දන් දීමෙන් පින් රැස්කර ගනිමුසැප විඳින්ට කැමති කෙනා පුළුවන් තරම් පින් රැස්කරගන්ට
ඕන. ඒකට හේතුව තමයි, ඒ පින මඟින් තමයි සැප උපද්දවල දෙන්නෙ. පිනේ විපාක විදියට සැප
විඳින්ට පුළුවන්කම තියෙනවා. මේ විදිහට සැප ලබන්ට කැමති කෙනාට පින් රැස්කර ගන්ට
පුළුවන් හොඳ විදිහක් තමයි දන්දීම. දන්දීමෙන් පින උපදිනව. ඒ විදිහට පින ඉපදුණොත්, ඒ
පිනේ විපාකයක් විදියට සැප විඳින්ට පුළුවන්කම
තිබෙනව.බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා, ගෙයක් ගිනිගන්න කොට ඒ ගෙදර තිබෙන ඉතා
වටිනා බඩු මුට්ටුවක් ඒ ගිනිගන්න ගෙයින් බැහැර කරගන්නව නම් යම් කෙනෙක්, ආන්න ඒ
බැහැර කරගත්ත දේ අනාගතයේ ප්‍රයෝජනය පිණිස එයාට පවතිනවා. ආන්න ඒ වගේ කියල කියනව, මේ
රාගයෙන් ගිනිගන්න ජීවිතය, ද්වේෂයෙන් ගිනිගන්න ජීවිතය, මෝහයෙන් ගිනිගන්න ජීවිතය
තුළින් යම් දෙයක් ඉතුරුකර ගන්නව නම්, ඒ දන් දීල ඉතුරුකර
ගන්න දේ. ඒ ගිනිගන්න ජීවිතයෙන් බැහැර කර ගත්ත දේ බවට පත්වෙන්නේ, දන්දීම මඟින්
රැස්වෙන පින.ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ, යම් කෙනෙක් දන් දීල එමඟින්
යම් පිනක් රැස්කර ගත්තොත්, ඒ පින එයාට මේ ජීවිතයට වගේම, ඊලඟ ජීවිතයටත්, සැප විපාක
ලබාදෙන්ට පුළුවන් පිනක් බවට පත්වෙනව. හැබැයි දන්දෙනව කියන කාරණාව ඉතා අමාරු දෙයක්.
ඒක ලෙහෙසියෙන් කෙනෙකුට කරන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ
නෑ.ඒකට විශාල වීරියක් ඕන. විශාල කැපකිරීමක් කරල තමයි දන් දෙන්ට පුළුවන්කම
තිබෙන්නේ. දන්දෙන්ට ලෙහෙසියෙන් පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. දැන් බලන්න භාග්‍යවතුන්
වහන්සේ පෙන්වා දුන්නේ, ගෙයක් ගිනිගන්න කොට ඒ ගේ තිබෙන වටිනා දෙයක් බැහැර කරගන්නව
වගේ කියල.ගිනිගන්න ගේකින් යමක් බැහැර කරගන්ට නම් විශාල වීරියක් ඕන, ඒ වගේම
නුවණැත්තෙක් වෙන්න ඕනැ. එහෙම නැත්නම්, ඒ වීරිය නැති නුවණ නැති
කෙනෙකුට ගිනිගන්න ගේ තිබෙන වටිනා දෙයක් බැහැර කරගන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.
අන්න ඒ වගේම තමයි, මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගිනිගන්න ජීවිතේ තුළින් අපට
යමක් ඉතුරු කරගන්ට ලැබනවානම් ලැබෙන්නේ, දන් පැන් දෙමින්, දානය විදිහට යමක් අපි
පරිත්‍යාග කළොත්, එය තමයි ඉතුරු වන්නේ. ඒ සඳහා විශාල වීරියක් නුවණක් වුවමනා
කරනව.යම් කෙනෙක් පින ගැන විශ්වාස කරනවා නම්, පිනේ විපාක ගැන විශ්වාස
කරනවා නම්, අන්න එයාට දන්පැන් දීම පිණිස වීරිය උපදිනව. ඒ විදියට වීරිය ඉපදුණොත්,
එයා තමන්ගේ ජීවිතයට සැප ලබාගන්ට තිබෙන, එහෙම නැත්නම් තමාට පරිහරණය කරන්ට තිබෙන
දේවල් අන් අයගේ සැප පිණිස අත්හරින්ට, පරිත්‍යාග කරන්ට එයා උත්සාහ කරනව.ඒක කරන්ට
එයාට පුළුවන්කම ලැබෙනව. ඒ නිසා අපි සැප කමති අය විදිහට කල්පනා කළ යුතුයි, තමාගේ
ජීවිතය සඳහා පරිහරණය කරන දේවල් අන් අයගේ පරිහරණය උදෙසා, අන්
අයගේ සැප උදෙසා පරිත්‍යාග කරන්ට. තමාගේ වස්තුව අන් අයගේ යහපත පිණිස අත්හරින කෙනාට
සැප පිණිස ඒ අත්හැරීම උපකාර වෙනව. මේ විදිහට අපි දන්පැන් දෙන්ට පුරුදුවුනොත්, ඒක
නියත වශයෙන් ම අපට සැප උපද්දවල දෙන්ට උපකාර වන පිනක් බවට පත්වෙනව.මේ විදියට පින්
කරගන්ට නම්, අපි ඒ පින ගැන හොඳට ඉගෙනගන්ට ඕන. පින කරන ආකාරය ගැනත්, පිනේ විපාක
ගැනත් හොඳින් ඉගෙන ගත්තොත් තමයි අපට පින් කරන්ට හිත නැමෙන්නේ,
පින් කරන්න හිත පිහිටන්නේ. අපිට පින ගැන, පිනේ විපාක ගැන හෙඳින් ඉගෙන ගන්ට
පුළුවන්කම ලැබෙන්නේ පින ගැන අපට කියාදුන්, පිනේ විපාකය ගැන අපට කියාදුන්, ඒ ධර්මය
අහල, ධර්මය හොඳින් ඉගෙන ගත්තොත්. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ තමයි අපට පින ගැන
හොඳින්ම කියාදුන්නේ.ඒ වගේම පිනේ විපාකය ගැන අපට කියා දුන්නෙත් භාග්‍යවතුන් වහන්සේ.
ඉතින් යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන කියා දෙන ඒ
උතුම් ධර්මය හොඳින් ඉගෙන ගෙන, ඒ ධර්මය හොඳින් තේරුම් ගත්තොත් එයාට පින ගැන හොඳට
ඉගෙන ගන්ට පුළුවන්කම තිබෙනව. පිනේ විපාකය ගැන එයාට හොඳට ඉගෙන ගන්ට පුළුවන්කම
තිබෙනවා.මේ විදිහට ධර්මය අහල, ධර්මය ඉගෙන ගන්න කෙනාට, දන්පැන් දීම මඟින් පින් රැස්
කරගන්න ආකාරය ගැන හොඳට ඉගෙන ගන්ට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ විදිහට ධර්මය හොඳින්
අහල, දන්පැන් දෙන ආකාරය, දන්පැන් දීමෙන් පින් රැස්වෙන අකාරය, ඒ
පිනෙන් ලැබෙන සැප ආදී දේ හොඳින් ධර්මය තුළින් ඉගෙන ගත්තොත්, එයා හොඳින් පිරිසිදු
ආකාරයට සකසල දන්පැන් දෙන්ට පුළුවන් කෙනෙක් බවට පත්වෙනව.ඒ විදිහට ධර්මයේ කියා තිබෙන
ආකාරයෙන් සකසා දන්පැන් දුන්නොත් එයාට මහත් වූ පින් රැස් වනව. ආන්න ඒ විදයට පින්
රැස්කරගන්න කෙනා මේ ජීවිතයේත් සැප සේ වාසය කරල, මතු ජීවිතයත් සැප අත්කරගන්ට තරම්
භාග්‍යවන්තයෙක් බවට පත්වෙනව. අපි සියලු දෙනාටම සෙත්
පතන්න කැමතියි, හොඳින් පින්කර ගෙන සැපවත් ජීවිතයක් ගත කරන්ට භාග්‍යවන්තයෝ වේවා
කියල.පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන්
විසිනි.http://www.dinamina.lk/kalanamithuro
--
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us,
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe
visit this group at
http://groups.google.lk/group/sricom
***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails,
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
http://www.srinet.lk/