<http://pansalhandiya.blogspot.com/2011/12/blog-post_09.html>
මෙන්න පින් අතේ වැඩක් කරන්න කැමති අයට චාන්ස් එකක් තියනවා. ඉස්සෙල්ලා යුද්දෙ තියන කාලේ උඩහ ගහනවා කිව්වාම ලේ බැංකුව ඉස්සරහා ලේ දෙන්නත් පෝලිමේ ඉන්න ඕන. ඒ අතින් අපේ මිනිස්සුන්ගෙ පුදුම විදියෙ අපේකම කියන එක තිබුනා. ඒ අතින් අපිට සෑහෙන්න සතුටු වෙන්න පුලුවන් අනිත් රටවල් එක්ක බලන කොට. දැන් ඉතිං යුද්දෙ ඉවර නිසා ඒ තරම් ලේ වල හදිසි අවශ්‍යතාවයක් ලේ බැංකුවට නොතිබුනත් ලේ වල අවශ්‍යතාවය තියනවා. මොකද දැන් යුද්දෙත් නැති නිසා ඉස්සර තරම් මිනිස්සු ලේ දෙන්න යනවා අඩුයි. මම මේ කියන්න හදන්නෙ යුද්දෙ තිබුනත් නොතිබුනත් ලේ කියන දේ නිරන්තරයෙන්ම ඕන කරන මහරගම පිලිකා රෝහලේ රෝගීන් ගැන. මරණය කියන දේ පෙනි පෙනී ජීවිතය පතන අපේම මිනිස්සු කොටසක් තමා මහරගම පිලිකා රෝහලෙත් ඉන්නෙ. ඒ අයට අපේ ලේ බින්දුවක් දීලා තව එක දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න පුලුවන්කමක් ලැබුනොත් ඒකෙන් අපේ හිතට කොච්චර සතුටක් දැනෙයිද. එන අවුරුද්දෙ ඒ කියන්නෙ 2012 ජනවාරි 01 (ඉරිදාවක්) අපේ ක්ලබ් ටුවෙන්ටි මිතුරු සමාජය මඟින් මහරගම පිලිකා රෝහලට ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරලා තියනවා. ඒක සංවිධානය කරලා තියෙන්නෙ හොරණ බැල්ලපිටියෙ විද්‍යාශේඛර පිරිවෙන් විහාරස්ථානයේදී. පුලුවන් අය ඉන්නවා නං ඇවිත් මේ අපේම අය වෙනුවෙන් කරන පින්කමට සහභාගි වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. බස් එකේ එන විදිය කියනවා නං හොරණට ඇවිත් ඊට පස්සෙ කළුතර, මතුගම, බුලත්සිංහල ඔය ඕන බස් එකක නැගලා අඟුරුවාතොට පාරෙ පන්සල් හංදිය කියන තැන බහින්න ඕන. පන්සල් හංදිය තියෙන්නෙ බැල්ලපිටිය හංදියට මෙහා හෝල්ට් එකේ. එතනින් බැහැලා බැල්ලපිටිය පන්සල ඇහුවනං ඕන කෙනෙක් කියයි. කළුතර හරි මතුගම හරි පැත්තෙ ඉඳලා එනවානං හොරණ බස් එකක නැගලා පන්සල් හංදියෙ බැස්සනං හරි. ඒ කියන්නෙ බැල්ලපිටිය හංදියට එහා හෝල්ට් එකේ. ඔන්න එහෙනං පාර හරිනෙ. මම ආයිත් ආදරෙන් ඉල්ලනවා එන්න පුලුවන් අය ඉන්නවානං පොඩි කැප කිරීමක් කරලා හරි එදාට එන්න. ඒක අපේම අය වෙනුවෙන් කරන ලොකුම ලොකු පින්කමක් ........ ඔය කියලා තියන විදියට පාර හොයා ගන්න අමාරුයි කියලා හිතෙනවා නං මෙතනින්<https://docs.google.com/spreadsheet/viewform?formkey=dFpBZUJ3RGZjU2hGdHRZX2E5RnBrZHc6MQ>ගිහිං තමන්ගේ ෆෝන් නම්බර් එක දෙන්න. මම ඊට පස්සෙ කතා කරන්නම් ඒ නම්බර් එකට. කිසිම හේතුවක් මත ඔයාලා දෙන ෆෝන් නම්බර් කාගෙවත් අතට යන්නෙ නැහැ කියලා මම වගකීමෙන් කියනවා ........ <http://pansalhandiya.blogspot.com/2011/12/blog-post_09.html> ප / ලි : අපේ මඩා <http://mada-ambalama.blogspot.com/> මල්ලි තමා කිව්වෙ ගූගල් මැප් එකක ඉමේජ් එකකුත් දැම්මානං හරි කියලා ඔන්න ඒකත් දැම්මා. -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
