මැයි 
08 වෙනිදා පැවැත්වෙන සෝමාවතී මහ සෑ වන්දනාව ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒ
 උතුම්, අති දුර්ලභ පුණ්‍ය කටයුත්ත හා සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න 
අයට වැදගත් වෙයි කියල හිතෙන කරුණු කිහිපයක් සියළු දෙනාගේ හිතසුව පිණිස 
ගෙනහැර දක්වන්න අපි කල්පනා කළා. 

 ඒ වගේම මේ උතුම් අවස්ථාවට සහභාගි වෙන්න ඔයාල හිතල නැතිනම් ඒ ගැන 
නැවත වරක් හිතා බලල තීරණයක් ගන්න තවමත් ප්‍රමාද නැහැ.

~ සෝමාවතී වන්දනා වැඩසටහනේ කාලසටහන දළ වශයෙන් 
සඳහන් කළොත්? වැඩසටහන පටන් ගන්නේ මැයි 8 වෙනිදා සවස 7ට. එතන 
ඉඳලා රෑ 12.30 වෙනකල් වන්දනාව සහ විශේෂ ධර්ම දේශනාව පැවැත්වෙනවා. එතැන් සිට
 හිමිදිරි 6 වෙනකල් පිරිත් සජ්ජායනාව. ඊට පස්සේ පැවැත්වෙන කිරිපිඬු 
පූජාවෙන් වැඩසටහන අවසන් වෙනවා. උදේ 8 වෙනකොට සියළු වැඩකටයුතු අවසන් කරන්නයි
 බලාපොරොත්තුව.



~ සෝමාවතිය කියන්නේ දශක ගණනාවක් පුරාවටම 
මිනිස්සුන්ගෙන් ඈත්වෙලා තිබුනු පුදබිමක්. බොහෝ දෙනා මෙවර සෝමාවතියට යන්නේ 
පළමු වතාවට වෙන්න පුළුවන්. මෙහි පැමිණෙන මාර්ග ගැන විස්තරයක් කළොත්...? සෝමාවතියට 
ළඟාවෙන්න පුළුවන් ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා. 

1. පොළොන්නරුව ඉස්පිරිතාල හන්දියෙන් සෝමාවතිය දක්වා වැටී ඇති මාර්ගය

2. පොළොන්නරුවෙන් සෝමාවතිය එකේ ඇළ (උතුරු ඇළ) පාර

3. හිඟුරක්ගොඩ හරහා සෝමාවතිය පාර

මේ සියළුම මාර්ග පුලතිසිගම ආසන්නයේ දී එක්වෙලා අවසානයේ සියළුම වාහන එකම 
මාර්ගයක් ඔස්සේ තමයි සෝමාවතිය බලා යන්නේ. මේ සියළුම මාර්ග වලින් ආසන්න 
වශයෙන් දුර කි.මී. 38 - 43 අතර ප්‍රමාණයක්. මේ මාර්ග වාහනයක් ගමන් කළහැකි 
තත්ත්වයට පත්කිරීමට අපි අදාළ පාර්‍ෂවයන් හා එක්වෙලා ලොකු උත්සහයක් ගත්තා.

ඇතිවිය වාහන තදබදයන් පාලනය කිරීමට වගේම වාහන නවතා තැබීමේ පහසුකම් සැලසීම 
සම්බන්ධයෙන් පොලීසියේ සහය ඇතිව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.



~ මෙදිනට සලසා ඇති ප්‍රවාහන පහසුකම් මොන ආකාරද? මෙදිනට 
ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් විවිධ ආකාරයේ ප්‍රවාහන සැලසුම් ක්‍රියාත්මක 
වෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් කොළඹ කොටුව/ පානදුර/ ගාල්ල/ මාතර/ 
අකුරැස්ස/ තංගල්ල/ කෑගල්ල/ මහනුවර/ බදුල්ල/ ගම්පහ/ ඇඹිලිපිටිය යන නගර වලින්
 8 වෙනිදා උදෑසන සෝමාවතී පුදබිම දක්වා බස්‍ රථ ධාවනයේ යෙදවීමට කටයුතු යොදලා
 තියෙනවා. පිටත්වන වේලාවන් දැනගැනීම සහ ආසන වෙන්කිරීම් අදාළ ඩිපෝව අමතා 
සිදු කළ හැකියි. ඒ පිළිබඳ වැඩි විස්තර නාරාහේන්පිට ලංගම ප්‍රධාන 
කාර්‍යාලයෙන් ලබාගන්න පුළුවන්. Tel: 0112581120-9 / 0117706000

ඒ වගේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් චාරිකා පදනම යටතේ කණ්ඩායම් සඳහා 
කිලෝමීටරයට රු.55 බැගින් වන විදියට බස් රථ වෙන්කරවා ගන්න පුළුවන්. මේ 
සඳහාත් ආසන්නම ඩිපෝව හා සම්බන්ධ විය යුතුයි.

පෞද්ගලික වාහන වලින් පොළොන්නරුව පමණක් දක්වා පැමිණෙන සැදැහැවතුන් 
පොළොන්නරුව 'ඉස්පිරිතාල හන්දිය' සිට විනාඩි 30කට පමණ වරක් සෝමාවතිය බලා 
ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ විශේෂ බස් සේවාව හා සම්බන්ධ වෙන්න 
පුළුවන්. මේ සේවාව 8-9 දෙදින පුර ක්‍රියාත්මක වෙනවා.

මීට අමතරව ළඟම තියෙන මහමෙව්නා අසපුව හා සම්බන්ධ වීමෙනුත් විකල්ප ප්‍රවාහන 
ක්‍රම පිළිබඳ දැනගන්න හැකි වේවි.



~ සෝමාවතිය පූජා භූමියක් මෙන්ම වන සතුන් 
අධිකව ගැවසෙන වන භූමියක්. මෙදිනට පැමිණෙන සැදැහැවතුන් හට සැලසෙන ආරක්‍ෂාව 
මොන ආකාරද? සෝමාවතිය ඝන වන මැද පිහිටි පුද බිමක්. ඒ වෙත යන
 මාර්ගය ද වැටී තියෙන්නේ මිනිස් වාසයෙන් තොර වනාන්තර මැද්දෙන්. වල් අලි සහ 
වල් ඌරන් ගහණයි. විශේෂයෙන් මෙම සතුන් හට ආහාර පාන දැමීමෙන්, උසුළු විසුළු 
කිරීමෙන් වලකින්න කියලා අපි වන්දනාවේ එන සැදැහැවතුන් ගෙන් ඉල්ලනවා. අපි 
ඔවුන්ගේ නිවහනට පිවිසෙන ආගන්තුකයන් පමණයි. එය සෑම විටම සිහියේ තබාගෙන, තමන්
 පැමිණි කාරණය සිහි කරමින්, බුදුගුණ මෙනෙහි කරමින් වන්දනාවේ යෙදෙන්න කියලා 
අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. 

තමුන්ගේ මෙන්ම අන් අයගේ ආරක්‍ෂාව ගැන ද නිතර සිතන්න ඕනි. භූමියේ මෙන්න මඟ 
දෙපස සපයා ඇති අවවාද/උපදෙස් ඉක්මවා නොයාමට බුද්ධිමත් ඔබ වගබලා ගනියි කියල 
අපි අපේක්‍ෂා කරනවා. පොලීසියේ, හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ අති විශාල
 නිලධාරීන් පිරිසක් භූමිය තුළ, අවට මෙන්ම මඟ දෙපස ආරක්‍ෂාව සඳහා යොදවා 
තිබෙනවා.

වල් අලින්ගේ පැමිණීම වැළැක්වීමට භූමිය වටා විදුලි වැටක් ක්‍රියාත්මක වෙනවා.
 ඒ ගැනත් සැළකිලිමත් වෙන්න කියලා අපි මතක් කරනවා. මුළු භූමියම ෆ්ලෑෂ් ලයිට්
 වලින් ආලෝකමත් කර තියෙනවා වන සතුන්ගේ පැමිණීම හැකිතාක් අවම කිරීමට ආරක්‍ෂක
 විදුලි වැටට අමතරව.



~ මෙවන් අති විශාල ජනකායක් රැස්වන ස්ථානයක කැළි 
කසළ ප්‍රශ්නය තදින්ම බලපාන ගැටළුවක්. මේ පිළිබඳ මොනවගේ වැඩපිළිවෙලක් ද 
යොදලා තියෙන්නේ?  %


      

-- 
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us, 
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe

visit this group at 
http://groups.google.lk/group/sricom

***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails, 
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
http://www.srinet.lk/

Reply via email to