තමන් 2008 ඡන්ද හිමි නාමලේඛණයට නම ඇතුලත් කර ගැනීම සදහා උත්සාහ කලද තමන්ගේ නම එහි ඇතුලත් කර නොමැති බවත් ඒ අනුව තමන්ට මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශකිරීමට නොහැකි වූ බවත් සරත් ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර සිරස රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් පැවසීය.
නමුත්, මීට පැය කීපයකට පෙර අනුර දිසානායක විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශය කලේ සරත් ෆොන්සේකා මහතා තම ඡන්දය පාවිච්චි කළ බවත් ආරක්ෂක හේතුන් මත එම දර්ශන මාධ්‍ය වෙත නිකුත් කල නොහැකි බවයි. මේ අනුව, අනුර දිසානායක විද්‍යුත් මාධ්‍යය ඔස්සේ ඉතා පහත් ලෙස බොරු ප්‍රකාශ නිකුත් කරමින් රටේ ජනතාව මුලාකර ඇත. ෆොන්සේකා පවසන ආකාරයට ඔහු 2008 ඡන්ද හිමි නාමලේඛණයට තමන්ගේ නම ඇතුලත් කිරීමට උත්සාහ කලද නම ඇතුලත් කර නොමැතිබව පැවසීම සම්පුර්ණයෙන්ම පදනම් විරහිතය. මන්ද, පුද්ගලයෙකු ඡන්දය සදහා නියම ආකාරයට අයදුම් කලහොත් කිසිසේත්ම එය ප්‍රතික්ෂේප නොවේ. එසේනම් සැබවින්ම වී ඇත්තේ සරත් ෆොන්සේකා 2008 ඡන්දය හිමි නාම ලේඛණය සදහා අයදුම්කර නොතිබීම ය. -- ****************************************************** This is the Best Sri Lankan E-Mail Group. ****************************************************** IF you like to join us, Go to, http://groups.google.lk/group/sricom/boxsubscribe visit this group at http://groups.google.lk/group/sricom ***************:::www.SriNet.lk:::****************** ****************************************************** ===================================================================== If this email is addressed wrongly, or if you no longer wish to receive emails, kindly inform us so that we may correct and update our lists. ===================================================================== http://www.srinet.lk/
