නිවන අරමුණු කරන ශ්රාවකයෙකු දියුණු කල යුතු සප්ත බෝජ්ජංග ධම්ම - සති සම්බෝජ්ජංග ධම්ම - චතුරාර්ය සත්ය අවබෝධ වන ලෙස සතර සති පට්ටනයෙන් වාසය (කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී වශයෙන් සතර සති පට්ටනය වැඩිය යුතුය) - ධම්මවිජය සම්ම්බෝජ්ජංග ධම්ම - හේතු ඵල වශයෙන් ධර්මතා නුවනින් මෙනෙහි කිරීම. හේතු ඵල වාදයට අනුව රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන ධර්මතාවයන් නුවනින් මෙනෙහි කිරීම. - විරිය සම්බෝජ්ජංග ධම්ම - ධර්මය අවබෝධ කිරීමට අවශ්ය වන වීර්ය වැඩීම. ආරද්ධ විරියෙන් (ආරම්භක වීර්ය) යුක්තව කටයුතු කිරීම. නිවනම අරමුණු කරගෙන සිල් රැකීම, බණ භාවනා වැඩීමයි. - පීති සම්බෝජ්ජංග ධම්ම - හොදින් සීල සමාධි වඩන ශ්රාවකින්ගේ සිත තුල ඇති වන්න වූ නිරාමිස ප්රීතියයි. - පස්සද්දී සම්බෝජ්ජංග ධම්ම - සමථ, විදර්ශනා හොදින් වඩන විට සිතේ (චිත්ත, චෛතසික ධර්මයන්ගේ) ඇති වන්නා වූ සන්සිදීමයි. - සමාධි සම්බෝජ්ජංග ධම්ම - සමථ, විදර්ශනා වැඩීමෙන් සිතේ සන්සිදීමෙන් ඇතිවන එකඟ කම. උපචාර, අර්පණා සමාධි ආදී වශයෙන් සිත සමාහිත වේ. - උපේක්කා සම්බෝජ්ජංග ධම්ම - සමථ, විදර්ශනා වඩාගෙන යන යන විට නාම, රූප ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ වීම සහ සමාදිය තුලින් චතුර්ථ ධ්යානයෙන් ඇතිවන බලවත් උපේක්ෂාව.
සතර සතිපට්ඨානය වැඩීමටනම් තිවිධ සුචරිත වන කාය සුචරිතය, වාග් සුචරිතය, මනෝ සුචරිත යන තිවිධ සුචරිත සම්පූර්ණ කල යුතු වේ. කාය සුචරිතයට සතුන් මැරීම , සොරකම් කිරීම, කාමයේ වරදවා හැසිරීම යන දුශ්චරිතයන්ගෙන් ඈත් වීම යන ධර්මතා ඇතුලත්වේ. බොරුකීම, කේලම් කීම, හිස් වචන කතා කිරීම, පරුෂ වචන කීම ආදියෙන් වැළකීම වාග් දුෂ්චරිතයෙන් ආරක්ෂා කිරීමයි. කාය වාග් සුචරිතය සීලය රැකීම තුලින් අත්කර ගත හැකිය. අන් සතු දේට දැඩි ලෝභයෙන් ඉවත් වීම, වෛරය නැතිකර ගැනීම, මිත්යා දෘෂ්ඨිය නැතිකිරීම මනෝ දුශ්චරිත නැති කිරීම වේ. මේ මගින් අනභිද්යාව ඇති කර ගත යුතුවේ. වෛරය වෙනුවට මෛත්රිය, මිත්යා දෘෂ්ටිය වෙනුවට සම්ම්ය දෘෂ්ටිය ඇති කර ගත යුතුවේ. මෙසේ තිවිධ සුචරිත සම්පූර්ණ වීමටත් හේතුවක් තිබේ. එනම් ඉන්ද්රිය සංවරයයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ආයතනයන්ට අරමුණු යොමුවන විට ඉන් හිත අපිරිසිදු වීමට ඉඩ නොදී හිත රැක ගත යුතු වේ. ඉන්ද්රීය සංවරයටත් හේතුවක් තිබේ. එනම්, සති සම්පජඤයයි. එනම් අකුසල ධර්මයන්ට හිත වැටෙන්නට ඉඩ නොදී කුසල ධර්මයන් තුල හිත පවත්වාගෙන යාම. සති සම්පජඤයය ඇති වීමටද හේතුවක් ඇත. යෝනිසෝමනසිකාරය යන උතුම් වදනින් එය විස්තර කරයි. නුවනින් සැලකීම මෙහි සරල තේරුම වේ (නුවනින් මෙනෙහි කිරීම). අනිත්ය දේ අනිත්ය ලෙසත්, දුක් සහිත දේ දුක් ලෙසත්, අනාත්ම දේ අනාත්ම ලෙසත් මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාරයයි. මින් බැහැරට ගිය කල්හි අවිද්යාවයි, තණ්හාවයි වැඩේ. නමුත් යෝනිසෝමනසිකාරය මුල් උනොත් පිලිවෙලින් විද්යා, විමුක්ති දක්වා යා හැක. මෙම යෝනිසොමනසිකාරයද හේතුවක් නිසා ඇතිවේ. එනම් ශ්රද්ධාවයි. තුනුරුවන් කෙරෙහි ශ්රද්ධාව, චිත්ත ප්රීතිය ඇත්තවුන් කෙරෙහි මෙම ශ්රද්ධාව හට ගනී. ශ්රද්ධාව ඇති වීමත් හේතුව තිබේ. සද්ධර්ම ශ්රවණය ශ්රද්ධාව ඇති වීමට හේතුවේ. සද්ධර්ම ශ්රවණය ලැබීමට හේතුව නම් කල්යාණ මිත්ර ඇසුරයි. -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
