*කුරහන්, බඩඉරිඟු සුවඳ රට පුරා පැතිරෙන ලකුණු *
*විපක්‍ෂ දේපාලඥයන්ගේ දුරකථන ආවරණ කලාපයෙන් පිටලූ. * *කුමන්ත‍්‍රණකාරී ‘ඊ-නිවුස්’ පල්ලම් බසී.* ශ‍්‍රී ලංකාවේ හය වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රථිඵල මේ වන විට නිකුත් වෙමින් පවතී. දැනට නිකුත් වී ඇති ප‍්‍රථිපළ අනුව, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මනාප 2,105,561 (60.9%) ලබා ඇති අතර විපක්‍ෂ අපේක්‍ෂක සරත් ෆොන්සේකා ලබා ඇත්තේ මනාප 1,333,999 (38.07%)ක් පමණි. මේ අනුව මේ වන විටත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂයන් වැඩි ඡන්ද 771,562 ප‍්‍රමාණයක් ලබා ගෙන ඉදිරියෙන් සිටියි. මේ වන විට දිවයිනේ සමස්ථ තැපැල් ඡුන්ද ප‍්‍රථිඵළය නිකුත් වී ඇති අතර එයින් යාපනය හා මඩකලපුව දිස්ත‍්‍රික්ක හැර අන් සියළු දිස්ත‍්‍රික්ක වල ඉදිරියෙන් සිටින්නේ ජනාධිපතිවරයාය. මෙහි ඇති සුවිශේෂී කාරණය වන්නේ විපක්‍ෂ අපේක්‍ෂක ෆොන්සේකා විසින් රාජ්‍ය සේවකයන් ඉලක්ක කොට දුන් රු.10,000ක වැටුප් වැඩිකිරීමේ පොරොන්දුව තුට්ටුවකට නොතකා ඇති රාජ්‍ය සේවකයන් අතිශය බහුතරයක් ජනාධිපති ජනපති මහින්දයන් වෙත සිය කෘතවේදීත්වය පිරිනැමීමයි. එමෙන්ම දිවයිනේ සිවුදිගින් අපවෙත ලැබෙන වාර්තා අනුව ජනපති මහින්ද රාජපක්‍ෂයන් ඉතා පහසු එමෙන්ම විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබෙන බවට අනුමාන කල හැක. මේ වනවිට නියත පරාජය දැන සිටින එජාප හා ජවිපෙ සියළු වගකිව යුතු නායකයන් සිය ජංගම දුරකථන ක‍්‍රියා විරහිත කර හෝ ඒවාට ප‍්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටිති -- ****************************************************** This is the Best Sri Lankan E-Mail Group. ****************************************************** IF you like to join us, Go to, http://groups.google.lk/group/sricom/boxsubscribe visit this group at http://groups.google.lk/group/sricom ***************:::www.SriNet.lk:::****************** ****************************************************** ===================================================================== If this email is addressed wrongly, or if you no longer wish to receive emails, kindly inform us so that we may correct and update our lists. ===================================================================== http://www.srinet.lk/
