සිදුහත් ඉපදුණු කාලය තහවුරු වේ

ලුම්බිණි සල් උයනේ මහ මයා සෑයේ නටබුන් මතුවේ

2013 නොවැම්බර් මස 26 19:19:56 | . , තිස්ස මඩවල ,තුෂාර සිල්වා


නේපාලයේ ලූම්බිණියේ පිහිටි මායා දේවි විහාරය ආසන්නයේ කළ කැණීමකදි මෙතෙක් සොයා
ගැනුණු පැරැණිම බෞද්ධ විහාරයේ නටබුන් සොයාගැනීමට පුරාවිද්‍යාඥයෝ පිරිසක්
සමත්වූහ.

ලූම්බිණියේ මායාදේවි විහාරය පිහිටා ඇත්තේ සිදුහත් කුමරුන් උපත ලැබූ සල් උයනේ
වන අතර කැණීම් වලදි සොයාගෙන ඇත්තේ මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහි කරන
අවස්ථාවේ අල්ලාගෙන සිටි බව කියන ගස ආවරණය කරමින් තැනූ විහාරයයි.

මෙම විහාරය ක්‍රිස්තු පූර්ව  6 වැනි සියවසට අයත් වන බවත් ලූම්බිණියේ පිහිටි
මායා දේවි විහාරයට යටින් ඉදිකර තිබූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.

පුරාවිද්‍යාඥයන් මෙම කැණීම් ආරම්භ කරන ලද්දේ මායා විහාරයේ මධ්‍යයෙනි.

මෙම විහාරයේ පියස්සක් නොමැති බවත්  දැවයෙන් කරන ලද ගොඩනැගිල්ලක් වූ බවත්
පුරාවිද්‍යාඥයෝ පවසති. ඉන්පසුව ඒ මතින් ගඩොලින් විහාර තනා ඇති බවද ඔවුහු
  කියති.

මේ සොයා ගැනීමත් සමග බුදු  රදුන්ගේ උපත පිළිබඳ මෙතෙක් තිබූ මතවාද නිරාකරණය වනු
ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ පවසති.

බුදු රදුන් උපත ලැබූ ස්ථානය ලෙස නේපාලයේ ලූම්බිණිය  හඳුනාගෙන තිබූ අතර සෑම
වර්ෂයකම ලූම්බිණිය වැද පුදා ගැනීමට දහස් ගණනින් ජනයා එහි පැමිණෙති.

බුදු රදුන් උපත ලැබුවේ ක්‍රිස්තු පූර්ව 390ත් ක්‍රිස්තු පූර්ව 340ත් අතර කාල
සීමාවේදි බවට ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතය මේ සමග බිඳී යනු ඇතැයි පුරා
විද්‍යාඥයෝ කියති.

මේ වනතෙක් බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි  පැවතියේ ක්‍රිස්තු
පූර්ව තුන් වැනි සියවස දක්වා පමණි. ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දී
පැවැතියේ අශෝක අධිරාජ්‍යයාගේ කාල සීමාවයි.

මෙම කැණීම් වලදි සොයාගත් ගොඩනැගිලි ශේෂයන්, අඟුරු කැබැලි හා ධාන්‍ය වර්ග
විකිරණ කාබන් හා සම්බන්ධ තාක්ෂණයන් යොදාගනිමින් පරීක්ෂාවන්ට ලක්කරන බව කැණීම්
වලට එක් වූ පුරාවිද්‍යාඥයෝ   පවසති.

මෙම කැණීම් වලට ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනින්හැම් ඇතළු
පිරිසක් ද සහභාගි වූහ.

*(බීබීසී හා සීඑන්එන් වාර්තා ඇසුරෙනි)*


-- 
*~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~*
http://groups.google.com/group/amadamgagula

-- 
You received this message because you are subscribed to the Google Groups 
"::SN::" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to [email protected].
To post to this group, send email to [email protected].
Visit this group at http://groups.google.com/group/sricom.
For more options, visit https://groups.google.com/groups/opt_out.

Reply via email to