'කම්ම විපාකෝ අචින්තයෝ'ඔවුන්ගේ ලොව දකින දෑස් අඳයනමුදු ඔවුන් අපමණ පින් කොට 
ඇත​එහෙයින් වී ඇත​ උරුමසොඳුරු නෙත් දකිනු වස් තිලොවින් උතුම් සදහම්....ඉතිරිව ඇත 
අප වෙත වෙනුවෙන් ඔවුන්යුතුකමක් අත දෙන්නට​තනා ගනු වස් පාරුව​භව තරණයට​....අපි 
වෙනුවෙන් අපිඅපෙන්ම එකකු වූ ඔහු හට......
මහේෂ් කියන්නේ ඔයාල අපි වගේම මේ බියකරු සසර ගමනට වැටුනු තවත් එක පුද්ගලයෙක්. නමුත් 
එක වෙනසක්
 තියෙනවා. හිතුන හිතුන වෙලාවට දකින දකින දේ දිහා කරකවමින් බලන ඇස් දෙකක් එයාට 
අහිමියි. ඒත් එයා මේ ලෝක දකිනවා. කෙනෙක් හිතන්න පුළුවනි ඒ කොහොමද කියලා. හැමෝටම 
තියෙන ඇස් දෙකක් එයාට නැති වුනාට ශ්‍රී සද්ධර්මය දකින 'දහම් ඇස' ලබන්න තරම් එයා 
පින්වන්ත වුනා. ඒ තුළින් එයා ලෝකය දකිනවා. දෑස් ඇති අයටත් වඩා හොඳින්. මෙයා හරිම 
ධෛර්‍යවන්ත කෙනෙක්. කරුණාවන්ත කෙනෙක්. ධර්මය නිසා මෙයාට ලැබුනු මේ
 උතුම් ලාභය එයා වගේම දෑස් නොපෙනෙන අයට ලබා දීමේ උතුම් කර්තව්‍යට මෙයා අත ගැහුවේ 
තනියමයි. 
අපිට නම් සදහම් පොතක් සල්ලි වලට අරගෙන තව කෙනෙකුට දෙන්න පුළුවන්. ඕනම තැනකදි හමු 
වෙලා කතා බහ කරන්න පුළුවන්. ඒත් ඉතින් මෙයාලට එහෙම බැහැනෙ. ඒ නිසයි මහේෂ් කල්පනා 
කළේ එයාලටම වෙනම තැනක ධර්මය පුරුදු පුහුණු කරන්න තිබුනොත් හොඳයි කියලා. ඒ වගේම 
කියවන්න දෑස් අහිමි මෙයාලට 'බ්‍රේල්'
 ක්‍රමයට සැකැසූ සදහම් පොත් හා අනෙකුත් නිර්මාණ වෙනුවෙනුත් මහේෂ් මූලික වෙලා 
කටයුතු කරනවා. 
'ශ්‍රී සද්ධර්මාලෝක පදනම​' බිහිවුනේ මේ සියළුම අදහස් අරමුණු පෙරදැරිවයි. අබාධිත 
පුරවැසියන් දෙස වපරැසින් බලන්න පුරුදු වෙලා ඉන්න වත්මන් සමාජයට මේ අය බොහොම හොඳ 
උත්තරයක් දීල තියෙනවා. මේ සියළුම දේවල් කරන්නට මේ අයට ශක්තිය ලැබුනේ ධර්මය තුලින්. 
ලංකාවෙ පළමු වතාවටයි දෑස්
 අහිමි වූවන් සඳහා මේ විදියෙ වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ. මේ ඉදිවන ස්ථානයේ 
පැමිණෙන සියළු දෙනා සඳහා සුවසේ ධර්ම මාර්ගයේ හැසිරීමට​, ධර්මය ඉගෙනීමට අවශ්‍ය 
සියළු පහසුකමක්ම සැපයෙනවා. මහේෂ්ලාගේ මේ උතුම් ධර්ම
 ප්‍රචාරක කටයුතු සර්ථක කර ගැනීමට අපිටත් හැකි පමණින් සහය වෙන්න පුළුවන්නම් 
කොයිතරම් හොඳ ද​..... ඒ තිලොවින් අග්‍ර වූ ධර්ම දානය වෙනුවෙන් නෙ. මෙයාලට ධර්මය 
ප්‍රගුණ කරන්න හදන ගොඩනැගිල්ලට වගේම අවශ්‍ය කරන උපකරණ ආදිය ලබා ගැනීමට පින්වත් ඔබේ 
සහයෝගය 'සද්ධර්මාලෝක පදනම​' පින් සිතින් අපේක්‍ෂා කරනවා. අපේම අය වෙනුවෙන්, අපට 
හැකි පමණින්, ලොවේ යහපත වෙනුවෙන් ඔවුනට අත දෙමු.අපි
 වෙනුවෙන් අපි...... 
'ශ්‍රී සද්ධර්මාලෝක පදනම​'මහේෂ් රත්නසිරි+94 
[email protected]
මහජන බැංකුව​ - යක්කල ශාඛාව (333)333200160011686
SA Mahesh Ratnasiri49/11, PelahalawattaKalagedihenaSri Lanka.
Theruvan Saranai!!!


      

-- 
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us, 
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe

visit this group at 
http://groups.google.lk/group/sricom

***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails, 
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
http://www.srinet.lk/

Reply via email to