පී‍්‍රති ප්‍රමෝදයෙන් දවස ගෙවමුශ්‍රද්ධාවන්ත පින්වතුනි, සියලු දෙනාම වගේ කැමතියි
දවස පුරාම සතුටින් වාසය කරන්න. නමුත් බොහෝ දෙනෙකුට ඒ සතුට උපදවා ගන්ට පුළුවන්කමක්
ලැබෙන්නේ නෑ. ගොඩාක් අය ඉතාම අපහසුවෙන් තමයි දවස ගතකරන්නෙ. නොයෙකුත් ආකාරයේ හිත්
තැවුල් වලින්, හිතේ වේදනා වලින් පීඩා විඳිමින් වාසය කරන බොහෝ අය ලෝකයේ සිටිනවා.ඒකට
හේතුව තමයි, සිතේ අපිරිසිදුභාවය තිබීම. හිතේ
අපිරිසිදුභාවය තිබෙනකල්, තමන්ට සතුටින් ඉන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා
සතුටින් වාසය කරන්ට කැමති කෙනා, සිත පිරිසිදු කරගෙන සුවපත්භාවයට පත්කරගන්නට ඕන.
යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරන්ට පුළුවන් නම්, අන්න එයාට සිතේ තිබෙන
අපිරිසිදු බව දුරුකරගන්ට පුළුවන්කම තිබෙනවා.යමෙක් නිරන්තරයෙන්ම බුදුරජාණන්
වහන්සේගේ ගුණ සිහිකරනව නම්, එයාගෙ සිත අපිරිසිදු වෙන
ස්වභාවයන් ටිකෙන් ටික, ටිකෙන් ටික දුරුවෙලා යන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට සිතේ
අපිරිසිදු බව දුරුවෙන්ට දුරුවෙන්ට එයාට සැප ඇතිවෙන්ට පටන් ගන්නව. යම් කෙනෙකුට සැප
විඳින්න කැමතියි නම්, එයාගෙ සිත පිරිසිදු කර ගන්ට එයාට බුදුරජාණන් වහන්සේගේ ගුණ
සිහි කිරීමෙන් කරන්ට පුළුවන්.ඒ නිසා යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි
පැහැදීමෙන් යුක්තව, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත වූ
සම්බුදු ගුණ සිහිකරනවා නම්, නිතර සිහි කරනවා නම්, එයාට දවස පුරාම පී‍්‍රති
ප්‍රමෝදයෙන් වාසය කරන්ට පුළුවන්කම තිබෙනවා. එයාට ඹද වැඩී ගිය ශරීරයකින් යුක්තව
වාසය කරන්ට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සෙගේ ගුණ හොඳින් තේරුම්
අරගෙන, හොඳින් දැනගෙන, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිකරන්ට කවුරුත්
පුරුදුවෙන්න.අපිට පුළුවනි, ඒ සම්බුදු ගුණ මේ විදියට සිහිකරන්ට. ඒ
භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන
සේක, අනුත්තරෝ පුරිස දම්ම සාරථි වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක,
භගවා වන සේක. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ ඒ අනන්ත වූ සම්බුදු ගුණ නිරන්තරයෙන්
යමෙක් සිහිකරනවා නම්, එයාගෙ සිත ටිකෙන් ටික අකුසලයන්ගෙන් නිදහස් වෙනවා.ඒ සිත
අපිරිසිදු කරන අකුසලයන්ගෙන් සිත නිදහස් වෙන්ට, වෙන්ට සිතේ
පිරිසිදු බව උපදිනව. සිතේ පිරිසිදු බව උපදින්ට උපදින්ට ඒ සිතෙන් අප්‍රමාණ වූ සැප
විඳින්ට එයාට පුළුවන්කම තිබෙනවා. සිතෙන් සැප විඳින කෙනා කයෙනුත් සැප විඳින කෙනෙක්
බවට පත්වෙනවා. සිත පිරිසිදු වෙන්ට පිරිසිදු වෙන්ට ඒ සිතේ තිබෙන විවේකයත් එක්ක කයේ
තිබෙන අපහසුතා පවා දුරුවෙලා ඉතාම සුවපත් වූ කයකින් යුක්තව එයාට වාසය කරන්ට
පුළුවන්කම ලැබෙනවා.එතකොට යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ
කෙරෙහි හොඳින් පැහැදීම ඇතිකරගෙන, ඒ සම්බුදු ගුණ සිහිකරන්ට, සිහිකරන්ට සිත
පිරිසිදුවෙලා ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්තව වාසය කරන්ට එයාට පුළුවන්කම ලැබෙනවා. අපි
මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත්, එයා මේ ජීවිතය
ඉතාම සතුටින් වාසය කරනව.මේ විදිහට මේ ජීවිතය සතුටින් වාසය කරන කෙනාට, මතු ජීවිතයේ
සුගතියේ සැප විඳින්නට පුළුවන් විදිහට පින් රැස්වෙනව. ඒ
විදිහට පින් රැස්කර ගත්තොත්, ඒ පින කාටවත් සොරකම් කරන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. ඒ
පින එයාට ම විපාක පිණිස, සැප අත්කරදෙන්ට උදව් වෙනවා. ඉතින් යම් කෙනෙක් දවස පුරාම
සතුටින් වාසය කරන්ට කැමතියි නම්, ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන්න කැමතියි නම්, මේ
ජීවිතයේ ම සතුටින් වාසය කරන්ට කැමති නම්, මතු ජීවිතයේ සුගතියක ඉපදිලා ප්‍රමාණ රහිත
වූ සැපෙන් වාසය කරන්ට කැමති නම්, එයාට තිබෙන්නේ
බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමයි. ඒ අප්‍රමාණ වූ සම්බුදු ගුණ සිහිකරන කෙනාට
හැමදාම සතුටින් ඉන්ට පුළුවන්කම තිබෙනව.ඉතින් අපි දිගින් දිගටම, නිරන්තරයෙන්ම,
හැමදාම බුදුගුණ සිහිකරමින් වාසය කළොත්, එයාට ඒක නිවන කරාම, නිවන පිණිසම හිත දියුණු
කරගන්ට උදව්වෙන උතුම් වූ භාවනාවක් බවට පත් වෙනව.ඒ නිසා අපි සියලු දෙනාටම හදවතින්ම
ආශිර්වාද කරන්ට කැමතියි, භාග්‍යවතුන් වහන්සේගේ උතුම්
සම්බුදු ගුණ නිරන්තරයෙන් සිහිකරීම පිණිස සියලු දෙනාටම දුරලභ වූ භාග්‍ය
උදාවේවාෟතෙරුවන් සරණයි !පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන්
විසිනි.http://www.dinamina.lk/kalanamithuro
--
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us,
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe
visit this group at
http://groups.google.lk/group/sricom
***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails,
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
http://www.srinet.lk/