*උතුරු නගෙනහිර එක් කරමු
ෆොන්සේකා සන්ධානය කොටි සිහි කරති
කොටි වෙබ් අඩවි ෆොන්සේකාට සහය පලකරති

*

යාපනයේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා
මහතාට සහයෝගය ලබා දීම සඳහා පවත්වනු ලැබූ රැස්වීමේදී මිනීමරු කොටි සංවිධානයේ
කොටි නායක ප්‍රභාකරන් ඇතුලු කොටි නායකයන් සිහි කරමින් විනාඩි කීපයක
නිෂ්ශබ්දතාවයක් පවත්වා ඇත.

සරත් ෆොන්සේකා ඇතුලු රනිල්,සෝමවංශ ජේ.වී.පී. අවුල විසින් හංස කොටි ගිසුමක්
නැතැයි පැවසුවද, ඉහත සිදුවූ දේශද්‍රෝහී ක්‍රියාව අප බහැර කරන්නේ කෙසේද? කොටි
සංවිධානය යනු මෙරට තහනම් කරන ලද,සහමුලින්ම විනාශ කරන ලද මිනීමරු ත්‍රස්තවාදී
සංවිධානයකි.සරත් ෆොන්සේකා මහතා රණවිරුවෙක් ලෙස මෙවැනි පිරිස් සමග එකතුවීම නම්
රටටත්, ජනතාවටත් කරන ද්‍රෝහීකමකි.

තවද කොටි ත්‍රස්තවාදීන්ගේ පිළිගත් නිල වෙබ් අඩවියක් වන "ටැමිල්නෙට්" හී ජනවාරී
මස 10 වැනිදා පළවූ ලිපියකින් සරත් ෆොන්සේකා මහතාගේ ජය තහවුරු කර කර තිබේ.

එලෙසම එම වෙබ් අඩවියේම 24 වැනිදා පල කළ ලිපියකින් ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා
පවසා සිටින්නේ,අප මහින්ද රාජපක්ෂ සමගත්, සරත් ෆොන්සේකා සමගත් සාකච්ඡා කළ
බවයි.එයින් අපගේ කොන්දේසි වලට මහින්ද රාජපක්ෂගෙන් අනුමැතිය නොලැබුණ හෙයින් සරත්
ෆොන්සේකා මහතාට සහයෝගය දැක්වීමට තීරණය කළ බවයි.

අපේ තීරණය උතුර සහ නැගෙනහිර එක් කිරීමයි.එය සරත් ෆොන්සේකා මහතා බලයට පැමිණීමෙන්
පසු ඔහුත් සමග එය සාකච්ඡා කරනවා.අප සරත් ෆොන්සේකාගෙන් කරන ඉල්ලීම් වලට
ජාත්‍යන්තර සහයොගයත් ලබා ගන්නවා.මෙම අරමුණු ඉලක්ක කර ගනිමින් අප සරත් ෆොන්සේකා
මහතාට සහයෝගය දක්වනවා.

මෙයින් කියවෙන්නේ ඔවුන් අත්සන් කළ ගිවිසුමේ සමහර කරුණුය.මෙම කරුණු වලින් දෙමළ
ජනතාව අතර ජාතිවාදය ඇති කර නැවතත් රට දෙකඩ කිරීමේ අරමුණකට යෑම සිදු
වෙයි.දැනුවත් වම මෙම පාපතර ක්‍රියාවට සරත් ෆොන්සේකා හවුල ඇතුලත් වී ඇත.

මෙය මහා අපරාධයකි. අපගේ දයාබර රණවිරුවන් ජීවිත පූජා කරමින්,අබ්බගාතයින් බවට පත්
වෙමින් මේ නිදහස් කර ගත් දේශය විනාශ කිරීමට යෑම අපට අනුමත කළ හකිද? ඒ වගේම වසර
30ක් අපා දුක් විඳි ඒ අහිංසක දෙමල ජනතාව නැවතත් පාපතර යුද්ධයකට ඇද දැමීමට
පිඹුරුපත් සකස් කරන දෙමළ සන්ධානයට අප ඉඩ දෙමුද.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැපවීමෙන් සියලු ජාතීන් අතර සාමයත් සහෝදරත්වයත්
ගොඩ නැඟුන මේ අවස්ථාවේ මෙම දේශද්‍රෝහී කල්ලිය විසින් නැවත එය විනාශ කර දරුණු
ආගාධයකට ඇද දැමීම කණගාටුවට කරුණකි.මේ රට එක්සේසත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ
මැතිඳුන් ගෙදර යවා, නැවත ඊළාම් දේශයක සංකල්පය ෆොන්සේකා, රනිල්,හකීම්, මංගල සහ
මනෝ ගනේශන් යන ද්‍රෝහීන් සමග එක්වී ඉටු කර ගැනීමට දෙමළ සන්ධානයත් ජාත්‍යන්තර
කොටි නඩයත් ක්‍රියා කරමින් සිටින බව මෙයින් පැහැදිලිවම සනාථ වෙයි.

-- 
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us, 
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe

visit this group at 
http://groups.google.lk/group/sricom

***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails, 
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
http://www.srinet.lk/

Reply via email to