මෙහෙව් කෙනෙක් රටේ ජනපති කල යුතුද?

රටේ පළමු පුරවැසියා වීමට තරඟ වදින සරත් ෆොන්සේකාට වචනයේ කිසිදු සංවර කමක්
නැතිබව පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු විසින්ම මැනවින් ඔප්පු කළේය.

ඌ, පාහරයා, කළවැද්දා වැනි වචන භාවිතා කරමින් තමන්ගේ සහ තම බෑනාගේ ආයුධ සමාගම
පිළිබඳ තොරතුරු හෙලිකල උපුල් ඉලංගන්ගේ ට බැණ වැදුණු සරත් ෆොන්සේකා මුළු රටටම
පෙන්නුම් කලේ විරුද්ධ මත ඉවසා සිටීමට ඔහුට නොහැකි බවයි. වසර 40කට ආසන්න ඔහුගේ
හමුදා සේව‍ා කාලය තුලද ඔහු කිසි විටෙකත් අන් මතයකට ගරු නොකල අතර ඉතා සාධාරණ
කරුණු හමුවේ ඔහුගේ මතයට විරුද්ධ වන්නන්ට සිදුවූයේ හමුදා ‍සේවය හැර යාමටය.

ප්‍රසිද්ධ මාධ්‍යයන් හමුවේ අදහස් ප්‍රකාශ කිරීමේදී ඔනෑම පුද්ගලයෙකු ඉතා
වගකීමෙන් තම අදහස් පල කරන නමුත් සරත් ‍ෆොන්සේකා එම මාධ්‍ය හමුවේදී අදහස් පල කර
ඇත්තේ වෛරයකින් යුක්කව බව පැහැදිලිය.
මෙවැනි වියරුවක් ඇති අයෙක් රටේ පළමු පුරවැසියා වීමට සුදුසුද නැද්ද යන්න තීරණය
කල යුත්තේ රටේ මහජනතාවමය.
-- 
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us, 
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe

visit this group at 
http://groups.google.lk/group/sricom

***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails, 
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
http://www.srinet.lk/

Reply via email to