http://www.youtube.com/watch?v=U5y4lYKCv5Y

*- අනුර දිසානායක කියයි*

මහින්ද රාජපක්‍ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයේ දී නියත වශයෙන්ම ජයග‍්‍රහණය කරන බව
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සම මාධ්‍ය ප‍්‍රකාශක ජවිපෙ පාර්ලිමේන්තු
මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) ගම්පොළ පැවති ජන රැළියක දී
ප‍්‍රකාශ කළේය. එහිදී ඔහු ජනතාවට කියා සිටියේ රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය
පිළිබඳ දෙගිඩියාවක් තබා නොගන්නා ලෙසයි. ‘‘අද මහින්ද මහත්තයගෙ ජයග‍්‍රහණය
නියතයි. ඒක පිළිබඳ සැකයක් තියා ගන්න එපා. ඒක පිළිබඳ දෙගිඩියාවක් තියා ගන්න
එපා’’ යනුවෙන් ප‍්‍රකාශ කළේය.

ජන රැළියේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා කතා කළේ ජනාධිපතිවරණය
පැවැත්වෙන දිනය ද වරද්දා ගනිමිනි. ‘‘මේ පළාතේ උසස් පොලිස් නිලධාරීන් දෙන්නෙක්
තුන්දෙනෙක් දගලන බව අපිට ආරංචියි. ඡන්දෙට තව දින 26 ක් තියෙනවා. ඔය දෙන්නටත්
හරියට කියන්නේ අපි...(මෙහිදී වේදිකාවේ අසුන්ගෙන සිටි කිහිප දෙනෙක් දිසානායක
මහතාට ඇසෙන සේ ඡන්දයට ඇති දින ගණන ප‍්‍රකාශ කළහ.) තව දින 10 ක් තියෙනවා ඡන්දෙට.
මේ දින 10 ඇතුළෙ තමන්ගෙ තරුවේ තියන වටිනාකම තමන්ගෙ කෝටි එකේ තියෙන වටිනාකම
ගරුත්වය රැකගෙන රාජකාරි කරන්න’’ යනුවෙන් පැවසීය.
-- 
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us, 
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe

visit this group at 
http://groups.google.lk/group/sricom

***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails, 
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
http://www.srinet.lk/

Reply via email to