බුදුන් උපන් දඹදිව ලංකාවයයි මතයක් පතුරවමින් සිය ආත්ම ලාභය පිණිස අඥාණ
සිංහලයන් රවටා එක්තරා ව්‍යාපාරයක් කරගෙන යන පිරිසක් මෑතක පටන් දක්නට ඇත.
ස්වාමින් වහන්සේ නමක් මුල් කරගත් එම පිරිස විසින් දැන් දැන් ෆෙස්බුක් සහ
අන්තර්ජාල ප්‍රචාරයන් පවා දියත් කරමින් සිටී. [
http://helabima.sirisaddharmaya.net/
<https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fhelabima.sirisaddharmaya.net%2F&h=ATNTVRN6M6sCBoliOY06naBe-oWtOqau-ToOzd5YZefJSVKeBmNGKxHqy2YbvW5SjfUC4yVyHTPArDdZ2JoM-t-c7TLpZ76Yh9Ad0Zzua1sg1FKbg-fs7YL7yQ>
][https://www.facebook.com/russarox]


බෞද්ධ ඉතිහාසය පරිදි 2011 වසරේදී අප සැමරූවේ 2600 සම්බුද්ධත්ව ජයන්තියයි. එනම්
බුද්ධත්වය සිදුවී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 589දීය. එසේනම් උප්පතිය ඊට අවුරුදු
35කට කලින් එනම් ක්‍රි.පු. 6වන සියවසේ ආරම්භයට පෙරාතුව සිදුව ඇත. නේපාලයේ
ලුම්බිණි නුවර බුදු උපත සිදුවූ තැන ඉදිකර තිබූ විහාරයේ සිදුකල පුරාවිද්‍යා
කැනීම් මත සිදුකල නූතන විද්‍යාවේ රේඩියෝ-කාබන් ඩේටින්ග් පරීක්ෂණ මගින් පවා එම
කාලය නිශ්චිතවම තහවුරු කර ඇත. [
http://press.nationalgeographic.com/…/11/25/birth_of_buddha/
<http://press.nationalgeographic.com/2013/11/25/birth_of_buddha/>]


ඉතිහාසය තාක්ෂණය භූගෝලය තියා ලංකාවෙ හතර මායිමවත් හරි හැටි නොදන්නා මං මුලාවූ
අසරණයින් පිරිසක් රවටා ඉතිහාසය විකුර්ති කරමින් මේ ගෙන යන ක්‍රියාදාමය
දෙපිරිසටම මෙන්ම අනාගත පරපුරටද මහත් සේ හානිදායක විය හැක. සමහර විට ඔබේ
මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයකු දැනටමත් මේ වංචාවට හසුවී සිටින්නට පුළුවන!

ප.ළි: ඉහත කී පුරාවිද්‍ය සොයා ගැනීමෙන් පසුව බුද්ධ දර්ශනය විකුර්ති කර පසු කලක
නිර්මාණය කල මහායාන වැනි ආගම්වල දක්වන බුද්ධෝත්පාද කාලයද මුසාවක් බව සනාත විය.
[https://www.theguardian.com/…/buddha-birth-archaeology-nepa…
<https://www.theguardian.com/world/2013/dec/01/buddha-birth-archaeology-nepal-durham>
]

Read More: https://goo.gl/gHUNXD,
https://www.youtube.com/watch?v=wuv7kZSCEY8&sns=fb

-- 
*~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~*
http://groups.google.com/group/amadamgagula

-- 
You received this message because you are subscribed to the Google Groups 
"::SN::" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to sricom+unsubscr...@googlegroups.com.
To post to this group, send email to sricom@googlegroups.com.
Visit this group at https://groups.google.com/group/sricom.
For more options, visit https://groups.google.com/d/optout.

Reply via email to