හකීම් හා සමන්ත විද්‍යාරත්න සටනේදී ඇණ ගනියි

පොදු විපක්ෂයේ සංධානගතවී ඇති ජවිපෙ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය උතුර සහ
නැගෙනහිර පළාත් දෙක යලි එක් කිරීම පිළිබඳව මත දෙදෙක සිටින බව එම පක්ෂ
නියෝජිතයින් තහවූරු කළේය.

ඊයේ සිරස රූපවාහිනිය ඔස්සේ විකාෂය වූ “සටන” දේශපාලන වැඩසටහනට ජවිපෙ නියෝජනය
කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ද ශ්‍රී ලංකා මුස්ලිම්
කොන්ග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් සහභාගී වූ අතර
මාධ්‍යවේදීන්යැයි ලෙස මෙම සංවාදයට සහභ‍ාගී වන ශ්‍රී රංගා සහ මරික්කාර් දෙදෙනා
හකීම්ගෙන් සහ විද්‍යාරත්නගෙන් අසන ලද ප්‍රශ්ණ හමුවේ ඔවුන් නිරුත්තර වු බව දැකගත
හැකිවිය.

රාවුෆ් හකීම් පවසා ඇත්තේ තම පක්ෂය උතුර හා නැගෙනහිර පළාත් යලි එක් කිරීම සඳහා
එකඟ බවත් ඒ අනුව ද්‍රවි‍ඩ සංධානය ඉදිරිපත් කර ඇති කොන්දේසි සඳහා තමන් සහයෝගය
දෙන බවත් පවසා ඇත. නමුත් ඊට ප්‍රතිවිරුද්ධ මතයක් පවසන සමන්ත විද්‍යාරත්න
පවසන්නේ තම පක්ෂය උතුර හා නැගෙනහිර යලි ඒකාබද්ධ කිරීම සඳහා විරුද්ධ බවත් පොදු
විපක්ෂයේ මතයද එයම විය යුතු බවයි.
මෙවන් අවුලක් ඇති විපක්ෂයට බලය ලැබුණහොත් රට මහා වියවුලකට පත් වන බවනම්
නොඅනුමානය.
-- 
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us, 
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe

visit this group at 
http://groups.google.lk/group/sricom

***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails, 
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
http://www.srinet.lk/

Reply via email to