අනුරාධපුරය ඇලයාපත්තුවේ ප්රාතිහාර්ය විහාරය
සටහන හා ඡායාරූප
සේනපුර ඩී. නිශ්ශංක
අනුරාධපුර නැගෙනහිර සමූහ
ධම්සභා මණ්ඩපයේ දර්ශනයක්
2600 ශ්රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකරගෙන, අනුරාධපුරයට නව ආලෝකයක් ගෙන දෙමින්
අනුරාධපුර, මහවිලච්චිය මාර්ගයේ ඇලයාපත්තුව නගරයට ආසන්නයේ අක්කර 10 ක පමණ වනගත
භූමිභාගයක බුදු සමයේ අසිරිය විදහා පාන “ප්රාතිහාර්ය විහාරය” නමින් අභිනව විහාර
සංකීර්ණයක් ඉදිවෙමින් පවතී.
මූර්ති නිර්මාණයක්
මෙය අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්යස්ථානාධිපති, උතුරු මැද පළාතේ ප්රධාන සංඝනායක
ශාස්ත්රපති පූජ්ය අලුත්ගමබෝගමුවේ සද්ධාරංසි නා හිමියන්ගේ සංකල්පයකි. අනුරාධපුර,
තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම ගම්පියසේ දැනට බොහෝදුරට වැඩ නිම වී ඇති බුදුන්
වහන්සේ 500 ක් මහ සඟරුවන සමඟින් ගම්නියංගම්වල ධර්ම චාරිකාවේ නිරතවන අයුරු
මූර්තිමත් කරමින් ඉදිකෙරෙන සිරි සම්බුද්ධ පංචසනික චාරිකාරාමයද සද්ධාරංසි
නාහිමියන්ගේ සංකල්පයකි.
අක්කර 10 ක වපසරියකින් යුත් මහා වනාන්තරය එළි පෙහෙලි නොකර ඒ තුළ මෙම විහාර
සංකීර්ණය ඉදිකෙරෙන අතර එම නිර්මාණ දැකබලා ගැනීමට යාමට පහසුවන පරිදි වනාන්තරය තුළ
මාවත් දර්ශනීය අයුරින් ඉදිකර ඇති බව ද, වාහනවලින් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා
රථගාලක් දැනටමත් ඉදිකොට ඇතිබව ද සද්ධාරංසි නා හිමියෝ පැවසූහ.
අලුත්ගමබෝගමුවේ සද්ධාරංසි නා හිමි
සද්ධාරංසි නා හිමියන්ගේ මෙම විශ්මකර්ම වැඩසටහනට සහයෝගය දැක්වීමක් වශයෙන් රජය ජාතික
සවිය ‘ගමනැගුම’ විශේෂ ව්යාපෘතිය යටතේ පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදිකර දී තිබේ.
අමාත්ය එස්.එම්. චන්ද්රසේන මහතා අතින් එම පුස්තකාල ගොඩනැගිල්ල පසුගියදා විවෘත
කෙරිණි. මේ අතර අභිනවයෙන් ඉදිකෙරෙන චෛත්ය රාජයාට මුල් ගල තැබීම නියෝජ්ය අමාත්ය
ඩබ්.බී.ඒකනායක මහතා අතින් පසුගියදා සිදු විය.
බුදුසමය තුළ සිදුවූ ඉතා ප්රාතිහාර්ය, එසේත් නැතිනම් විශ්මය ජාතක කතා පුවත් කීපයක්
පාදක කරගෙන මේ මාහැඟි නිර්මාණයන් මූර්තිමත් කරමින් බිහි වෙමින් පවතී. බෞද්ධලෝකයාට
නව නිපැයුම් බිහිකරමින් සද්ධාරංසි නා හිමියන් විසින් සිදුකරන්නාවූ මේ නිමැයුම්වල
වටිනාකම ඉතා අගනේ ය.
වන ගහණය තුළ ඇති විහාරයට යන මාවත
බුදු සමයේ විශ්මිත අවස්ථාවන් පිළිබිඹු කරන ප්රති නිර්මාණයක්
--
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka
මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group,
send email to :
[email protected]
==================================
ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group,
send email to :
[email protected]
OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !