දෙණිපිටියේ වෙද ගෙදර















ජර්මන්
 ජාතික  විල්හෙම් ගයිගර් පඩිතුමා මහාවංශය ජර්මන් බසටද ඉංග්‍රීසි බසටද නැගු 
 විද්වතානෝය. ඔහුගේ සිත එක් විටම කුහුලින් පිරි ගිය තතු විත්තියක නතර විය. ඒ
  මහාවංශය තිස් හත්වෙනි පරිච්ඡේදයේහිය. එහි සදහන් වු වෛද්‍ය විද්‍යා  
ග්‍රන්ථය පිළිබද මහාචාර්්‍යය ගයිගර් තෙමේ ඉමහත් උනන්දුවක් දැක්විය. එහි  
මෙලෙස සදහන්ව තිබේ.

'සබ්බේ සං - වෙජ්ජසත්ථානං කත්වා සාරත්ථසංගහංඨපෙසී වෙජ්ජ දිපස්සතිකිච්ඡත්ථමනාගතෙ'

තම
  පරිවර්ථනය මදකට පසෙක දැමු ඒතුමා මාළිගා කන්ද විදුදය පිරිවෙනට පැමිණියේය. ඒ
  එහි වැඩ විසු පණ්ඩික ශිරෝමිණී පුජ්‍ය හික්කඩුවේ සුමංගල නාහිමිපාණන් 
වහන්සේ  බැහැ දකින්නටය. ඒ අනුව මහාවංශය 37 පරිච්ඡේදය දක්වා ඇති තතු 
විත්තියට  දෙදෙනාගේ ශාස්ත්‍රීය හදවක බන්ධන ගතද වුයේය. 

මේ හමුවීමත් සමග පුජ්‍ය හික්කඩුවේ සුමංගල නාහිමිපාණන් වහන්සේගේ සිත නිරතුරුවම පිරී 
ගියේ මහාවංශයේ 37 පරිච්ඡේදයේ සදහන් වු "සාරාර්ථ සංග්‍රහය"
  නම් වෛද්‍ය විද්‍යා පොත සොයා ගැනීම පිළීබද කුතුහලයකි. බුද්ධදාස මහ රජතුමා
  විසින් රචිත බවට මහාවංශ කතුවරයා සටහන් තබා තිබු මෙම මහා ග්‍රන්ථය එක්  
අතකින් මෙරටදී ලියවුණ ප්‍රථම වෛද්‍ය ග්‍රන්ථයද වන බව උන්වහන්සේගේ පිළිගැනීම
  වුහ. නමුත් මෙම මතය අභියෝගයට ලක් වුයේ මුනිදාස කුමාරතුංග පඩිවරයා අතිනි. 
 එතුමාගේ මතය වුයේ "අර්ක ශාස්ත්‍රය" නම් වෛද්‍ය ග්‍රන්ථය සාරාර්ථ  සංග්‍රහයට පෙර 
රාවණා රජතුමා ලියා ඇති බවත් රාවණා රජතුමා
 ලක්දිව වැසී බවත්ය.  එබැවින් මෙරට රචිත ප්‍රථම වෛද්‍ය විද්‍යා ග්‍රන්ථය 
සාරාර්ථ සංග්‍රහය නොව  'අර්ක ශාස්ත්‍රය' බවට එතුමා තර්ක කළේය. කෙසේ නමුත් 
රාවණා රජතුමා අරභයා මහත්  විවාදයක් ඇදී යාමට මෙම මතවාදය හේතු වු අතර, එයම 
පුජ්‍ය හික්කඩුවේ සුමංගල  හිමිපාණන් වහන්සේගේ මතවාදය තවත් වර්ධනය වීමට පසු 
කාලීනව බල පෑ හේතුවක් ද  විය. කෙසේ නමුත් බුද්ධදාස රජතුමා විසින් චිරචිත 
වෙද ග්‍රන්ථය සොයා ගැනීමේ  ශාස්ත්‍රීය ව්‍යායාමය පසුව මෙරට ජාතික 
උත්පත්තියෙහි මුල සොයා යෑමේ  ශාස්ත්‍රීය විවාදයක් බවට උණුසුම් වුයේ 
එලෙසිනි. 

රාවණා
 නමින් රජතුමෙක් සිංහල රාජාවලියහි නැති බවත්, එබැවින් ඒ වන විට  පෙරදිග 
වෛද්‍ය විද්‍යාවේ පදනම් කෘතිය වු 'අර්ක ශාස්ත්‍රය' මෙරට දී රචිත  කෘතියක් 
නොවන බවත් තර්ක මතු විය. කෙසේ නමුත් සිංහල රජ සිරිත විජයගෙන් ආරම්භ  වු 
බවටත් රාවණාගෙන් ආරම්භ වු බවටත් ඉතිහාස විවාදයක් ගලා යන විට පුජ්‍ය  
හික්කඩුවේ සුමංගල හිමිපාණන් වහන්සේ වෙහෙස වුයේ 'සාරාර්ථ සංග්‍රහය' සොයා  
ගැනීමටය. ඒ අනුව ඒ වන විට පැරණිම සිංහල වෙද පොත බවට පිළි ගැනීමට ලක් වී  
තිබුණේ "යෝගාර්ණවය" නම් පොතය. එය දඹදෙණිය යුගයේ දී රචිත කෘතියකි.  
නමුත් 'යෝගාර්වණ්වය' කෘතියට පසු කාලීන වෙද පරපුරක් විසින් එක් කළ අර්ථ  
ගැන්වීම් වල 'සාරාර්ථ සංග්‍රහය' ගැන සදහන් විය. එයම සුමංගල නාහිමිපාණන්  
වහන්සේගේ කුහුල තව තවත් තීව්‍ර කළේය. පසුව 'සාරාර්ථ සංග්‍රහය' නමින් දඹදෙණි
  යුගය දී ලියවී තිබු පුරාණ පුස්කොළ ග්‍රන්ථයක් හමු වුයේ බෙලිගල රජ මහ 
විහාර  පුස්තකාලයෙනි. නමුත් එය බණ පොතක් විය. එය හමුවීමත් සමග මහාසංශයහි 37
 වන  පරිච්ඡේදයේ තතු විත්තිය පිළිබද සැකයක් ද වියතුන් අතර ඇති වුයේය. 

නමුත්
 වෙදකමින් රජ දිවිය අරුත් ගැන්වු බුද්ධදාස රජතුමා විසින් මෙවැනි  වෙද පොතක්
 ලියන්නට ඇතැයි වු ඉතිහාස නිගමනය බැහැර කිරිමටද කිසිවෙකුට නොහැකි  විය. මේ 
අතරදී "වෛද්‍යක සාරාර්ථ සංග්‍රහය" නමින් පුරාණ පුස්කොළ  ලියවිල්ලක 
මුල් කොටසක් ගඩලාදෙණිය විහාරයේ තිබී හමුවිය. වහා යුහුසුළුව එහි  වැඩම කල 
පුජනීය හික්කඩුවේ සුමංගල නාහිමිපාණන් වහන්සේ සංස්කෘත බසින් රචිතව  තිබු එම 
පුස්කොළ කොටස් කියවුහ. එය විනාශ වී තිබු අතර ශේෂව තිබු පද අරුත්  තුලින් 
පැහැදිලි වුයේ එය තිරසාරව වෙද පොතක් බවය. එත් මහාවංශය බුද්ධදාස  රජතුමාගේ 
පොත නම් කර තිබුණේ "සාරාර්ථ සංග්‍රහය" නමිනි. නමුත් ලද පොතෙහි  නාමය "වෛද්‍යක 
සාරාර්ථ සංග්‍රහය" ය. එබැවින් එය වෙනත් ග්‍රන්ථයක් වේද යන සැකය මතු වු අතර හමුව 
තිබු කෘතිය විනාශ වී ඇති බැවින් අදහස නිශ්චිතද නොවුයේය. 

මේ
 අතර මෙම සමය වන විට විදුදය පිරිවෙන තුලින් දේශිය වෛද්‍ය විද්‍යාව  
හැදෑරීමට පහසුකම් සළසා තිබුණි. පුජ්‍ය හික්කඩුවේ සුමංගල නාහිමිපාණන් වහන්සේ
  එහි සිසුන් අමතා දේශනා කළේ බුද්ධදාස රජතුමා විසින් රචිත කෘතිය පිළිබදවය. 
 එතැන් පටන් නවක වෛද්‍ය සිසුන් අතරද සාරාර්ථ සංග්‍රහය පිළිබද ඔාස්ත්‍රීය  
කුතුහලයක් උපන්නේය. එලෙසම රට පුරා විසීරි සිටි විවිධ වෙද පරපුරු අතරද  
කටවහරින් මතකයේ තබා ගත් "සාරාර්ථ සංග්‍රහය"  කොටස්  තිබුණි. සමහර වෙද 
පරපුරු අත එම කෘතියේ විවිධ කොටස් පිටපත් කොට ආරක්ෂා කරගෙන  තිබුණේය.  එත් 
පර්පුර්ණ කෘතියක් කා අතරවත් නොතිබිණි. 

කාලය
 ගෙවි ගියේය. ක්‍රි.ව. 1897  දී පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මිහිපාණන් 
වහන්සේට තම ශීෂ්‍ය  පුත්‍රයෙකුගෙන ආරංචියක් සැලවුයේය. ඒ අනුව නායක 
ස්වාමින්ද්‍රයාණන් වහන්සේ  දෙණිපිටිය වෙද ගෙදරට වැඩම කළහ. දෙණිපිටිය වෙද 
පරපුර පරපුරෙන් පරපුරට රැගෙන  රැකගෙන විත් තිබු ග්‍රන්ථය හමුවිය. එය 
බුද්ධදාස මහ රජතුමා විසින් ක්‍රි.ව.  332 දී චිරචිත "සාරාර්ථ සංග්‍රහය" 
ග්‍රන්ථයෙන් පිටපත් කර ගත් අත් පිටපතකි.  වහා එම කෘතිය කියවු පණ්ඩිත 
ශිරෝමණි පුජ්‍ය හික්කඩුවේ සුමංගල හිමිපාණෝ එහි  නිවැරදි භාවය වටහා ගත්හ. 
උන්වහන්සේ තම ශිෂ්‍ය වු වෛද්‍ය පිතසී. ගුණසේකර  මහතා ලවා අත්පිටපත ශුද්ධ කර
 ප්‍රකාශයට පත් කළේය. ඒ ක්‍රි.ව. 1903  වර්ෂයේදීය. 

"සාරාර්ථ
 සංග්‍රහය" දේශිය වෛද්‍ය විද්‍යාවේ මහා ග්‍රන්ථයයි. එය  හමුවීමත් සමග වෙද 
පුනරුදයක් රට පුරා හමා යන්නට පටන් ගති. එහි ප්‍රතිළඵලයක්  වුයේ උණවටුනේ 
වෙදසේකර වෙද ගෙදරින් ද පැපිළියාවල කිරිවාණේ පියසිංහ වෙද  ගෙදරින්ද සාරාර්ථ 
සංග්‍රහය අර්Āෙදාස කුමාරසිංහ වෙදදුරාණන් සහ හිටපු  සංස්කෘතික අමාත්‍ය 
එච්.බී. හුරුල්ලේ මහාතාද විසින් ක්‍රි.ව. 1986  පුර්ණත්වයට පත් කළහ. ඒ 
ක්‍රි.ව. 1903 සිට විවිධ ප්‍රදේශ තුලින් ලද සාරාර්ථ  සංග්‍රහයේ සියළු 
අත්පිටපත් නිරික්ෂණය කිරිමෙනි. එමෙන්ම වසර අසූ තුනක්  මුලුල්ලේ කරන ලද 
පරික්ෂාවන්ද එක්තැන් කරමිනි. ඒ "සාරාර්ථ සංග්‍රහය" ලෝක  උරුමයක් කඑලීමේ 
මෙහෙවර එළඹෙනු ඇත. ඒ සාරාර්ථ සංග්‍රහය ඉංග්‍රිසි බසට නගන  විද්වත් 
වෙදාණන්ගේ අතිනී. එවන් වෙද උදානයක මෙම නිමිත්ත නිමිත්තක් වේවා.





-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to