*බුදුන් වහන්සේගේ එක් දේශනාවක්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කවියට නැගුවේය. මේ කවිය
කාලෝ ෆොන්සේකා සහ තවත් අයෙක් මීට දශක හතරකට පමණ පෙර සිංහලට පරිවර්තනය කළහ. ඒ
මෙසේය: *

*‘‘තණ්හාවේ දෝසේ- දුටු බුදුන් වහන්සේ*
*තණ්හාව නසා- විමුක්තිය පතා*
*නිවන් මග මේ යැයි- පෙන්වා දුන් සේක. *
*ඉක්බිතිව දවසක්, ගෝලයෝ පිරිසක්*
*ඇසුවෝය හිමිගෙන්, එක්තරා පැනයක්: *
*‘තණ්හාව හළ විගස, සැණයකින් අප ලබන*
*ඔබ කියන ඔය නිවන කෙබඳුදැ යි කියනු මැන. *
*එවිට අප සියලූ දෙන- තණ්හාව නසනු ඇත. *
*බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව*
*ඉර මුදුන් වෙලාවේ, විලක් මැද තනි වෙලා - කුසීතව පාවෙමින් සිටින්නා වාගේද*
*ඔබ කියන ඔය නිවන, පැහැපත් ද පියකරු ද- නොඑසේ නම් එය- සිත නැති කය නැති -
කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනි? *
*මෙය ඇසූ හිම සඳ - හෝරා ගණනක් වැඩ හිඳ නිසලව - කීවේ මෙලෙස ය: *
*‘ඔබ ඇසූ පැනයට- පිළිතුරු නැත මට’. *
*එහෙත් එම දිනයේ- සැන්දෑ සමයේ*
*බෝ රුක් සෙවණේ වැඩ සිටි සමිඳා*
*පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු*
*එහි සිටි සෙසු දන සැම අමතාලා- දෙසූහ මේ සුළු කතාව උපමා: *
*‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි*
*රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි*
*එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා පිටවන්නැ යි මම කීවෙමි. *
*එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත. *
*එක් අයෙකුගේ රැුවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ- *
*ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද- දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න
ගෙයක් තියෙනවාද? *
*මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය. *
*මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ. *
*මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’. *
*‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, *
*යම් මිනිසකු පොළෝ තලේ- තැබූ දෙපා දැවෙන තුරා*
*වෙන තැනකට නොයාවි නම්*
*ඒ දන හට සරණ යන්න-**බණක් නැතිය මට කියන්න’’. *
*එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’*

*(බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්) *

-- 
*~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~*
http://groups.google.com/group/amadamgagula

-- 
You received this message because you are subscribed to the Google Groups 
"::SN::" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to [email protected].
To post to this group, send email to [email protected].
Visit this group at http://groups.google.com/group/sricom.
For more options, visit https://groups.google.com/d/optout.

Reply via email to