Best Regards,

S.A.Wanniarachchi
                

----- Forwarded Message -----

Subject: ‘මීගමුව මුල්ලේරියක් වෙන්න දෙන්නෑ’  - නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර 
ගුණරත්න මහතා


‘මීගමුව මුල්ලේරියක් වෙන්න දෙන්නෑ’ 
2011 ඔක්තෝබර් 28 වෙනි සිකුරාදා, 15:00  Sri Lanka Mirror Editor        
Srilankamirror - මීගමුව මුල්ලේරියාවක් බවට පත්වීමට තමා ඉඩ නොතබන බව රාජ්‍ය සම්පත් 
හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ‘ශී‍්‍ර ලංකා 
මිරර්’ සමඟ පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (28) මීගමුව නගර ශාලාවේදී මීගමුව මහ නගර සභාවේ නව 
නගරාධිපතිවරයා ලෙස අන්ටනී ජයවීර මහතා දිවුරුම්දීමේ උත්සවය වර්ජනය කිරීම 
සම්බන්ධයෙන් ‘ශී‍්‍ර ලංකා මිරර්’ කළ විමසීමකදීය.

තමා එම උත්සවය වර්ජනය කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට තියෙන ආදරය නිසා බවත්, 
පක්‍ෂය තුළ කල්ලි කණ්ඩායම් බිහිවනවාට තමා තදින් විරුද්ධ බවත් ඔහු කීය.

ජනාධිපතිවරයා කල්ලි නොගැසී ජනතාව වෙනුවෙන් වග කියන්නැයි උපදෙස් දී තිබියදී ද 
නගරාධිපතිවරයා විසින් ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකරමින් කටයුතු කරමින් සිටින බව 
ද අමාත්‍යවරයා සඳහන් කළේය. 
මෙම උත්සවය පවත්වන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට තමා නගරාධිපතිවරයාට ආරාධනා කර 
තිබියදී එය පැහැර හරිමින් ඔහු විසින් මෙය සිදුකර ඇතැයි ද ගුණරත්න මහතා පැවසීය.

තමා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මීගමුව ආසන සංවිධායකවරයා බවත්, එයද අදාළ පාර්ශවයට 
අමතකවී ඇතැයි ඔහු කීය.

දිවුරුම්දීමේ උත්සවය අද (28) බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා හා බස්නාහිර 
පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් විණි.

අමාත්‍ය සරත්කුමාර ගුණරත්න මහතාට අමතරව අමාත්‍ය මර්වින් සිල්වා හා ගම්පහ 
දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුලේ යන 
මහත්ම මහත්මීහු ද මෙම උත්සවය වර්ජනය කර ඇතැයි වාර්තා වේ.

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to