> ජානිපෙ සන්ධානයට එක්වීමට අවධානය යොමුවී තිබෙනවා - විමල් වීරවංශ
>
> http://www.dinamina.lk/2008/12/19/_art.asp?fn=p0812191
>
> ත‍්‍රස්තවාදයෙන් මවුබිම ගලවා ගැනීමේ මෙහෙයුම දිනවීමට අවශ්‍ය දේශපාලන
> තීන්දු ගතයුතු තීරණාත්මක මොහොතක් එළැඹ ඇති බැවින් එක්සත් ජනතා නිදහස්
> සන්ධානය සමග සන්ධාන ගතවීම පිළිබඳ මධ්‍යම කාරක සභාවේ අවධානය යොමුව ඇතැයි
> ජාතික නිදහස් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර විභල් වීරවංශ මහතා
> පැවැසීය.
>
> තම පක්ෂය සන්ධාන ගත වන්නේ නම් නව දේශපාලන න්‍යාය පත‍්‍රයක් සහ
> මඟපෙන්වීමක් යටතේ එය සිදුවන බවත් වීරවංශ මහතා කීය.
>
> ත‍්‍රස්තවාදය පරාජය කිරීමට උපකාරීවන තීරණාත්මක දේශපාලන තීන්දු නොගතහොත්
> රට භයානක අනතුරකට ලක්වීම වැළැක්විය නොහැකි බවත් වීරවංශ මහතා සඳහන් කරයි.
>
> බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ඉතිහාසය ලබා දී ඇති අවසන්
> අවස්ථාව මෙය බැවින් ඒ අවස්ථාව කිසිසේත් පැහැර නොහැරිය යුතු බවත් ඒ මහතා
> කීය.
>
> අද වන විට “මහෙෂධ භූම්කාව” ඉටු කිරීමේ වගකීම හෙවත්, රජුන්ට මඟ පෙන්වීමේ
> වගකීම ජාතික නිදහස් පෙරමුණට පැවරී ඇති බැවින් එය නොපිරිහෙළා ඉටු කරනවා.
>
> එම මහෞෂධ භූමිකාව මීට පෙර ජාතියට ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. අද
> ඔවුන් හිතුවක්කාරී දඩබ්බර මෝඩ ගැටවරයකුගේ භූමිකාව ඉටුකරමින් සිටිනවා.
>
> විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කෙළේ ඉතාලියේ නාපෝලි හා රෝම නගරවල පැවැති
> රැස්වීම් කිහිපයකට සහභාගී වෙමිනි.
>
> වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවැසීය.
>
> හමුදා මෙහෙයුම් ආපසු හැරවීමේ අපේක්ෂාවෙන් දැවැන්ත කුමන්ත‍්‍රණයක් මේ වන
> විට කි‍්‍රයාත්මක වෙනවා. කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයට නැවත
> එක්වුණෙත් එම කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵලයක් ලෙස 2001 වසරේ සිට රට අස්ථාවර
> හා අරාජික කිරීමේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වෙනවා. එය උපන් ගෙයිම
> පරාජය කළ යුතුය.
>
> ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට හිතකරව පවතින දේශපාලන වාතාවරණය වෙනස් කර
> කොටි ත‍්‍රස්තවාදය බේරාගැනීමට ඉවහල් වන ආකාරයේ දේශපාලන වාතාවරණයක්
> ගොඩනැගීම මේ කුමන්ත‍්‍රණයේ අරමුණක්.
>
> කරු ජයසූරිය මහතා රජයෙන් ඉවත්වීම මේ කුමන්ත‍්‍රණයේ ආරම්භක පියවරයි. කරු
> ජයසූරිය ආණ්ඩුවට එක් වූයේ රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයට එරෙහිව
> කැරැල්ලක් ගහලයි.
>
> කරු ජයසූරිය මහතාට කවුරුන් හෝ ඒත්තු ගන්වා තිබෙනවා. ඉක්මනින්ම එ ජා ප
> ආණ්ඩුවක් එන බවත්, එහි අගමැතිකම කරු ජයසූරිය මහතාට දෙන බවත්, එහෙම හීනයක්
> මවා දී නැත්නම් කරු ජයසූරිය මහතා මේ පිම්ම පනින්නේ නැහැ.
>
> 2001 දී කොටියා මේ තරම් අමාරු තත්ත්වයකට පත්වී තිබුනේ නෑ. අද වෙනකොට කොටි
> ත‍්‍රස්තවාදීන් අන්තිම අඩියට වැටිලා. අද මුළු බටහිර වෙරළ තීරයේ බලයම
> කොටියට අහිමි වෙලා ඉවරයි.
>
> කිලිනොච්චියේ වැඩි ප‍්‍රදේශයක් තියෙන්නෙ හමුදාව අතේ, නැඟෙනහිර වෙරළ තීරයේ
> මුළු බලයත් කොටියට අහිමි වෙමිනුයි තිබෙන්නේ. ඒ නිසා මොන ප‍්‍රශ්න තිබුණේ
> ත‍්‍රස්තවාදය පරාජය කිරීමට වාසී සහගත දේශපාලන තීන්දු තීරණ ගත යුතුයි. ඒක
> අපගේ ජාතික යුතුකමක්.
>
> මොන ප‍්‍රශ්නය තිබුණත් ඉතිහාසය අපට බලකරනවා. රණවිරුවන්ගේ මෙහෙයුම් වලට
> හිතකර තීන්දු තීරණ ගන්නා ලෙසට ඒ නිසා ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක
> සභාවේ සාකච්ඡා වෙනවා. අපගේ පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්විය
> යුතු බවට. 


--~--~---------~--~----~------------~-------~--~----~
******************************************************
This is a Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us, 
Send a E-mail to,
[email protected]

visit this group at 
http://groups.google.lk/group/sricom

*********************:::SriCom:::*************************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails, 
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
-~----------~----~----~----~------~----~------~--~---

Reply via email to