ජනාධිපතිවරණය ශූන්‍ය කිරීමේ බටහිර සැලසුම

ලබන අගහරුවාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය ශූන්‍ය කරවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ප‍්‍රංශය, ජර්මනිය, නෝරවේ සහ නෙදර්ලන්තය යන රටවල් අභිරහස් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව හෙළි වී තිබේ. මෙහි එක් උපක‍්‍රමයක් ලෙස මෙම රටවල් ඔවුන්ගේ දේශීය නියෝජිතයන් මාර්ගයෙන් ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය අවලංගු කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ. එහි එක් අවස්ථාවක් වශයෙන් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පෙරේදා (21) මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා හමුවී ඇති අතර එහිදී ඔහු කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ශූන්‍ය කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සලකා බලන ලෙසයි.

ඉහත සඳහන් කළ බටහිර රටවල් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රහසිගත සමීක්‍ෂණයක් සිදු කර ඇති බව මේ වන විට අනාවරණ වී තිබෙන අතර ඉන් ප‍්‍රකාශ වී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයේ දී ප‍්‍රකාශිත ඡන්ද වලින් සියයට 60 කට වැඩි ප‍්‍රතිශතයක් ලබන බවයි. මේ නිසා ප‍්‍රචණ්ඩත්වයක් නිර්මාණය කොට එමගින් ජනරාල් ෆොන්සේකාගේ ජයග‍්‍රහණය පැහැර ගැනීමට ශ‍්‍රී ලංකාවේ පාලක පක්‍ෂය කටයුතු කරන බවට බටහිර මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීමේ කුමන්ත‍්‍රණයක් දියත් කිරීමට මෙම රටවල් පියවර ගෙන තිබේ. මෙහි එක් අවස්ථාවක් වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු තවදුරටත් බලයේ රැඳී සිටීම සඳහා හමුදාමය ක‍්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට ඔහු සූදානම්ව සිටින බව ප‍්‍රංශ පුවත් සේවය (AFP) මගින් ප‍්‍රචාරය කිරීමයි.

මේ අතර යුරෝපා සංගමයේ ඉහළ නියෝජිතවරියක් වන කැතරින් ඈෂ්ටන් මහත්මිය පසුගිය දා ප‍්‍රකාශයක් නිකුත් කළ අතර එහි දැක්වුණේ ශ‍්‍රී ලංකාවේ පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබඳ යුරෝපා සංගමය ගැඹුරින් අවධානය යොමු කළ බවත් ජනතාවට තමන් කැමති අපේක්‍ෂකයෙකු තෝරා ගැනීමට සුදුසු සාමකාමී පරිසරයක් නිර්මාණය කරන ලෙස ශ‍්‍රී ලංකාවේ සියලූ දේශපාලන පක්‍ෂ වලින් ඉල්ලා සිටින බවත්ය.

මීට අමතරව ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ද මෙම කුමන්ත‍්‍රණයේ තවත් කොටස්කාරියක් වී තිබේ. පසුගිය 17 වන දා ප‍්‍රකාශයක් නිකුත් කළ ඇය ඉන් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ සිදුවූ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වල ගොදුරු බවට පත් වූයේ එම සිදුවීම් වලින් මිය ගිය පුද්ගලයන් පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද එහි ගොදුරක් බවට පත්ව ඇති බවයි.


--
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us, Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe

visit this group at http://groups.google.lk/group/sricom

***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails, 
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
http://www.srinet.lk/

Reply via email to