*රනිල්,ෆොන්සේකා-සම්බන්දන් ගිවිසුම මම දැක්කා-සිවාජි
*ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් විසින් ජනවාරී මස 5 වැනි දින අපේ
මන්ත්‍රීවරු වෙත ද්‍රවිඩ සන්ධාන සහ ජෙනරාල් සරත් ෆොන්සේකා අතර ඇති කරගත්
ගිවිසුම පෙන්වූ බව මාධ්‍ය වෙත එම්.කේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා පවසා ඇත.

එම ගිවිසුම පිටපත් දෙකකින් සමන්විතයි.රනිල් වික්‍රමසිංහ සහ ජෙනරාල් සරත්
ෆොන්සේකා එම පිටපත් දෙකට වෙන වෙනම අත්සන් කර තිබුණා.හැබයි ජනතා විමුක්ති පෙරමුණ
අත්සන් කරලා තිබ්බේ නැහැ.

ඒ ගැන මම සම්බන්දන්ගෙන් ඇහැව්වා.එතකොට සම්බන්දන් කිව්වා,රනිල්
වික්‍රමසිංහයි,ෆොන්සේකයි අත්සන් කළ නිසා ජනතා විමුක්ති පෙරමුණ අත්සන් නොකළාට
ප්‍රශ්නයක් නොවන බවයි.එලෙසම මෙම පිටපත් දෙකට රනිල් සහ ෆොන්සේකා වෙන වෙනම අත්සන්
කිරීමත් සිවාජිලිංගම් මහතාට ගැටළුවක් වී ඇත.

එහි අන්තර්ගත් වී ඇති කරුණු වලින් උතුර සහ නැගෙනහිර ජනවාර්ගික අතින් කලාප තුනකට
බෙදා වෙන් කිරීමක් ඇති බව සිවාගිලිංගම් මහතා පවසයි.

ඉහත සඳහන් වූ කරුණු වලින් පෙනී යන්නේ අනාගතයේදී අති භයානක බිහිසුණු ජනවාර්ගික
කෝලහල සහ යුද්ධයකට අප රට මුහුණ දීමට්ය සිදුවන බවයි.සියළු රටවැසියන් අතර සමගිය
සහ එකිනෙකා අතර විශ්වාසය ගොඩ නඟනවා වෙනුවට මෙලෙස ජාතිවාදය වපුරා කරන විනාශය
වහාම නැවත්විය යුතුය.එලෙසම මෙවැනි දුෂ්ඨ මත වලට නීතිමය මගින් ක්‍රියා කිරීමට
හැකි පරිදි අපගේ ව්‍යවස්ථාව තවත් ශක්තිමත් කළ යුතුව ඇත.

වසර 30ක යුද්ධයකින් වැඩියෙන්ම පීඩා වින්ඳේ තර්ජිත ගම්මාන වල සිංහල
ජනතාවත්,උතුරු-නැගෙනහිර ජීවත්වූ අහිංසක දමිළ ජනතාවයි.ඒ ගැන කොළඹ වෙසෙන කලු
සුද්දන්ට නම් කිසිම හැඟීමක් නොමැත.ඒ වගේම නොව දුප්පත් ගම් වලින් ආරක්ෂක අංශ වලට
බැඳී රට වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ගේ කැපවීමද මේ අයුරින් පාවාදීමට ලක්වී
ඇත.

-- 
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us, 
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe

visit this group at 
http://groups.google.lk/group/sricom

***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails, 
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
http://www.srinet.lk/

Reply via email to