Read or Listen @ http://www.dinamina.lk/kalanamithuro
අටලෝ දහමට කම්පා නොවන සිතක් සදාගමුබලන්න, අපේ ජීවිතවල ස්වභාවයක් තියෙනව, මේ ලෝකය
වෙනස්වෙලා යනකොට ඒ ඹස්සේ අපි කණගාටු වෙනව. එහෙම නැත්නම් සතුටු වෙනව. ඒ භාග්‍යවතුන්
වහන්සේ අපට පෙන්වා දෙනව, මේ ලෝකය පෙරළෙනව, වෙනස් වෙලා යනව. ඒක ලෝක ධර්මයක්. ඒ ලෝක
ධර්මයන් වෙනස් වෙන කොට පෙරළෙන කොට, ඒ අනුව මනුෂ්‍යයා වෙනස් වෙලා යනව නම්, කළ
යුත්තේ මොකක්ද? ලෝකය වෙනස් වෙද්දි, වෙනස් නොවෙන සිතක් හදා ගන්න
අපි උත්සාහ කරන්්න ඕනැ.ලෝකයේ වෙනස්වීම වළක්වන්න බෑ. ලෝකය වෙනස් වෙනකොට, අපට වෙනස්
නොවී ඉන්ට පුළුවන් සිතක් හදාගන්න පුළුවන් නම්, ඒක තමයි සාර්ථක. ඒ භාග්‍යවතුන්
වහන්සේ අපට කියා දෙනව, මේ ලෝක ධර්මයන් අටක් තියෙනව. ලාභ-අලාභ, අයස-යස, නින්දා-
ප්‍රංසා, සැප-දුක. මේව වෙනස් වෙනව. පෙරළිල යනව. ඒවා වෙනස් වෙනකොට, ඒ ඹස්සේ සිතන
පිළිවෙල අපි නිවැරදි කර ගත්තොත්, අපට පුළුවන් වෙනව, පහසුවෙන් වාසය
කරන්න. දුකින් නිදහස් වෙන්න. ඒ ලෝක ධර්මයන් වෙනස්වීම වළක්වන්න අපට බෑ.ඒ
භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව, ලෝකයේ ලෝක ධර්මයන් පෙරළිලා යනකොට, අශ්‍රැතවත්
පෘතග්ජන කෙනාත්, ආර්ය ශ්‍රාවකයාත් සිතන පිළිවෙල වෙනස්. පෘතග්ජන කෙනා ලාභයක්
ලැබෙනකොට, එයා කල්පනා කරනව, මේ ලාභය ලැබුනෙ මට කියල, ඒ ලාභයට යට වෙනව. යටවුණ
සිතින් තමයි එයා ඒ ලාභය පරිහරණය කරන්නෙ. එයා ඇලීමෙන් ඒ ලාභය පරිහරණය කරනව.
අලාභයක් ලැබුණොත්, එකටත් සිත යටවෙනව. යටවෙලා ගැටුනු සිතින් ඒක පරිහරණය
කරනව.නින්දාවක් ලැබුණොත්, ඒකටත් සිත යටවෙනව. යටවෙලා, ගැටුනු සිතින් නින්දාව
පරිහරණය කරනව. ඒ අශ්‍රැතවත් පෘතග්ජන කෙනා, මේ ලෝක ධර්මයන් වලට මේ අකාරයට මුහුණ
දෙනකොට කවදාවත් ජාති, ජරා, මරණ, දුක්ඛ දෝමනස්සයන් කියන මේ දුකෙන් නිදහස් වෙන්ට
එයාට විදියක් නෑ. ලෝක ධර්මයන් පෘතග්ජන කෙනාටත් එක සමානයි, ආර්ය ශ්‍රාවකයටත්
එකයි. වෙනසක් නෑ. ලෝකයේ සිදුවන වෙනස්වීම කාටත් සමානයි. හැබැයි, ඒ සිදුවීම ගැන
කල්පනා කරන පිළිවෙල තමයි වෙනස්.ආර්ය ශ්‍රාවකයාට ලාභයක් ලැබුණොත් එහෙම, එයා කල්්පනා
කරනව, මට දැන් ලාභයක් ලැබුණා. හැබැයි ඒක අනිත්‍යයි, දුකයි, වෙනස්වෙන ස්වභාවයෙන්
යුක්තයි, කියල. ආන්න ඒ විදියට එයා කල්පනා කරල, ඇළුනු සිතින් නෙවෙයි එයා ඒක පරිහරණය
කරන්නෙ. එයා ඒ ලාභය පරිහරණය කරනව. පරිහරණය කරන්නේ ඒකේ යථා
ස්වභාවය තේරුම් අරගෙන. මොකක්ද යථා ස්වභාවය? ඒක අනිත්‍යයයි, දුකයි, වෙනස්වෙලා යන
ස්වභාවයෙන් යුක්තයි කියල එයා කල්පනා කරනව.එයාට අලාභයක් ලැබුණොත්, එයා කල්පනා කරනව,
මට දැන් අලාභයක් ලැබිල තියෙන්නෙ. හැබැයි ඒකත් අනිත්‍යයි, දුකයි, වෙනස්වෙන
ස්භාවයෙන් යුක්තයි කියල කල්පනා කරනව. එතකොට එයා අලාභය පරිහරණය කරන්නේ, ඒකට යටවෙලා
නෙවෙයි. ගැටුනු සිතින් නෙවෙයි. ලාභය පරිහරණය කරන්නෙ, ඒකට
යටවෙලා නෙවෙයි, ඇලුනු සිතින් නෙවෙයි.ඒ අර්ය ශ්‍රාවකයාට ප්‍රශංසාවක් ලැබුණොත්, එයා
කල්පනා කරනව, මට දැන් ප්‍රශංසාවක් ඉපදිලා තියෙන්නෙ, හැබැයි ඒක අනිත්‍යයි, දුකයි,
වෙනස්වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ විදියට කල්පනා කරන නිසා එයාගෙ සිත ඒකෙන් යටවෙන්නෙ
නෑ. ඒ නිසා එයා ඇලුන සිතින් ඒක පරිහරණය කරන්නෙ නෑ. ඒ වගේම, එයාට නින්දාවක්
ලැබුණොත් එයා කල්පනා කරනව, මට දැන් නින්දාවක් ඉපදිලා
තියෙන්නෙ, මේක අනිත්‍යයි දුකයි වෙනස්වෙන ස්වභාවයෙන් යුක්තයි.මේ විදයට කල්පනා
කරනකොට, එයාගෙ සිත නින්දාවෙන් යටවෙන්නෙ නැ. ඒකෙන් උපන් වි£මෙන් යටවෙන්නෙත් නෑ. ඒ
නිසා එයා ගැටණු සිතින් නෙවෙයි ඒ නින්දාව පරිහරණය කරන්නෙ. අර්ය ශ්‍රාවකයා ඒ වගේ යථා
ස්වභාවය ගැන කල්පනා කරනව. කල්පනා කරන නිසා, එයාගෙ සිත යටවෙන්නෙ නෑ. එයා ඇලුන
සිතින්, ගැටුන සිතින් පරිහරණය කරන්නෙ නෑ. අන්න ඒ නිසා
භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, ඒ ආර්ය ශ්‍රාවකයාට ජාති, ජරා, මරණ, දුක්ඛ
දෝමනස්සයන්ගෙන් නිදහස්වීමක් තියෙනව කියල.බලන්න, අපට මේ ධර්මය සාධාරණ නැද්ද? අපට මේ
ධර්මයෙන් බැහැරව සුවපහසු ජීවිතයක් ඇතිකරගන්න පුළුවන්ද? දැන් අපි තමතමන්ගේ ජීවිත
ගැන තමතමන් බැලිය යුතුයි. මොකද අපි තනියෙන් පෞද්ගලිකව තමයි අපේ කටයුත්ත කරගන්නෙ.
පොදුවේ පිරිසක් එක්ක ඉන්නව. පිරිසත් සමඟ පොදුවෙ සිටිය
යුතු වුවත්, තමාගේ කටයුක්ත ගැණ තමා පෞද්ගලිකව කල්පනා කළ යුතුයි. එතකොට අපට ඒ ලෝක
ධර්මයන් මුනගැහෙණ කොට, ඒවා වෙනස්වෙලා යනකොට, පෙරළෙනකොට අපි ඹස්සේ කල්පනා කරන්නෙ
කෙහොමද? අපි ඒව පරිහරණය කරන්නේ කෙහොමද? කියල කල්පනා කරල බලන්න.අන්න එතකොට අපේ
ජීවිතය ගැන අපටම තීන්දුවක් ගන්න පුළුවන්. අපි භාග්‍යවතුන් වහන්සේ වදාළ අකාරයෙන්
කටයුතු කරනවාද? නැද්ද? කියල කල්පනා කරල, අපිට ඒ භාග්‍යවතුන්
වහන්සේ වදාළ ආකාරයෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න පුළුවන්කම තියෙනව. ඒ නිසා ඒ ලෝක
ධර්මයන්ට කම්පා නොවී ඉන්න පුළුවන් සිතක් හදාගන්න කැමති වෙන්න. සියලු දෙනාට ම අටලෝ
දහමට කම්පානොවී ඉන්ට පුළුවන් සිතක් හදාගන්ට හැකියාව උදාව්වාෟ කියල අපි ආශිර්වාද
කරනව.තෙරුවන් සරණයි !පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
--
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us,
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe
visit this group at
http://groups.google.lk/group/sricom
***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
List-Subscribe :Send a Email to : [email protected]
List-Unsubscribe : Send a Email to : [email protected]
=====================================================================
http://www.srinet.lk/