නරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද සලකුණ වන ‘හංසයා’ ඉදිරියේ ඡන්දය සලකුණු කළ
ඡන්ද පත‍්‍රිකා 30000 කට වැඩි ප‍්‍රමාණයක් පිටකොටුව මාළු වෙළෙඳපොළ ආසන්නයේ දී
අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊයේ 19 සමත් වී තිබේ. මෙම ඡන්ද පත‍්‍රිකා තොගය කාඞ්
බෝඞ් පෙට්ටි 02 ක බහා ත‍්‍රිරෝද රථයක පටවා රැගෙන යන අතරතුර අත්අඩංගුවට ගෙන ඇති
අතර මේ සමග ත‍්‍රිරෝද රථයේ රියැදුරා සහ මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු
මන්ත‍්‍රීවරයෙකුගේ සහායකයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් නිලධාරීන්ට මෙම ත‍්‍රිරෝද රථය පිළිබඳ සැක සිතී එය පරීක්‍ෂා කළ අවස්ථාවේ
ඡන්ද පත‍්‍රිකා තොගය සොයා ගැණුනු බව පිටකොටුව පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට
පත් වූ මන්ත‍්‍රීවරයාගේ සහායකයා ප‍්‍රශ්න කිරීම් වලදී පවසා ඇත්තේ මෙම ඡන්ද
පත‍්‍රිකා ලොරියක පැටවීම සඳහා ගෙන යන බවත් අනතුරුව ඒවා පුත්තලම ප‍්‍රදේශයට
ප‍්‍රවාහනය කොට බෙදා හැරීමට නියමිතව තිබූ බවත්ය.

අදාළ මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මේ වන විට කටයුතු කරමින්
සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන අත්අඩංගුවට ගත්
මන්ත‍්‍රී සහායකයා අද 20 දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් ප‍්‍රකාශයක් සටහන් කර
ගැනීමෙන් අනතුරුව ත‍්‍රිරෝද රථ රියැදුරා නිදහස් කළ බවත් පිටකොටුව පොලීසිය
ප‍්‍රකාශ කළේය.
-- 
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us, 
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe

visit this group at 
http://groups.google.lk/group/sricom

***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails, 
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
http://www.srinet.lk/

Reply via email to