අනමතග්‌ගොයං,භික්‌ඛවෙ, සංසාරො. පුබ්‌බා කොටි නපඤ්‌ඤායතිඅවිජ්‌ජානීවරණානංසත්‌
තානංතණ්‌හාසංයොජනානංසන්‌ධාවතං සංසරතං. එවං දීඝරත්‌තං වො,භික්‌ඛවෙ, දුක්‌ඛංපච්‌
චනුභූතං තිබ්‌බංපච්‌චනුභූතං බ්‍යසනංපච්‌චනුභූතං, කටසීවඩ්‌ඪිතා. යාවඤ්‌චිදං,භික්
‌ඛවෙ, අයමෙවසබ්‌බසඞ්‌ඛාරෙසුනිබ්‌බින්‌දිතුං, අයංවිරජ්‌ජිතුං, අයං විමුච්‌චිතුන්
‌ති.

මහණෙනි, අවිජ්ජාවෙන් වැසුනු තණ්හාවෙන් බැදුනු සංසාරයේ ඇවිදින්නාවු
සැරිසරන්නාවු සත්වයාගේ සංසාර‍ය මුලක් කොනක් නොපෙනේ. එහි නොදක්නා ලද අඟ ඇත්තේය.
එහෙයින් මහණෙනි මෙසේ නුඹලා විසින් දුක් අනුභව කරන ලදි. දැඩි දුක් අනුභවකරන
ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහාණනි, මෙ සියලු සංසකාරයන්
කෙරෙහි. කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදිම සුදුසුමය.
 (සං.නි. අනමතග්ග සංයුක්තය)

රාග, ද්වේශ, මෝහ, තෘශ්ණා, මාන, දිටිඨි ආදී අවිද්‍යාවෙන් වැසී තෘශ්ණාවෙන් වෙලී
භවයෙන් භවයට ගමන්ගන්නාවු මේ සංසාරය අතිශය බිය කරුය. එහි අඟක් මුලක් කිව හැකි
නොවේ. අවම වශයෙන් සෝවාන් මාර්ගය ලබනා තුරු ඔබ සතර අපායෙන් මිදුනෙක් නොවේ.

බුද්ධාන්තර ගණන්, ගණනින් ප්‍රමාණ කල නොහැකි කාලයක් මුලුල්ලේ මල, මුත්‍ර,
අසුචි, අනුන් අහක දමන සෙම සොටු ආදිය ආහාර කර ගනිමින්, අදින්නට වතක් නොමැතිව,
කන්නට අහරක් නොමැතිව, ඇතුලත දැවෙන්නාවු දැව කොටන් මෙන් පිලිස්සෙමින්, අන්ත
අසරණව, අන්ත දුක්ඛිත තත්වයට පත්ව ප්‍රේත ලෝක වල ඉපදී විදින්නට සිදුවන දුක මේ
මනුස්ස ජීවිතයක අන්ත දුක්ඛිතම මිනිසා විදින දුකටත් වඩා කොටි ලක්ෂ වාරයකින් අති
විශාලය.

ඔබේ අතක පයක පොල් කීරක්, කටුවක් ඇනුණ විට ඇතිවන වේදනාවේ තරම ඔබ දන්නා කරුණක්.
අතක් පයක් කැඩි යාම බිඳී යාම, කැපී යාම නිසා ඇතිවන දුක්ඛ වේදනාවන් වුවත් ඔබ
අත් දැක තිබෙන්නට පුළුවන්. තිරිසන් අපායේ තිරිසන් ආත්මභාව ලබා, පණ පිටින්ම
වෙනත් සත්ත්වයින් අල්ලා ගෙන මස් ඉර ඉරා කන විට, මැක්කන්, කිනිතුල්ලන්,
මැස්සන්, මදුරුවන් ආදී වෙනත් සත්ත්වයින් විසින් ඇතිකරන්නාවු දුක්ඛ වේදනාවන්ට
නිරන්තරයෙන් පත් වෙමින් විදින්නාවු දුක්ඛයන් හා සසඳනා විට, මිනිසුන් විසින් හන
තැබීමි, හීලෑ කිරිමි, මසට මැරීම, පහර දීම ආදිය සඳහා අවි ආයුධ භාවිතා කරමින්
ලබා දෙන්නාවූ ඇතිකරන්නා වූ වේදනාවන් හා සසඳන විට මිනිසෙකු වන ඔබට ලබන්නට
සිදුවන්නාවු දුක්ඛයන් හා එය සම කිරිමට හෝ නොහැකි බව ඔබට තේරුමි යා යුතු කරුණක්.

අසුර අපායේ ඉපිද ගණනින් ප්‍රමාණ කල නොහැකි කාලයකට පසු ලැබෙන ආහාරයක් පවා ගත
නොහැකිව, හිස මත පිහිටි හිඳිකටු තුඩක් පමණ වන මුඛයක් හා ගවි ගණනක් විශාල
ශරිරයක් ඇතිව විදින්නට සිදුවන දුක්ඛයත්, වින්නිපාතිකව අපායේ ඉපිද ලොහො දිය
හැලි වල තැප්පි තැප්පි පංච විධ වධ බන්ධනයන් ලබමින්  යමපල්ලන් විසින් හිස් පොඩි
කර දමනා විට, මාළුන් මෙන් බිලි කොකු දමා ඔබව බිලි බානා විට දී, යහුල් ආදියෙන්
අනිනා විට දී, අවීචි ආදි නරකයන්ගේ නොනිමෙන ගිනි දැල් තුල ඔබ පොරණුවක දමා බදිනා
මස් මාංශ මෙන් නොමැරී පන ඇතිවම බැදී යන විට දී විදිනට වන දුක්ඛයන් හා සම කල
හැකි දුක්ඛයක් මෙළොව නැති බැවි ඔබටම තේරුමි යා යුතුය.

මෙම මහා දුක්ඛයන්ගෙන් ඔබ තවමත් නිදස් වුවෙක් නොවේ. කාල නිර්ණයක් නොමැතිව අනන්ත
වුත් අප්‍රමාණ වූත් මේ ‍මහා දුක්ඛස්ඛන්ධය විඳීමට ඔබට මතුවට නියමිතව ඇත.

අපගේ තථාගත බුදුපියාණන්වහන්සේ නඛසික ආදි සුත්‍ර දේශනයන්හි කියා සිටි සේම මේ
මිනිස් බව ලැබුවන් අතුරින් ගණනින් සැලකිමට හො නොහැකි අතිශය සුළු පිරිසක් පමණයි
නැවතත් සුගති ලෝකයක උප්පතිය ලබනුයේ. අන් සෑම සත්ත්වයෙක්ම තමා කොහේ ගියත් තමාගේ
නිවස බලාම යන්නාක් මෙන් සතර අපායන් කරාම ගමන් ගන්නවා. ඒ මහා දුක්ඛයෙන් ඔබ තවම
නිදහස් වුවෙක් නොවේ.

අද මහානුභාව සමිපන්න, දෙවියෙක් වුවත්, ශක්‍ර දිව්‍යරාජයා වුවත්, මහා බ්‍රහ්මයා
වුවත්, සක්විති රජ වුවත්, කුමන සැප සමිපත් භුක්ති වින්දත්, සෝවාන් මාර්ගය ලබනා
තුරු ඔබව සතර අපා දුකට ඇද දමා අනන්ත වූ දුක් පැමිණවිය හැකි මහා අකුසල කර්ම
සමිභාරයක් අනාදිමත් කලක සිට මේ සංසාරගත ඔබ සතුව පවතිනවා. කාට කියනනට පුළුවන්ද
ඔබ අපා ගත නොවේය කියා. ඔබ සුගතියකම උපත ලබනවාය කියා. කවුරුන් නමි ඔබට ඇප
වන්නද? ඒ නිසා ඔබ ඉදිරියේ ඇති මහා භයංකර වූ අතිශය දරුණුවූ මේ සසාරික
දුක්ඛයෙන් තවමත් ඔබ නිදහස් වුවෙක් නොවන බව ඔබ තේරුමි ගත යතුමයි.

අවම වශයෙන් මේ භවයේදී සොවාන් ඵලය හෝ සාක්ෂාත් කරන්නාවු ඔබ සතර අපා ගිනි නිවා
දැමුවෙක් වනවා. සුගතියෙන් සුගතියටම ගොස්, මහානුභාව සමිපන්න අත්මභාවයන් ලබා,
උපරිම භව 07 කින් මේ දුක්ඛිත වු අසාර වූ සංසාර ගමන ඉතා සතුටින් හා ප්‍රීතියෙන්
අවසන් කරන්නාවූ මහා වීරයෙක් වනවා.

ඉතාමත් දුර්ලභ මිනිස් දිවියක් ලබා ඇති ඔබ එයින් ලැබිය යුතු සාරම ඵලය ලබා මේ
මහා දුක් ගිනි නිවා පරම සැපතට පත්වී නිවී යාම පිණිසයි භාවනා කල යුත්තේ. පරම
සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කිරිමටයි භාවනා කල යුත්තේ. රාග, ද්වේශ, මෝහ,
තෘශ්ණා, මාන, දිටිඨි, අවිද්‍යා ආදී ප්‍රහාණය කල යුතු ධර්මයන් ප්‍රහාණය
කිරීමටයි ඔබ භාවනා කල යුත්තේ.  අද අදම මාර්ග ඵල ලැබිමේ අභිලාශයෙනුයි ඔබ භාවනා
කල යුත්තේ. භාවනා කරන ඔබේ ඒකායන අරමුණ විය යුත්තේ පළමුවත්, දෙවනුවත්, තෙවනුවත්
එයමයි. එවන් උතුමි අභිලාශයෙන් යුතුව භාවනාවේ නියුතු වන්නා වූ ඔබේ භාවනාව නියත
වශයෙන්ම සඵල වී මෙළොවත් පරළොවත් යන දෙළොවම අතිශය සාර්ථක වනවා ඇත.


From: http://www.budurashmiya.net/2012/07/blog-post_4.html

-- 
*~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~*
http://groups.google.com/group/amadamgagula

-- 
You received this message because you are subscribed to the Google Groups 
"::SN::" group.
To post to this group, send email to [email protected].
To unsubscribe from this group, send email to 
[email protected].
For more options, visit this group at 
http://groups.google.com/group/sricom?hl=si.

Reply via email to