍යක්ෂක කවුද කියා ය. වෙනදාට
> නම් ඒවා අහන්නේ පන්දාහේ කඩ ඉමේ දී ය.බොහොම අමාරුවෙන් කොල්ලා මේකට තටමලා තටමලා
> කරුංකා ගෙඩියක් පිටකළා වගේ උත්තරය දෙන්නේ ය.දෙනවටත් වඩා සුන්දන චාරියබණ්ඩාර
> උත්තරය ඇදලා ගන්නේ ය. දැං එක පාරටම කොලුවාගේ අම්මා ටෙලිෆෝනයෙන් කතා කරන්නේ ය.
> මගේ පුතා ට බුදු සරණයි කිය කියා අඬන්නේ ය. කොලුවා ද අඩන්නේ ය. ඕඩියන්ස් එකේ
> උනුත් අඬන්නේ ය. ගෙදර ඉඳන් බලන උනුත් අඩන්නේ ය. මාරම මාර සීන් එක ය. ඒ වෙලාවේ
> ඡන්දෙ ඉල්ලුවා නම් කොල්ලා ජනාධිපති ද වන්නේ ය. මේක ඒ තරංම බූරු දේශයක්
> ය.මෙයාගෙන් ලක්ෂ විස්සක් දෙන්න අහන්නේ චීන මහා ප්‍රාකාරයේ දිග කීයද කියා ය.
> සාමාන්‍යයෙන් මේකට එන උං එන්නේ දැනුම මිනුම පොත් ටික කට පාඩම් කරගෙන ය. ඒත් මේ
> කොලුවාට ඒ ටිකවත් බැරි ය. කොලුවා මේකට උත්තර නො දන්නේ ය. මෙහිදී හොඳම සතුටක්
> නිෂ්පාදනය කරන්නට සිරස මාරම ගේමක් දුන්නේ ය. එක පාරටම ලක්ෂ දහය දින්න ගමන්
> බ්‍රේකිං නිව්ස් එකකින් රටම සැපවත් කරන්නේ ය. මේ නිව්ස් එක භාෂා තුනෙන්ම යන්නේ
> ය. අම්මා සිරස මාරම ජනතා සේවයක ඉන්නේ ය. දැං කොලුවා චීන මහා ප්‍රාකාරයේ දිග නො
> දන්නේ ය. කලින් සුන්දන චාරියබණ්ඩාර තරගකරුවා වැරදි පිළිතුරක් දුන්නේ නම් "ඔබට
> ලයිෆ් ලයින්ස් තියෙනවා" යැයි නැවත නැවත මතක් කළ ද මේකෙදි තරගයෙන් ඉවත් වෙන්න
> යැයි ඉඟියක් ද කරන්නේ ය.අන්තිමට නුවන් චතුරංග ලක්ෂ දහයක් අරන් තරගයෙන් ඉවත්
> වන්නේ ය. දැං මාර ම මාර ය. මෙවැනි පෙර වැඩසටහනවල නො කෙරුණු දෑ කරමින් නුවන්
> චතුරංගව උඩටම ගන්තේ ය. ලක්ෂපතිය ගොඩදාගන්න නුවන් චතුරංග උපක්‍රමශීලීව සිරසට
> පාවිච්චි වුණේ ය. ඉන් පස්සේ සිරස සුපර්ස්ටාර් ලා විථි සංචාරය කළා වගේම වාහනයක
> නංවා මල්මාලා දමමින් ගොං කොල්ලෙක්ව කඩේ යැව්වේ ය. දෙපස බලාගෙන හිටි අම්මලා
> තාත්තලා කිව්වේ "දරුවෙක් නම් මේ වාගේ වෙන්න ඕනේ" කියා ය.
>
>
>
> --
> Thanks & Regards
>
>  Lalith Abeywickrema
>
>  --
> තෙරුවන් සරණයි !
> --
> If You Unable to read SINHALA, GET SINHALA From,
> http://www.siyabas.lk/sinhala_how_to_install.html
> ==================================
> E-MailSriLanka E-Mail Group
> ==================================
> http://groups.google.com/group/emailsrilanka
>
> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>
> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
> To UNSUBSCRIBE from this E-Mail Group,
> send email to :
> [email protected]
> ==================================
> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
> To SUBSCRIBE to this E-Mail Group,
> send email to :
> [email protected]
>
> OR Go to,
> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
> =================================
> For Invite Members
> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
> http://groups.google.com/group/emailsrilanka/members_invite
> ............................
> බුදු සසුන බැබලේවා !
>



-- 
*Dr Sudath Samaraweera*
*MBBS, MSc, MD (Community Medicine)
*Deputy Director
National Programme for Tuberculosis Control & Chest Diseases
Public Health Complex
555/5, Elvitigala Mawatha
Colombo 05
Sri Lanka
Tel: +94 11 2368276
Fax: +94 11 2368386

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to