*ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයට එරෙහිව සිංහරාජ සුමිතුරන්ගෙන් කටයුතු කරන
තත්ත්වයක්*


ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරය ඉලූඹකන්ද - සූරියකන්ද මාර්ගය කැපීමට එරෙහිව කටයුතු
කිරීම හේතුවෙන් ඉලූඹකන්ද ගම්වාසීන් සහ සිංහරාජ සුමිතුරෝ නම් සිංහරාජය සුරැකීමට
කටයුතු කරන ප‍්‍රජා සංවිධානයක් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව දැනගැනීමට
ලැබී ඇත


මේවන විට ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරය විසින් රත්නපුර දිසා අධිකරනයේ සිංහරාජ
මාර්ගය කැපීම සම්බන්ධව පැමිණිල්ලක් ගොනු කර එහි වගඋත්තර කරුවන්ට අතුරු තහනම්
නියෝග නොතිසි ලැබීමෙන් පසු මෙම සාකච්ඡුාව සිදු වී ඇත.


මෙම කටයුත්ත ස`දහා ඉලූඹකන්ද ප‍්‍රදේශයේ කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකරන ව්‍
යාපාරිකයකුගේ මුල්‍ය දායකත්වය ගම්වාසීන් ඉල්ලා තිබේ. එම සමාගමට ඒ ස`දහා නොමිලේ
ඉඩම් ලබාදීමටද ගම්වාසීන් එකග වී ඇත. ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයට එරෙහිව කටයුතු
කිරීමේ අවස්ථාව සහ හැකියාව පිළිබ`ද ගම්මුන් දැනුවත් කිරීම සිදුව ඇත්තේ පරිසර
ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීන මහාචාර්යවරයෙක් සහ සිංහරාජය ආශ‍්‍රිතව කටයුතු කරන ප‍්‍
රසිද්ධ පුද්ගලයෙකුගෙන් බව දැනගැනීමට ලැබී ඇත. මේ පිළිබ`දව ඔවුන් ඇතැම් විශ්ව
විද්‍යාල තුලද සාකච්ඡුා සිදු කර ඇති බව වාර්තාවේ.


ඉලූඹකන්ද ගම්වාසීන්ට අධ්‍යාපන, සෞඛ්‍ය, වෙළද සහ පරිපලන අවශ්‍යතා සපුරාගැනීමේ
හැකියාව තිබියදී, එවන් අවශ්‍යතාවයක් ප‍්‍රභල වශයෙන් නොපවතින රක්වාන දක්වා ගමන්
කිරීමේ මාර්ගය කිලෝමීටර් 4 පමණ කෙටි කර ගැනීම ස`දහා මෙම මාර්ගය යෝජනා වී ඇත.
එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිසිදු සැලසුමක් රහිතව මගනැගුම උපදේශක
සමාගමට වැඩ නියෝග නිකුුත් කර ඇති මාර්ගයක් ලෙසද මෙම මාර්ගය හැදින්විය හැක.


සිංහරාජ කළමනාකරණ සැලැස්මට යටත් ජෛව විවිධත්වයෙන් සිංහරාජයේ වැදගත්ම ප‍්‍
රදේශයක් සහ ජාතික වශයෙන් ජල පෝෂක සහ ගංවතුර පාලන වනාන්තරයක් වශයෙන් වැදගත්
භූමියක ඉඩම් මංකොල්ලය ස`දහා අවශ්‍යය වාතාවරණය දැනට නිර්මාණය වී ඇත. එහි ප‍්‍
රතිලාභ ලැබීමට ගම්වාසීන් මෙන්ම එක් නමකට පමණක් සීමා වූ විද්වතෙක් සහ ව්‍
යාපාරිකයන් එක් වීම පුදුමයකට කරුණක් නොවේ.



කුමන හෝ චෝදනාවක් යටතේ මේ පිළිබ`ද අධිකරණයක විභාග වීම ඉතා වැදගත්ය. මන්ද රටක
වනාන්තර රැුක ගැනීම වත්මන් දේශගුණික වෙනස්වීම් තුළ ඉතා වැදගත් අවශ්‍යතාවයකි.
2011 ලෝකයට වනාන්තර සංරක්ෂණ වර්ෂය වුවද, ශ‍්‍රී ලංකාවට වනාන්තර වැනසීමේ වර්ෂය
වී ඇත. සිංහරාජය වැනි ලෝක උරුම වනාන්තරයක් සම්බන්ධ මෙවැනි ගැට`ථවක් නොවිසෙදෙන
තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාවේ අනෙක් වනාන්තර පිළිබද කවර කතාද


බන්දු රංග කාරියවසම්

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to