සෝමාවතී මහා ස්තූප වන්දනාව මැයි 8 දාදන්සැල් සහ ප්‍රවාහන පහසුකම් සැපයීමට -
පරිත්‍යාගශීලීන්ට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් ඇරැයුමක්පොළොන්නරුවේ සෝමාවතී මහ
ස්තූප වන්දනාව මැයි මස 8 වන දා සවස 7 සිට රාත්‍රී පහන්වන තුරු මහමෙව්නා භාවනා අසපු
සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ. සෝමාවතී
රජමහා විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල
නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් එය සිදු කැරේ.තිස් වසරක් පුරා පැවැති යුද්ධය නිමා කළ
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ප්‍රධාන රජයටත්, සියලු රණවිරුවන්ටත්, රටවැසි සැමටත්
සෙත් පැතීමත් සසුන රකින දෙවිවරුන්ට පින් දීමත් යුද්ධය වෙනුවෙන් දිවි පිදූ
රණවිරුවන්ටත් යුධ සමයේ දිවි පිදූ රටවැසියන්ට පින්දීමක් ආදි කරුණු අරමුණු කර ගෙන එම
පින්කම සිදු කැරේ.එම සෝමාවතී මහ ස්තූප වන්දනාව සඳහා
බැතිමතුන් ලක්ෂයක් පමණ සහභාගි වෙතැයි අපේක්ෂා කැරේ.සෝමාවතී මහ ස්ථූප වන්දනාවට
අවශ්‍ය සුදුසු පරිසරය දැනටමත් සූදානම් කැරෙමින් පවතින බව සෝමාවතී රජ මහා
විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ පවසති.සෝමාවතී මහ ස්තූපයේ හුණු සායම්
ආලේප කිරීමද,කොත් වහන්සේගේ රන් ආලේප කිරීමද, එම පුණ්‍ය භූමියේ නිරාවරණය වන ශෛලමය
සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ පිච්ච මල් රෝපණය කළ දැවැන්ත
මල්පෝච්චි 50 ක් තැන්පත් කිරීමද සිදු කැරේ.ස්තූප වන්දනාවට සහභාගි වන සැදැහැවතුන්
සඳහා දැනටමත් පරිත්‍යාගශීලින් විසින් බීම කෝප්ප ලක්ෂයක් සහ වතුර බෝතල් ලක්ෂයක් ද
පිරිනැමීමට ඉදිරිපත් වී ඇති බව ද කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පැවැසූහ.මැයි 8 වනදා
සෝමාවතී ස්තූ®ප වන්දනාවට පැමිණෙන බැතිමතුන් සඳහා ආහාරපානාදී දන්සැල් පිරිනැමීමට
කැමැති පරිත්‍යාගශීලීහු වෙතොත් ඊට ඉදිරිපත් වී
දායකවන්නැයි උන්වහන්සේ ඉල්ලීමක් කරති.එමෙන්ම බිම හිඳ ගැනීම සඳහා එළා ගැනිමට
ප්‍රමාණවත් ඉටි රෙදි ආදියද රැගෙන එම පින්කමට සහභාගි වන ලෙසද උන්වහන්සේ ඉල්ලීමක්
කරති.එසේම මහ වන මැද අලි ඇත්තු වෙසෙන බැවින් වෙසෙසින් තරුණ පිරිස් එම වන සතුන්
ප්‍රකෝප කිරීමෙන් වැලකී සිටීමට කාරුණික වී කලබලයකින් තොරව හැසිරීමට පියවර ගන්නා
ලෙසද ඉල්ලීමක් කැරේ.විශාල බැතිමත්හු පිරිසක් සහභාගි වන එම
පින්කමේදී සෞඛ්‍ය සනීපාරක්ෂක පහසුකම් ලබාදීම කෙරෙහිද අවධානය යොමු කරන ලෙසද
උන්වහන්සේ පැවැසූහ.බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් පුද්ගලික බස් රථ
කුරුණෑගල , අනුරාධපුර, මහනුවර ,කොළඹ ආදී දුර බැහැර ප්‍රදේශවල සිට සෝමාවතිය දක්වා
සැපයීමට එම පුද්ගලික බස් රථ අයිතිකරුවන්ගේ අවධානය යොමු කරවන ලෙස ද උන්වහන්සේ
ඉල්ලීමක් කරති.මාලඹේ පිට්ටුගල මහමෙව්නාව අමාවතුර භවනා අසපුවේ
අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේගෙන් පින්කම පිළිබඳ වැඩි විස්තර දැන ගත හැකිවේ.
සීසර් සුදුසිංහhttp://www.lakehouse.lk/budusarana/2010/03/29/tmp.asp?ID=news01
Theruvan Saranai!!!
--
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us,
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe
visit this group at
http://groups.google.lk/group/sricom
***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails,
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
http://www.srinet.lk/
To unsubscribe from this group, send email to
sricom+unsubscribegooglegroups.com or reply to this email with the words
"REMOVE ME" as the subject.