<http://dhammamedicine.net/wp-content/uploads/2011/05/baby.jpg>
උතුම් ගෞතම බුදු සසුනේ පහස ලබන පින්වත් මිතුරනේ, ඔබට කුමක් සිතේ ද මේ දරු පැටියාව දැක්කහම…… ආසවක්…..? ඔබට ඔබේ දරුවාව එහෙමත් නැත්තම් ඔබේ දරුවගේ සුරතල් ළමා කාලය මතක්වෙනව ද? එහෙමත් නැතිනම් ආපසු ළමා කාලයට ඔබට යාමට සිතෙනවා ද? හා ..හා……… පොඩ්ඩක් ඉන්න මම කැමතියි ඔබට මේ රූපයේ දැක්වෙන දරු සිගිත්තට වගේම, අප කොයි කාටත් මෙලොව එලිය දැකීමට පෙර මව් කුසේදි වාගෙම මෙලොව එලිය දුටු විටත් අපි හැමෝටම විදින්න වෙන දුක් කන්දරාව පොඩ්ඩක් මතක් කරල දෙන්න. “මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, පියුම් ගොබෙක හෝ රන් කරඩුවක නොවේ. ඔහු පක්වාශය මතුයෙහි ආමශය යට අතුනු වැටි, පිටිකටු දෙකට අතරෙහි වූ අතිශයින් අවහිරවූ ලෝකාන්තරික නරකය සේ අදුරු වූ ගූථනරකය සේ පිළිකුල් වූ පරම දුර්ගන්ධ වාතයෙන් පිරුනවූ මව් කුසැ, වැසිකිළි වළෙක උපදනා පණුවකු සේ උපදින්නේය. ඉක්බිති ඔහු දසමසක් මුළුල්ලෙහි මව් කුස තුළම උෂ්ණයෙන් පැසෙමින් අත් පා හැකිලීම් දිගුකිරීම් වලින් තොරව මහත් දුකක් විදින්නේය. ඔහු මව හිදගන්නා වූ ද නැගිටින්න වූද යන්න වූ ද නොයෙක් වැඩ කරන්න වූ ද කාලයන් හි රා සොඩෙකු අතට අසුවූ එලු පැටවකු මෙන්ද, අහිකුණ්ඪකයෙකුට අතට පත් සර්පයෙකු මෙන්ද පොඩි වන්නේය, තැළෙන්නේය. ඔහු මව ඇල්දිය පී කල්හි ලෝකාන්තරික නරකයට වැටුණකු මෙන්ද, මව උණු පැන් පී කල්හි ගිනි කබලකට වැටුණකු මෙන්ද, මව ලුණු ඇඹුල් කෑ කල්හි කැපෙන ලුණු දිය ඇති වේතරණී නරකයට දමනු ලැබුවකු මෙන් ද වන්නේය.” “දරුවා බිහිවන කල්හි මව් කුස තුලම හටගන්නා වූ කර්මජ වාතයෙන් ළදරුවගේ ශරීරය හිස යටිකුරු කොට යෝනි මුඛයට වැටෙනසේ පෙරළන කල්හි දරුවාට පර්වතයකින් හෙළනු ලැබුවකුට මෙන් අතිමහත් දුකක් වන්නේය. අති සම්බාධ වූ යෝනි මුඛයෙන් නික්මෙන කල්හි සඪ්ඝාත නරකයෙහි පෙරළෙන පර්වත දෙක අතරට අසු වූ නිරි සතුන්ට වන්නා වූ දුකට බදු මහත් දුකෙක් වන්නේය.” තව පොඩ්ඩක් ඉන්න තාම ඉපදීමේ දුක කියලා අවසන් කරේ නෑ. “මවු කුසින් බිහි වූ ළදරුවා හට එකෙණෙහිම නාවා පිරිසිදු කරන කල්හි අලුත හටගත් වණයකට ලුණු ලා කොස්සකින් උලන කල්හිමෙන් මහත් වූ දුකෙක් වන්නේය.” (ඉහත කරුණු උපුටා ගත්තේ පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ ගේ කෘතියකින්….) ඉතින් ඉපදුනාට පස්සෙ අද දක්වා ඔබට, මට මුහුණ දීමට සිදු වූ කායික මානසික දුක් කන්දරාවාත් මෙතකැයි කියා නිම කරන්න බෑ නේද? අපි මේ ජිවිත කාලය තුල විදින දුක් කන්දරාව සතර මහා සගරයේ ජලය හා සමාන කොටත් අපි විදින අල්ප වූ සැපය එක් තනි ජල බින්දුවක් හා සමාන කොටත් තමා අපේ ඒ සම්මා සම්බුද්ධ වූ තුන් ලෝකාග්ර වු බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද්දේ. ඉතින් ඒ ශ්රී බුද්ධ වදන් තමාගේ ජීවිතය තුලට ගලපා බලන්න කෙනෙකු හට කොයි තරම් නුවැණසක් තිබිය යුතුද? ඒ වගේම තමා අපි විසින් අතීතයේ විඳි හා වර්තමනයේ විඳින කායික වූ ත් මානසික වූ ත් කර්කෂක දුක්ඛයන් අපට මතක නැතිවීමත්, අමතක කර දැමීමත් යන කාරණා අපේ ප්රමාදයට හේතු වෙලා තියෙනවා. ඉතින් පින්වත් මිතුරනේ, මින් පසු අප ඇස් ඉදිරියට දරු සිගිත්තෙක් හෝ දරු සිගිත්තෙකුගේ ජායාරූපයක් පැමිනණි විට එම රූපයට වසඟ නොවී (සුබ වශවෙන් නිමිති නොගෙන ) ඒ පිටුපස ගැබ්වී ඇති සැබෑ අර්ථය (සතර මහා ධාතූන් ගේ හට ගැනීමත් – ආයතන හයෙහි පහලවීමත් – පන්ච උපධානස්කන්ධයේ පහලවීමත් – දුකෙහි ඇතිවීමත් යන කරුනුත් ඒවායෙහි නැතිවීමත්) දෙස සිහි නුවණින් යුතුව බලා අපගේ කල්පනාව එහෙමත් නැත්තම් අපට ඇතිවන සිතුවිලි මේ දුක්ඛිත වූ ත් භයන්කාර වූ ත් අනවරාඝත සංසාරයෙන් නිදහස් වීම පිණිසම පිහිටක් කර ගනිමු. ඔබ සැමට තෙරුවන් සරණ වේවා…… උතුම් වු ඒ අමා නිවන් සුවම ලබත්වා From: http://dhammamedicine.net/2009/11/11/doyou-remember/ PS: If you are confident enough to watch a real video, watch this<http://www.youtube.com/watch?v=JPTTd0M89oc>on you-tube. http://www.youtube.com/watch?v=JPTTd0M89oc -- *~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~* http://groups.google.com/group/amadamgagula -- You received this message because you are subscribed to the Google Groups "::SN::" group. To post to this group, send email to [email protected]. To unsubscribe from this group, send email to [email protected]. For more options, visit this group at http://groups.google.com/group/sricom?hl=si.
