26 වන දා ඡන්ද පොළවල කලබල...?
 2010 ජනවාරි 15 වෙනි සිකුරාදා, 11:24  lanka C news .
 [image: 
ඊ-තැපැල]<http://www.lankacnews.com/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy5sYW5rYWNuZXdzLmNvbS9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01Nzk6MjYtJmNhdGlkPTE6bGF0ZXN0LW5ld3MmSXRlbWlkPTUw>
 [image:
මුද්‍රණය]<http://www.lankacnews.com/index.php?view=article&catid=1%3Alatest-news&id=579%3A26-&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=50>
 [image:
පී.ඩී.එෆ් 
(PDF)]<http://www.lankacnews.com/index.php?view=article&catid=1%3Alatest-news&id=579%3A26-&format=pdf&option=com_content&Itemid=50>

[image: election-violence]ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 26 වන දා
ඡන්ද පොළ ආශි‍්‍රතව විශාල කලබල ඇති කිරීමට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ
පාර්ශ්වය සැලසුම් කර ඇති බවට අප වෙත තොරතුරු ලැබී තිබේ.
http://www.lankacnews.com/index.php?option=com_content&view=article&id=579:26-&catid=1:latest-news&Itemid=50

මහින්ද රාජපක්‍ෂ මහතාට වැඩි ඡන්ද ප‍්‍රමාණයක් තිබෙන ඡන්ද පොළ ආශ‍්‍රිතව මෙසේ
කලබල ඇති කිරීමට ඔවුන් සූදානම් වී ඇති බවත් මේ සඳහා විශේෂයෙන් තෝරාගත් පිරිසක්
යෙදවීමට නියමිත බවත් දැනගන්නට ඇත. එයට හේතු වී ඇත්තේ කඩකප්පල්කාරී ක‍්‍රියා වලට
මෙයට පෙර මැදිහත් නොවූ සාමාන්‍ය ආධාරකරුවන් යොදා ගත හොත් මෙම සැලසුම් අසාර්ථක
වීමට වැඩි ඉඩක් පැවතීමයි.විශේෂයෙන් පසුගිය 88 - 89 භීෂණ සමය තුළ ජවිපෙ සන්නද්ධ
ක‍්‍රියාකාරකම් වල නිරත වූ මේ වන විට අප‍්‍රකටව සිටින පුද්ගලයන් ගණනාවක්ම මෙම
කටයුත්තට සම්බන්ධ කර ගැනීමට නියමිතව තිබේ.

මීට අමතරව ඡන්ද පෙට්ටි පැහැර ගැනීමේ වැඩපිළිවෙලක් ද මෙයට සමගාමීව ක‍්‍රියාත්මක
කිරීමට විපක්‍ෂ ක‍්‍රියාකාරීන් සැලසුම් කර ඇති බව දැන ගන්නට ඇති අතර එය ඉතා
සූක්‍ෂමව සිදු කිරීමටත් අනතුරුව ඡන්ද පෙට්ටි පැහැර ගත්තේ මහින්ද රාජපක්‍ෂ
මහතාගේ ආධාරකරුවන් බව ඇගවීමටත් සැලසුම් සකස් කර තිබේ.

මේ සඳහා අවශ්‍ය මුදල් ජෙනරාල්වරයාගේ ඡන්ද ව්‍යාපාරය විසින් මේ වන විටත් වෙන් කර
ඇති බවට ද අප වෙත තොරතුරු ලැබී තිබේ.
-- 
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us, 
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe

visit this group at 
http://groups.google.lk/group/sricom

***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails, 
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
http://www.srinet.lk/

Reply via email to