පංච නීවරණ ධර්මආධුනිකයෙකු වශයෙන් භාවනාවේ නියුතුවන ඔබ භාවනාව ඉදිරියට කරගෙන
යෑම අඩාල කරන්නාවූ සතුරු ධර්මයන් පිළිබඳව දැනුවත් වීමද වැදගත් වනු ඇත. මේ
ආකාරයට නිවන් මඟ වසා භාවනාව ඉදිරියට කරගෙන යෑමට නොදී නිවන ආවරණය කරන්නා වූ
කාමචිඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්ධචිච කුක්කුචිච හා විචිකිචිචා නමි නීවරණ
ධර්ම පසක් ඇත. මේ පිළිබඳවත් දැනුවත් වන්න.

කාමචිඡන්ද නීවරණය
කාමචිචන්ද යනු, ප්‍රිය උපදවන සුළු,  ප්‍රිය මධුර අරමුණු, ආදිය කෙරේ ඇතිවන
කමැත්තයි. භාවනාවේ දී ශරිරය නිසොල්මනේ තබාගෙන සිත එක අරමුණකට යොදවන්න සිදුවනවා
. මේවැනි විටක මේ කාමචිචන්ද නිවරණය නැගි ආ විට සිත එම අරමුණෙන් වෙනතකට ඇද
දැමිම සිදුවනවා. මෙම කාමචිඡන්දය භාවනාව තුලින්ම මෙන්ම වෙනත් භාහිර අරමුණු නිසා
ද ඇතිවීමට පුළුවන්. භාවනාකර්මයට විරුද්ධ වෙමින්, රූපයන්, ශබිධ, ඝන්ධ, රස,
ස්පර්ශ හා වෙනත් ප්‍රිය වූ අරමුණු කරා කැමැත්ත ඇතිවීම නිසා සිත විසිරී යාම
කාමචිඡන්ද නීවරණයේ නැග ඒමයි.

ව්‍යාපාද නීවරණය
ව්‍යාපාදය යනු තරහවයි, ඔබ භාවනාවේ නියුතුව සිටිනා විට අතීත අනාගත වර්තමාන යන
කාලත්‍රය පිළිබඳවම ව්‍යාපාදය ඇතිවිමට හැකියාවක් ඇත. අතිතයේ කල කී දෑ
අත්විදින්ට සිදුවූ සිදුවීමි, අනාගතයේ කරන්නට වන දෑ, කරන්නට ඇති දෑ ගැනත්  එසේම
ඔබ භවනා කරමින් සිටිනා අවස්ථාව දී මදුරුවෙක් දෂ්ඨ කිරීම නිසා හෝ, ඔබ අප්‍රිය
ශබිධයක් ඇසීම ආදිය නිසා යමි ‍තරහවක් ඔබට ඇතිවවුවා නමි, එවාද මෙවැනි වෙනත්
කරුණු තුලින් ඇති කර දෙන්නානා වූද  තරහව ව්‍යාපාද නිවරණයේ පැවැත්මයි.

ථින මිද්ධ නීවරණය
ථින මිද්ධය යනු සිතේ ඇතිවෙන හැකිළුන නිදිමත ගතිය. එකම අරමුණක සිත නැවත නැවත
පිහිටුවන්න ඔබ දරන උත්සාහයේ දී සිතට ඇතිවෙන වෙහෙස නිසා නිදිමත ගතියක් ඇතිවන්න
පුළුවන්. එයට අමතරව ඇස් පියාගත් විට සමහරෙක්ට දැනෙන නිදිමත ගතියත් ථින මිද්ධ
නිවරණයේම පැවැත්මයි.

උද්ධචිච-කුක්කුචිච නීවරණය
මේ නීවරණය බොහෝ දෙනෙක්ට කරදර ඇතිකරන්නා වූ නීවරණයක්. භාවනාවට අසුන්ගත් වෙලාවේ
සිට භාවනාව අවසන් කරනා තුරුත් සමහරෙක්ට තමා කල දෑ පිළිබඳවත්,  තමුන්ට කිරීමට
තිබෙන දෑ පිළිබඳවත්, තමා මෙතෙක් නොකල දෑ පිළිබඳවත් සිතමින් සිත එමේ අත විසිරී
ගොස් දුකට පත්වන ස්වභාවයක් ඇත්නමි එය උද්ධචිච-කුක්කුචිච නීවරණයේ පැවැත්මයි.

විචිකිචිචා නීවරණය
මේ නිවරණ ධර්මය අතිවිට මේ භාවනාව කර වැඩක් තිබෙයිද? නැද්ද?මේ ධර්මය නිවැරදිද?
වැරදිද? මේ ආකාරයට භාවනා කර නිවන් යා හැකිද? ආදි වශයෙන් තුන් රුවන කෙරෙහිම
සැකයන් ඇතිවීම දැකිය හැකියි. භාවනාවෙන් යමි අත්දැකිමක් ලබනා තුරුම මෙම නීවරණය
දැඩිව පැවතීමට ඉඩ ඇත.

නීවරණ යටපත් කිරීම
දක්ෂ වෛද්‍ය‍වරයෙක් රෝග ලක්ෂන බලා රෝගය නිර්ණය කර ගන්නා මෙන්, දක්ෂ යොගාවචරයා
භාවනා කාලය තුල තමාගේ සිතේ හැසිරීමි ස්වභාවය බලා තමා නීවරණයන්ට යටපත් වී ඇත්ද
නැද්ද යන්න දැන ගැනීම කල යුතුම වන්නේ. එසේ නිවරණයන්ට යටවී ඇත්නමි ඒ නීවරණයන්
ඉවත් කරමින් භාවනා අරමුණ කෙරෙහිම සතිය පිහිටුවීම කල යුතු වන්නේය.

සතිපටිඨාන සුත්‍රයේ ධම්මානුපස්සනා කොටසේ මේ ඇතිවන නිවරණ ධර්මයන්ම භාවනාවක්
වශයෙන් භාවිතා කල හැකි බව බුදු පියාණන්වහන්සේ දක්වා සිටිනවා. භාවනාව අතර තුර
භාවනා අමුණට පරිබාහිරව ඔබට ඇතිවන කවර අරමුණක් වුනත් කුමන නීවරණයකට අයත් වන්නේ
ද කියා තෝරා බේරා ගැනීමට ඔබට හැකිනමි එවැනි අවස්ථාවක දී ඔබට මේ අකාරයෙන්
පිළිපැදීමට හැක.


උදාහරණයක් ලෙස කාමචිඡන්දය ඇතිවන විටක ඒ නීවරණ ධර්ම ඇතිවූ බව සතියෙන් දැන ගැනීම
කල යුතුයි. ඉන්පසු  “කාමචිඡන්ද නීවරණය ඇතිවුනා. කාමචිඡන්ද නීවරණය ඇතිවුනා” කියා
ඒ නිවරණයේ පැවැත්ම පිළිබඳව  සතිය පිහිටුවිය යුතුයි. එවන් මෙනෙහි කිරිමක් කල
විට ස්වභාවය වන්නේ ඒ නිවරණ ධර්මය නැතිවි යෑමයි. එසේ ඒ නිවරණ ධර්මය නැතිවියාම
සිදුවූ විටම එය දැක. “කාමචිඡන්දය නැතිවුනා කාමචිඡන්දය නැතිවුනා” කියා ඒ
නැතිවීම තුලත් සතිය පිහිටුවා සිත නැවත කලින් භාවනා අරමුනේම පිහිටුවිම කල යුතුයි
. මේ ආකාරයට අන් නිවරණ ධර්ම කෙරෙහිත් පිළිපැදිය යුතුය.

-- 
*~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~*
http://groups.google.com/group/amadamgagula

-- 
You received this message because you are subscribed to the Google Groups 
"::SN::" group.
To post to this group, send email to [email protected].
To unsubscribe from this group, send email to 
[email protected].
For more options, visit this group at 
http://groups.google.com/group/sricom?hl=si.

Reply via email to