- *තුනුරුවන් සරණයාම* -
කළ යුත්තේ මෙසේය.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම සරණ යමි.
දෙවනුවද ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම සරණ යමි. තෙවනුවද ඒ
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම සරණ යමි.
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස
වදාළ චතුරාර්ය සත්‍යය ප‍්‍රකාශිත උතුම් ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. දෙවනුවද ඒ
භාග්‍යවතුන් වහන්සේ විසින් දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස වදාළ චතුරාර්ය සත්‍යය
ප‍්‍රකාශිත උතුම් ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි. තෙවනුවද ඒ භාග්‍යවතුන් වහන්සේ
විසින් දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස වදාළ චතුරාර්ය සත්‍යය ප‍්‍රකාශිත උතුම්
ශ‍්‍රී සද්ධර්මය මම සරණ යමි.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය වන උතුම් රහතන්
වහන්සේලා ප්‍රමුඛ මගඵලලාභී ආර්ය මහා සංඝරත්නය මම සරණ යමි. දෙවනුවද ඒ
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය වන උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ
මගඵලලාභී ආර්ය මහා සංඝරත්නය මම සරණ යමි. තෙවනුවද ඒ භාග්‍යවතුන් වහන්සේගේ
ශ්‍රාවක සංඝරත්නය වන උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ මගඵලලාභී ආර්ය මහා සංඝරත්නය
මම සරණ යමි.
මාගේ ජීවිතය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා
කරමි. පූජා වේවා! මාගේ ජීවිතය උතුම් ශ‍්‍රී සද්ධර්මයට පූජා කරමි පූජාවේවා. මාගේ
ජීවිතය ආර්ය මහා සංඝරත්නය පූජා කරමි. පූජාවේවා! මාගේ ජීවිතය උතුම් තුනුරුවනට
පූජා කරමි. පූජාවේවා!
- *කරුණා භාවනාව* -
සියලූ සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝග වෙත්වා! සුවපත් වෙත්වා!
දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුවසේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත්වෙත්වා!
මෙය මහග්ගත චේතෝ විමුක්තිය හා අප්පමාණ චේතෝ විමුක්තිය යන දෙආකාරයටම වඩන්න.
තෙරුවන් සරණයි!
From: http://dhammamedicine.blogspot.com/2011/02/blog-post_18.html
<http://dhammamedicine.blogspot.com/2011/02/blog-post_18.html>
--
*~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~*
http://groups.google.com/group/amadamgagula
--
You received this message because you are subscribed to the Google Groups
"::SriNet.lk::" group.
To post to this group, send email to [email protected].
To unsubscribe from this group, send email to
[email protected].
For more options, visit this group at
http://groups.google.com/group/sricom?hl=si.