සත් කරුණකින් ගොනු කළ ජාතියේ ආරක්ෂාවේ පොරොන්දුව ගෝඨාභයට..

[1] ඓතිහාසික වශයෙන් තහවුරු වී ඇති මේ රට සිංහලයාගේ එකම මාතෘ භූමිය බැවින්
සිංහලයාටද අන්‍ය ජාතීන් සමග එකමුතුව වෙන් නොවී වාසය කිරිමට කටයුතු කල මැනව.

[2] එසේම මේ සිංහල රටේ ජාතියක් හෝ ආගමක් හෝ දේශපාලන මතවාදයක් හෝ භූමිය හෝ මුල්
කොට ගෙන කිසිදු ආකාරයක ත්‍රස්තවාදී තත්වයක් ඇතිවිමට ඉඩ නොතබනු මැනව.

[3] අපගේ මාතෘ භූමියට එරෙහිව ජාතිවාදය තුල හෝ ආගම්වාදය තුල හෝ කුමන්ත්‍රණකාරිව
යෙදී සිටි හෝ සිටින කිසිදු දේශපාලකයෙකු සමග සම්බන්ධ නොවනු මැනව.

[4] සිංහලයාගේ පාරම්පරික උරුමය වන ඓතිහාසික පුරා විද්‍යාත්මක බෞද්ධ සිද්ධස්ථාන
ආරක්ෂා කිරිමට කටයුතු කල මැනව.

[5] අපගේ මාතෘභූමියේ ආරක්ෂාවත් භෞමික අඛණ්ඩතාවයත් රකිමින් කිසිදු අයුරකින්
මාතෘ භූමිය ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන්ට පාවාදීමට හෝ විකිනීමට හෝ ඉඩ නොතැබුව
මැනව.

[6] පෙර සිංහල රජදරුවන් සේ සිංහලයාගේ ආත්ම ගෞරවයත් ආර්ථික සමෘද්ධියේ
සුරක්ෂිතභාවයත් බුද්ධ ශාසනයේ ආරක්ෂාවත් ස්ථාපිත කල මැනව.

[7] මේ ශ්‍රී ලංකාව තුල කවර වූ හෝ ජාතිවාදී, ආගම්වාදී, අන්තවාදී මත දරන්නන්ගේ
බලපෑම් මත නීතිය අවභාවිතයේ යොදවමින් සිංහල බෞද්ධයා පෙලීමට කිසිසේත් ඉඩ නොතැබුව
මැනව.

Video: https://www.facebook.com/watch/?v=1754525711351386

-- 
*~ සබ්බදානං ධම්මදානං ජිනාති ~*
http://groups.google.com/group/amadamgagula

-- 
You received this message because you are subscribed to the Google Groups 
"::SN::" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to [email protected].
To view this discussion on the web visit 
https://groups.google.com/d/msgid/sricom/CABdiJK-DRYsH64WEwOwTT0AcWXhPJUMacYMC4-76VEf__vs56w%40mail.gmail.com.

Reply via email to